අදින්නාදානා
යනුවෙන් සඳහන් කළොත්, සොරකම් නොකර සිටිනවා පමණයි
බොහෝවිට අප සිතන්නේ.
නමුත්, මෙතැන දී දක්වනවා,අදින්නාදානං
පහාය ‘අදින්නාදානව දුරු කරලා, අදින්නාදානාවෙන්
වැළකිලා, අදින්නාදානා පටිවිරතොහොති දින්නපාටිකංඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති එවිට අදින්නාදායී දීපු
දෙයක් පමණයි, ඔහු ගන්නේ. සිතෙන්
ඉවසන්නේ. සිතෙන් ගන්නේ. නුදුන් දෙයක් ගන්න සිත යොමු
කරන්නේවත් නැහැ. මෙලෙස ‘සුචිභූතෙන’ පිරිසුදු පැවැත්මෙන් පිරිසුදු ලෙස ඔහු වාසය
කරනවා. මෙයින් අපට පේනවා, මේ
ශාසනයේ සිල්වත් වන කෙනා කෙතරම්
සීලයකින් යුක්ත වෙනවාද? කියන කාරණය. ඔහු
කායික, වාචසික සංවරයට පත්වනවා සේ ම මානසික
සංවරයට පවා පත්වෙනවා ශීලයෙන්.
මෙලෙස භික්ෂූන් වහන්සේ නමකට අදාළ චතුර්විධ
සීලය පිළිබඳ අදහස් කරනවා. ප්රාතිමෝක්ෂ සංවර
සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව
පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍යසංයුශි‍්‍රත
සීලය ආදී භේදයන්ගෙන් අපට
බෙදා දක්වන්නට පුළුවන් විදිහට මේ ශාසනයට පැමිණි
උත්තමයා සීලයකින් යුක්ත වෙනවා. ඒ උත්තමයා මනා
කොට ‘ඉමිනා අරයෙන සීලක්ඛන්දෙන සමන්නාගතෝ’ මෙලෙස උතුම් ශීලක්ඛන්ධයකින් යුක්ත වෙනවා. මෙලෙස සිටින උත්තමයා දැන් සුදුසු කුමක්
කරන්න ද? වනාන්තරයකට පිවිසී
මුලක් අසලට, පර්වතයක් අසලකට පිවිසී, හුදෙකලා වෙලා ‘උජුංකායං පණිදාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා’ කල්
පෙරටු කරගෙන , සිහිය පෙරටු කරගෙන එයා අභිජ්ඣංග ලොකෙ
පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති’ අභිධ්‍යාව දුරු කරලා, විෂම
ලෝභය දුරු කරලා, නිවැරැදි
චේතනාව පිණිස එබදු තැනැත්තා උත්සාහවත්
වෙන කෙනෙක් බවට පත් වෙනවා.
දැන් ඒ තැනැත්තා නීවරණයන්ගෙන්
හිත දුරු කරන්න උත්සාහවත්
කෙනෙක් බවට පත්වෙනවා. ඒ
නීවරණයන්ගෙන් සිත පරිසුදු කරන්නට
පුළුවන් කෙනෙක් බවට පත්වෙද්දී ඒතැනැත්තා
කුමකට පත්වෙලා සිටියා ද? එයා හොඳ
සිල්වතෙක් බවට පත්වෙලා තිබුණා.
එහෙමනම්, මේ ශාසනයේ පළමුවෙනි
ම තැන තමයි, සීලය.
අපට මෙතැන ඉතාමත් ම වැදගත් කාරණයක්
දැක්වෙනවා. මෙලෙස කතා කරන්නේ බණ
අසපු කෙනෙක් ගැන යි. එයින්
අදහස් කරන්නේ , මාර්ග ඵලයකට පත්වුණා කියන එක නො
වෙයි, මේ ශාසනයේ ධර්මය
අසලා යම් තරමකට සම්මා
දිට්ඨියක් ඇති කරගත් කෙනෙක්.
එසේනම්, ඒ ධර්මය ගැන
දැක්මක් තියෙන කෙනා, ධර්මය අවබෝධ කිරීම සඳහා ඊළඟට ගන්නා
ක්‍රියා මාර්ගය වන්නේ ඒ තැනැත්තා සිල්වතෙක්
බවට පත් වීම යි.
සිල්වතෙක්බවට පත් ව තමාගේ
සීලය පිළිබඳව තමන් නිවැරැදි බවට
පත්වෙන කොට, මෙලෙස කාලයක
සිට ම සිල්වත්ව ඊට
පසුව සමාධිය වඩන්න ඕනේ කියනවා නො
වෙයි. කෙනෙකුට පුළුවන්, බොහොම ඉක්මනට සීලයක් සමාදන් ව සමාධිය වඩන්න,
ඇතැම්විට එකම මොහොතක වුණත්.
මෙලෙස සීලයකින් යුක්ත පුද්ගලයා හුදෙකලා ස්ථානයක් ඇසුරු කරමින්, නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසුදු කරනවා,
එවිට, ‘සො ඉමෙ පඤ්චනීවරණෙ
පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ’ ඒ තැනැත්තා පංචනීවරණ
ධර්මයන් ප්‍රහාණය කර, උපක්ලේෂ ධර්මයන්
ප්‍රඥාවෙන් දුර්වල කරලා, එබඳු තැනැත්තා ‘විවිච්චේහි
කාමෙහි’ කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන් ව ප්‍රථම
ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා.
No comments:
Post a Comment