නිවන් දකින්න උපකාර පිණිස බුදුරජාණන්වහන්සෙ අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් කමටහනක් පෙන්නනව. ආධ්‍යාත්මික, බාහිර ආයතන ධර්මානුකූලව නුවණින් බලමින් වාසය කරන්න කියල. කොහොම ද ආධ්‍යාත්මික බාහිර ආයතන ධර්මානුකූලව බලමින් වාසය කරන්නෙ?
චක්‌ඛුඤ්ච පජානාති, ඇහැ දැනගන්න, රූපෙච පජානාති, රූපය දැනගන්න. මේ දෙදෙනා නිසා යම් සංයෝජනයක් උපදිනව නම් ඒකත් දැනගන්න. නූපන් සංයෝජනය උපදින හැටිත්, උපන් සංයෝජනය දුරු කරන හැටිත්, නූපන් සංයෝජනය නූපදවන හැටිත් දැනගන්න.
මෙතන දි මම එක ආයතනයක් දීර්ඝ වශයෙන් විස්‌තර කරන්නම්. ඒ අනුසාරයෙන් ඉතුරු ආයතන ටික ඔක්‌කොම දැනගන්න. චක්‌ඛුඤ්ච පජානාති කියපු න්‍යාය මයි. අර්ථය ඒ සමාන මයි.
පජානාති කියන්නෙ නුවණින් දැනගන්න ඕන කියන එක. කොහොම ද අපි ඇහැ දැනගන්න ඕන? අපි දන්නා වූ, අපි දක්‌නා වූ, අපි හිතාගෙන ඉන්න විදියට නෙමෙයි. බුදුරජාණන් වහන්සෙ දේශනා කරනවා ඇහේ නියම ස්‌වභාවය. අන්න ඒ විදියට යම් කිසි කෙනෙක් දන්නව නම් තමයි චක්‌ඛුඤ්ච පජානාති කියන්නෙ. ඇත්ත ඇති හැටියෙන් දැක්‌කමයි අපට බොරුව අහු වෙන්නෙ. මේක තමයි සංයෝජනය කියල අහුවෙන්නෙ එතකොටයි.
ඇහැ කියන්නෙ සතර මහා ධාතූන් නිසා හටගත්ත උපාදාය වූ රූපයක්. ඒක ආධ්‍යාත්මිකයි. අනිදස්‌සනං, කවදාවත් දකින්න බැරි එකක්. අතීතයෙ දි අපිට අපේ ඇහැ පෙනිලත් නැහැ. දැන් ද ඇහැ පෙනෙන්නෙ නැහැ. ඇහෙන් හැම දෙයක් ම බලන්න පුළුවන් වුණාට ඇහැට ඇහැ බලන්න පුළුවන් ද? බැහැ. එතකොට හොඳට තේරුම් කරගන්න ඕන ඇහැ කියන එක කවදාවත් ම දැකල නැති බව.
ඊට පස්‌සෙ ඇහැ කියන එක පෙර නො තිබී ම හටගෙන ඉතුරු නැතු ව ම නැති වෙන එකක්. ඇහැ කියන එකේ ලක්‌ෂණ තමයි, ආධ්‍යාත්මිකයි, ඒ කියන්නෙ තමා තුළ පවතින එකක්. දකින්න බැරි එකක්. ගැටෙන එකක්, පෙර නො තිබී ම හටගන්න එකක්. ඉතුරු නැතු ව ම නැති වෙන එකක්. අවිද්‍යාවෙන් හටග්න්න, කර්මයෙන් හටගන්න, තණ්‌හාවෙන් හටගන්න, ආහාරයෙන් හටගන්න එකක් කියල බුදුරජාණන් වහන්සෙ පෙන්නුව.
ඊට පස්‌සෙ රූපෙච පජානාති, බාහිර රූපය නුවණින් දකින්න. බාහිර රූපය කියන කොට සතර මහා ධාතූන් ගේ උපාදාය රූපයක් වූ, සනිදස්‌සනං, දකින්න පුළුවන්. නිල් කහ රතු කොළ වගේ නොයෙක් වර්ණ පෙනෙන බව උදාහරණයක්. ඒ රූපයෙ ස්‌වභාවයත් පෙර නො තිබී ම හටගන්නව, ඉතුරු නැතු ව ම නැති වෙනව. ඒ රූපය බාහිරයි. එය ද අවිද්‍යා, කර්ම, ආහාර කියන ප්‍රත්‍යයන් ගෙන් හටගත් එකක් කියල උන් වහන්සෙ පෙන්නුව.
දැන් එතන දි පොඩි ධර්මතාවක් තියෙනව බලන්න. මේ රූපය කියන එක වර්ණ සටහනක්. වර්ණ රූපයක්. රූපංච පජානාති කියනකොට රූපය වර්ණ සටහනක් කියල තේරුම් ගන්න ඕන.
මෙන්න මේ ඇහැයි රූපයයි දෙදෙනා තේරුම් ගත්තහ ම පුළුවන් ඒ දෙදෙනා නිසා උපන්න සංයෝජනය හඳුනගන්න. ඇහැට පෙනෙන්නෙ අර කියපු විදියේ රූපයක් විතර මයි. මෙතන දි රූපය කියනකොට බිත්තියක ඇඳපු මහ විශාල චිත්‍රයක් වගේ. චිත්‍රයක් කියන්නෙ වර්ණ සටහනක්. දැන් ඔය චිත්‍රය ඇතුළෙ නොයෙක් නොයෙක් බඩුමුට්‌ටු තියෙන්න පුළුවන් ද? ගෙවල් දොරවල්, ළිං, කළ, මුට්‌ටි, මිනිස්‌සු තියෙන්න, ඉන්න පුළුවන් ද? චිත්‍රයක් ඇතුළෙ ඉන්න පුළුවන් ද බැරි ද? ඉන්න බැහැ. චිත්‍රෙ නම් චිත්‍රෙ ම නෙ?
ඔන්න බලන්න බුදුරජාණන්වහන්සෙ පෙන්නනව, මේ ලෝකෙ චිත්‍ර මිස කාමය නෙමෙයි. සංකප්ප රාගො පුරිසස්‌ස කාමො, කාමය කියල කියන්නෙ පුද්ගලය ගෙ සංකල්පනාව. සංකල්ප වශයෙන් උපදින රාගයයි කාමය. දැන් විශාල චිත්‍රයක් තියෙනව නම් මේ චිත්‍රය දිහා බලාගෙන අන්න ගහක්, අන්න මනුස්‌සයෙක් කියල අපිට හිතන්න බැරි ද? පුළුවන්. මනුස්‌සයෙක් ගහක් කියල හිතුවට එතන චිත්‍රයට මොකද වුණේ? චිත්‍රය චිත්‍රය මයි. චිත්‍රයට ගහක් හෝ මනුස්‌යෙක් ඉන්නව ද? නැහැ. චිත්‍රය ගහක් හෝ මනුස්‌සයෙක් හෝ කරන්නෙ කවුද? අපි. කාමය කියන්නෙ සංකප්ප රාග වශයෙන් උපදවගන්න එකක්.
අපි හිතමු මේ මොහොතෙ දි අපිට මේ පෙනෙන දේ මේ විදියට ම ඡායාරූපයකට නඟල එල්ලුවොත්, ඔය ඡායාරූපයෙ සත්ත්වයො හෝ පුද්ගලයො හෝ ඉන්න පුළුවන් ද? බැහැ. එහෙනම් මේ දැනුත් ඇහැට පෙනෙන්නෙත් ෆොටෝ එකක්. මේ ෆොටෝ එකේ ඇතුළ ඇත්ත වෙලා, සත්ත්වයෝ පුද්ගලයෝ මේ ෆොටෝ එකේ ඉන්නව කියල අපිට දැනෙන මට්‌ටමට තමයි සංයෝජන කියන්නෙ. කාම රාග සංයෝජන.
අර බිත්තියෙ ඇඳපු චිත්‍රය ඇතුළෙ මිනිස්‌සු ගෙවල් දකින්න පුළුවන් නෙ. ඒ විදිය මයි මේ ඇත්තයි කියල අපි හිතාගෙන ඉන්න "චිත්‍රය” ඇතුළෙත් අපි මනුස්‌සයො දකිනව, ගෙවල් දකිනව. මේ ඇත්තයි කියල අපි හිතාගෙන ඉන්න වෙලාවෙ දිත්, අර වෙලාවෙ දිත් සිද්ධිය එක මයි. එතකොට රූපෙච පජානාති කියනකොට හොඳට දැනගන්න ඕන ඇහැට පෙනෙන්නෙ වර්ණ සටහනක් විතරමයි. ඒ වර්ණ සටහන පෙනෙන කොට මේ මනුස්‌සයෙක්, මේ ගහක්, මේ ගෙයක් කියල ඒ ඒ හැඩ සටහන් හිතෙන් සිහි කරල, මිල කරල, බඩු භාණ්‌ඩ හදල තියෙන්නෙ අපි. චිත්‍රෙ ඇතුළෙ නොයෙක් බඩු භාණ්‌ඩ හදල තියෙන්නෙ අපි නෙමෙයි ද? අපි තමයි. චිත්‍රෙ චිත්‍රෙ මයි. ඒ වගේ මේ දැනුත් චිත්‍රෙ වගේ කියල හඳුනගන්න.
කැමරාවක් අරගෙන මේ වෙලාවෙ පෙනෙන දේ මේ විදියට ම ඡායාරූපයට නඟන්න බැරි ද? පුළුවන්. දැන් ඇහැට පෙනෙන මට්‌ටමයි කැමරා කාචයට අහු වුණේ. එහෙනම් ඇහැට පෙනෙන්නෙත් ෆොටෝ එකක් විතර මයි. ෆොටෝ එක ඇතුළෙ පුද්ගලයො, සත්ත්වයො ඉන්නව කියන හැගීමක් ඇති වෙනව නම් ඇති වෙල තියෙනව නම් ඇහෙන් බලන කොට සත්ත්තවයො පුද්ගලයො ඉන්නව කියල හැගීමක් ඇති වෙනව නම් ඇති වෙලා තියෙනව නම් අන්න ඒක දැනගන්න, මොකක් කියල ද? කාම රාග සංයෝජනය.
බුදුරජාණන්වහන්සෙ පෙන්නුව ඇහැ කවදාවත් දකින්න බැහැ. ඒ වගේ ම ඒක තමා තුළ වූවක්. ඒ වගේ ම පෙර නො තිබීම හටගෙන ඉතුරු නැතු ව නැති වෙනව කියල. ඇහේ ඇත්ත එහෙම පෙන්නුව ම අපිට තේරෙන්න ඕන ඇහැ බලන්න පුළුවන් කියල අපිට හිතෙන මට්‌ටමක් තියෙනව නම් මෙන්න මේක තමයි සංයෝජනය කියල. ඉඳගන්න, හිටගන්න, නිදාගන්න, ඇවිදින හතර ඉරියව්වෙ දි ම ඇහැක් තියෙනවා කියල දැනෙන මට්‌ටම තමයි සංයෝජනය.
ඇහැ පෙර නො තිබී ම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් වුණත්, ඇති බවට වැටහෙන එක තමයි කෙලේසය. අපේ ඇහැ බාහිරින් දකින්න පුළුවන් කියල හිතෙනව නෙ කණ්‌ණාඩියෙන් බලනකොට. එහෙම නැත්නම් ෆොටෝ එකකින් අපේ ඇහැ දකින්න පුළුවන් කියල හිතෙනව නේ. ඒ දකින්න පුළුවන් කියල හිතෙන ටික තමයි කෙලේසය. මෙන්න මේ විදියට ඇහැ ගැන තේරුම් කරගන්න ඕන.
අයොනිසො මනසිකාරය නිසා මේ සංයෝජන ඇති වෙනව. යොනිසො මනසිකාරය පැවැත්වීමෙන් සංයෝජන නැති කරන්න පුළුවන්. මේ විදියට ඇහෙන් පෙනෙන දේ වගේ ම කනට ඇහෙන දේත් සොතංච පජානාති, සද්දෙච පජානාති. සද්දයක් ඇහුණොත් ඒකත් චිත්‍රයක් වගේ. මේ ගිරවෙක් ගේ සද්දෙ, කපුටෙක් ගේ සද්දෙ, බල්ලෙක් ගේ සද්දෙ කියල ශබ්දය එක එක දේවලට හදන්නෙ අපි හිතෙන්. එතකොට තමයි සද්දෙ කාම වෙන්නෙ.
අපි නිකමට කියමු අපිට මොනව හරි සද්දයක් ඇහෙනව. අපේ භාෂාව නො තේරෙන අන් භාෂාවක කෙනකුටත් ඒ සද්දය ඇහුණොත්? සද්දය අහෙන මට්‌ටම, සොත විඤ්ඤාණය විඤ්ඤෙය (දැනෙන්න) වෙන මට්‌ටම දෙන්නට ම එකයි. ඒත් අසවලා මෙහෙම කිව්ව කියල මැවෙන්න දෙයක් එයාට නැහැ. මේ සද්දය අරභයා අපි හදාගත් දේවල් තමා බල්ල ගෙ සද්දෙ, කපුට ගෙ සද්දෙ, ගිරව ගෙ සද්දෙ කියන එක. සද්දය “කෙනෙක් ගෙ” කියල දැනුණොත් හොඳට දැනගන්න ඒ ශබ්දය අරභයා ඇති වූ සංයෝජනයයි.
ඒ වගේ ගන්ධය (නාසය), රසය (දිව), ස්‌පර්ශය (කය), ධර්මාරම්මණ (මනස) ඇතුළු ආයතන හය ම එහෙමයි. මෙන්න මේ විදියට ආයතන ටික ගැනත් දන්නව, ඒ නිසා ඇති වන සංයෝජන ගැනත් දන්නව. එතකොට සත්ත්ව නො වූ පුද්ගල නො වූ ආයතන ටික පමණක් ඉතුරු වෙනව. මේ ආයතන හය ඇසුරු කරගෙන තමන් තුළ ඇති කරගත්තු සංයෝජන මාත්‍රයක් විතරයි සත්ත්ව පුද්ගල ආත්ම කියන හැගීම කියල ආයතන ටික වෙන ම පැත්තකටත් සත්ත්ව පුද්ගල ආත්ම ස්‌වභාවය වෙන ම පැත්තකටත් එනව.
මෙන්න මේ විදියට තමන් තුළත් අනුන් තුළත් ආයතන ටිකේ ආයතන ලක්‌ෂණ හොඳට දැනගන්නව. ආයතන කෙනෙක් ගෙ ය, ආයතන කෙනෙක් ය කියන හැගීම මනස පිළිබඳ වූවක්. ඒක සංයෝජනයක් කියල ඒ ධර්මතා ටික වෙන ම දකිනව. මේ විදියට ආයතන ටිකයි සංයෝජන ටිකයි වෙන වෙන ම දැක්‌කහම මේ ආයතන කිසිවක් සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් කියල ගන්නෙ නැහැ. ඇහැ මගේ රූපෙ මගේ කියල ගන්නෙ නැහැ. ඇහැ වෙනමත් මගේ කියන හැගීම වෙනමත් තේරෙනව. ආයතන ටික වෙන ම දැක්‌කහම සංයෝජන වෙන ම දැක්‌කහම ඒ ස්‌කන්ධ ටිකත් කෙලෙස් ටිකත් වෙන් වෙන් කරල තේරෙනව. එතතකොට කෙලෙසුන් ගෙන්, සංයෝජනයන් ගෙන්, හැගීම්වලින් මේ ආයතන ටික පරාමර්ශනය කරන්නෙ නැහැ. ආයතනයන් ගේ ආයතන ලක්‌ෂණ පමණක් ඉතුරු වෙලා සත්ත්ව පුද්ගල හැගීම මනෝ විඤ්ඤාණ සම්පස්‌සයෙන් උපදින හැගීම් මාත්‍රයක් ය කියන නුවණ ඇති වුණහ ම මේ ධර්මතා දෙක වෙන් වෙනව.
ඔන්න ඔය මට්‌ටමට එනකොට තමන් ගෙ හිතට ලොකු ප්‍රීතියක් ලොකු ප්‍රමෝදයක් ඇති වෙනව. ඒ ප්‍රීති ප්‍රමෝදය නිසා ම හිත කය දෙක සංසිඳිල, සැප සහගත වෙල, හිත සමාධිගත වෙලා, ඇත්ත දැකල කලකිරිලා, කෙලෙසුන් ගෙන් ආස්‍රවයන් ගෙන් මිදෙනව.
මෙන්න මේ විදියට ආයතනයන් පිරිසිඳ දැකලත් මේ සසරින් මිදෙන්න හැකි බව බුදුරජාණන්වහන්සේ දේශනා කළා.
පූජ්‍ය මාන්දන්කඩවල සුදස්‌සන හිමියන්ගේ ධර්ම දේශනයක් ඇසුරිණි.
නමෝ බුද්ධාය...!!!
තෙරුවන් සරණයි

No comments:
Post a Comment