Sunday, March 08, 2020

සම්මාදිට්ඨිය යනු?


Q. සම්මාදිට්ඨියට ඇතුළත් කරුණු මොනවද?


A. “මහණෙනි, සම්‍යක්දෘෂ්ටිය කුමක්ද? මහණෙනි, මම සම්‍යක්දෘෂ්ටියද දෙපරිදිකොට කියමි. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාකදෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක්දෘෂ්ටියක් ඇත. මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ, ලොකෝත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් දෘෂ්ටියක් ඇත. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇති සම්‍යක් දෘෂ්ටිතොමෝ කවරීද? ‘දුන් දැයෙහි විපාක ඇත. මහාදානයෙහි විපාක ඇත. පුදපඬුරු යැවීමෙහි විපාක ඇත. කුශලා කුශලයන්ගේ විපාක ඇත. මෙලෝ ඇත. පරලෝ ඇත. මවුට කරන යහපත්වූ හෝ අයහපත්වූ කටයුතුවල විපාක ඇත. පියාට කරන යහපත්වූ හෝ අයහපත්වූ ක්‍රියාවල විපාක ඇත. චුතව උපදින සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේම විශෙෂ ඥානයෙන් දැන ප්‍රකාශ කරද්ද, එබඳු මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ (සර්වඥ බුදුවරු) ඇත. මහණෙනි, මේ ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් දෘෂ්ටියයි.
“මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් දෘෂ්ටිය කවරීද? මහණෙනි, ආර්‍ය්‍යවූ චිත්තයෙන් ආශ්‍රවරහිත චිත්තයෙන් ආර්‍ය්‍යමාර්ගයෙන් යුක්තවූවහුගේ ආර්‍ය්‍ය මාර්ගය වඩන්නහුගේ යම් ප්‍රඥාවක් වන්නීද, ප්‍රඥෙන්ද්‍රියයක් වේද, ප්‍රඥාබලයක් වේද, ධම්මවිචය සම්බොජ්ඣංගයක් වේද, සම්‍යක් දෘෂ්ටියක් වේද, මාර්ගාංගයක් වේද, මහණෙනි, මේ නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකොත්තරවූ මාර්ගාංගයක්වූ සම්‍යක් දෘෂ්ටියයි.”

A. එහි (ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි) සම්‍යග්දෘෂ්ටි කවරෙ යත්: දුඃඛසත්‍යයෙහි ඥාන යැ, දුඃඛසමුදයසත්‍යයෙහි ඥාන යැ, දුඃඛනිරෝධසත්‍යයෙහි ඥාන යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි ඥාන යි. මේ ‘සම්‍යග්දෘෂ්ටි’ යි කියනු ලැබේ.

A. එහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: මාර්ගාඞ්ග වූ මාර්ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් (අනිත්‍යාදිය) විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් (අනිත්‍යාදීන්ගේ ලක්ෂණ වශයෙන්) සැලකීමෙක් උපලක්ෂණයෙක් ප්‍රත්‍යූපලක්ෂණයෙක් පණ්ඩිත බවෙක් කුසල බවෙක් නිපුණ බවෙක් (අනිත්‍යාදීන්ගේ) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්ෂාවෙක් භූරිප්‍රඥාවෙක් මේධා (ධාරණප්‍රඥා) වෙක් පරිණායිකාවක් විදර්ශනාවක් සම්‍යග්ඥානයෙක් (ප්‍රඥා) පතෝදයෙක් ප්‍රඥාවක් ප්‍රඥේන්ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රෙයක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා ආලෝකයෙක් ප්‍රඥා අවභාසයෙක් ප්‍රඥා ප්‍රද්‍යෝතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් සිව්සස් දහම් විමසීමෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්මවිචය සම්මොබාධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.

1. සම්මා දිට්ඨි සූත්‍රය.
2. මහා චත්තාරීසක සූත්‍රය.

{"තත්‌ථ කතමා සම්‌මාදිට්‌ඨි? දුක්‌ඛෙ ඤාණං, දුක්‌ඛසමුදයෙ ඤාණං, දුක්‌ඛනිරොධෙ ඤාණං, දුක්‌ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං – අයං වුච්‌චති ‘‘සම්‌මාදිට්‌ඨි’’.
තත්‌ථ කතමා සම්‌මාදිට්‌ඨි? යා පඤ්‌ඤා පජානනා විචයො පවිචයො ධම්‌මවිචයො සල්‌ලක්‌ඛණා උපලක්‌ඛණා පච්‌චුපලක්‌ඛණා පණ්‌ඩිච්‌චං කොසල්‌ලං නෙපුඤ්‌ඤං වෙභබ්‍යා චින්‌තා උපපරික්‌ඛා භූරී මෙධා පරිණායිකා විපස්‌සනා සම්‌පජඤ්‌ඤං පතොදො පඤ්‌ඤා පඤ්‌ඤින්‌ද්‍රියං පඤ්‌ඤාබලං පඤ්‌ඤාසත්‌ථං පඤ්‌ඤාපාසාදො පඤ්‌ඤාආලොකො පඤ්‌ඤාඔභාසො පඤ්‌ඤාපජ්‌ජොතො පඤ්‌ඤාරතනං අමොහො ධම්‌මවිචයො සම්‌මාදිට්‌ඨි ධම්‌මවිචයසම්‌බොජ්‌ඣඞ්‌ගො මග්‌ගඞ්‌ගං මග්‌ගපරියාපන්‌නං – අයං වුච්‌චති ‘‘සම්‌මාදිට්‌ඨි’’.
තත්‌ථ කතමා සම්‌මාදිට්‌ඨි? ඉධ භික්‌ඛු සම්‌මාදිට්‌ඨිං භාවෙති විවෙකනිස්‌සිතං විරාගනිස්‌සිතං නිරොධනිස්‌සිතං වොස්‌සග්‌ගපරිණාමිං, සම්‌මාසඞ්‌කප්‌පං භාවෙති…පෙ.… සම්‌මාවාචං භාවෙති…පෙ.… සම්‌මාකම්‌මන්‌තං භාවෙති…පෙ.… සම්‌මාආජීවං භාවෙති…පෙ.… සම්‌මාවායාමං භාවෙති…පෙ.… සම්‌මාසතිං භාවෙති…පෙ.… සම්‌මාසමාධිං භාවෙති විවෙකනිස්‌සිතං විරාගනිස්‌සිතං නිරොධනිස්‌සිතං වොස්‌සග්‌ගපරිණාමිං.
තත්‌ථ කතමා සම්‌මාදිට්‌ඨි? ඉධ භික්‌ඛු යස්‌මිං සමයෙ ලොකුත්‌තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට්‌ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්‌තියා විවිච්‌චෙව කාමෙහි…පෙ.… පඨමං ඣානං උපසම්‌පජ්‌ජ විහරති දුක්‌ඛපටිපදං දන්‌ධාභිඤ්‌ඤං, යා තස්‌මිං සමයෙ පඤ්‌ඤා පජානනා…පෙ.… අමොහො ධම්‌මවිචයො සම්‌මාදිට්‌ඨි ධම්‌මවිචයසම්‌බොජ්‌ඣඞ්‌ගො මග්‌ගඞ්‌ගං මග්‌ගපරියාපන්‌නං – අයං වුච්‌චති ‘‘සම්‌මාදිට්‌ඨි’’. අවසෙසා ධම්‌මා සම්‌මාදිට්‌ඨියා සම්‌පයුත්‌තා…පෙ.… අවසෙසා ධම්‌මා සම්‌මාසඞ්‌කප්‌පෙන සම්‌පයුත්‌තා…පෙ.… අවසෙසා ධම්‌මා සම්‌මාවායාමෙන සම්‌පයුත්‌තා…පෙ.… අවසෙසා ධම්‌මා සම්‌මාසතියා සම්‌පයුත්‌තා.
තත්‌ථ කතමා සම්‌මාදිට්‌ඨි? ඉධ භික්‌ඛු යස්‌මිං සමයෙ ලොකුත්‌තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට්‌ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්‌තියා විවිච්‌චෙව කාමෙහි…පෙ.… පඨමං ඣානං උපසම්‌පජ්‌ජ විහරති දුක්‌ඛපටිපදං දන්‌ධාභිඤ්‌ඤං, තස්‌මිං සමයෙ ඵස්‌සො හොති…පෙ.… අවික්‌ඛෙපො හොති. ඉමෙ ධම්‌මා කුසලා. තස්‌සෙව ලොකුත්‌තරස්‌ස කුසලස්‌ස ඣානස්‌ස කතත්‌තා භාවිතත්‌තා විපාකං විවිච්‌චෙව කාමෙහි…පෙ.… පඨමං ඣානං උපසම්‌පජ්‌ජ විහරති දුක්‌ඛපටිපදං දන්‌ධාභිඤ්‌ඤං සුඤ්‌ඤතං, යා තස්‌මිං සමයෙ පඤ්‌ඤා පජානනා…පෙ.… අමොහො ධම්‌මවිචයො සම්‌මාදිට්‌ඨි ධම්‌මවිචයසම්‌බොජ්‌ඣඞ්‌ගො මග්‌ගඞ්‌ගං මග්‌ගපරියාපන්‌නං – අයං වුච්‌චති ‘‘සම්‌මාදිට්‌ඨි’’.}


No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...