Showing posts with label Ajahn Chah. Show all posts
Showing posts with label Ajahn Chah. Show all posts

Sunday, April 12, 2020

සිතට ආහාර (Foods for the Heart) - පූජ්‍ය අචාන් චා හිමියන්

භික්ෂු ශාසනය ගැනත්, පුහුණුවේ ප්‍රවාහකයක් වශයෙන් එහි ඇති ප්‍රයෝජනය ගැනත් අවධාරණයෙන් පවසා සිටීම පූජ්‍ය අචාන්චා  හිමියන්ගේ  ඉගැන්වීම් වල  විශිෂ්ට  ලක්ෂණයකි.  මේ  තුළින් සාමාන්‍ය ගොවියාගේ සිට විශ්ව විද්‍යාල මහාචාය්‍යවරයා දක්වා සමාජයේ විවිධ තරාතිරම් වල මිනිසුන් සමග අදහස් හුවමාරු කර ගැනීමට හැකි වන පරිදි ගිහි  පුද්ගලයන්ට ඉගැන්වීම  සඳහා උන්වහන්සේ තුළ පැවැති සුවිශේෂ හැකියාව බැහැර කරලීමක් අදහස් නොකෙරේ. තායිලන්තය මෙන් ම ඉන්පසු එංගලන්තය, ඕස්ට්‍රේලියාව,  යුරෝපය  ආදී  රටවල  පවා  උන් වහන්සේ  වටාගොඩ නැගුණු සෙනසුන්වලින් අචාන් චා හිමියන්ගේ ඉගැන්වීම් වලත්,සංඝ සමාජ පිහිටුවීමේත් ප්‍රතිඵල මොනවට දිස්වෙයි. දීඝකාලීන ප්‍රතිඵල ලැබීම සඳහා භික්ෂු ශාසනය බටහිර රටවල පිහිටුවීමේ අවශ්‍යතාවය උන්වහන්සේ කල් තියා ම දැන සිටි සේක.

මෙම  පොත තායිලන්තයේ සෙනසුන් ගත ව සිටි පිරිස් සඳහා උන්වහන්සේ විසින් පවත්  වනු  ලැබූ  දේශනාවන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි. එම දේශනාවන්ට ඇතුළත් වී ඇත්තේ තමන් වහන්සේගේ ම සෙනසුන වූ වට්බා පොං අරණෙහි හා ඊට අයත් ශාඛාවලත් වැඩ සිටි භික්ෂූන් සඳහා දෙන ලද අවවාද සහ අනුශාසනාවන්ය.එම කරුණ මෙම පොත කියවන ගිහිපාඨකයාගේ සිතෙහි තබා ගත යුත්තකි. බුදු දහම ගැන හෝ භාවනා පුහුණුව ගැන හැඳින්වීමක් ලබා දී  ම මෙම දේශනා පැවැත්වීම තුළින් අදහස් නො කෙරේ. ඇත්ත වශයෙන් එය එසේවිය නො හැක.  සෙනසුන් දිවිය ගැනත් ඒ තුළින් එක් එක් අවස්ථාවේ පැන නැගි ගැටළු ගැනත් ප්‍රධාන වශයෙන් සඳහන් කරමින් පවත් වන ලද මෙම දේශනාවන් සෙනසුන් දෙසුම් විය.මේවාට සවන් දෙන්නවුන් තුළ බුදු දහම සම්බන්ධයෙන් මූලික දැනීමක් තිබීම අපේක්ෂා  කෙරුණි. අනුකූලතාවය  ගැනත්,නෛෂ්ක්‍රම්‍යය ගැනත් අවධාරණය කෙරෙමින් පවත්වන ලද මෙම දේශනයන්ගෙන් බොහොමයක් ගිහි පාඨකයන්ට අමුතු ආකාරයේ දේවල් ලෙස පෙනීමට ඉඩ ඇත. එසේ ම ඒවා තමන් තුළ පසුබෑමක් ඇතිකර විය හැකි දේවල් වශයෙන් ද පෙනීමට ඉඩ ඇත.

එසේ වුව හොත් අචාන් චා හිමියන් විසින් මෙම දේශනයන් පවත්වනු ලැබූ පරිසරය ගැන ගිහි පාඨකයා තම මතකයට නංවා ගැනීම අවශ්‍ය වෙයි.මෙම දේශනාවන් පවත්වනු ලැබූයේ තායිලන්තයේ භාවනාචාය්‍යවරුන් රාශියක් මෙන් ම අරණ්‍ය සම්ප්‍රදා යයේ භික්ෂූන් මුළුමනින් ම වාගේ බිහි වූ ඉතාමත් කර්ක්‍ෂ  වූත්, දුෂ්කර වූත්, දුගීබවින් ගහණ පෙදෙස්වලින් යුතු ඊසාන දිග තායිලන්තයේ පැවැති පරිසරයක් තුළ ජීවත් වෙමිනි. අරණ්‍ය භික්ෂු ජීවිතයක් ගත කිරීමට හැකි සුදුස්සන් බවට පත් වීම සඳහා රළු චාම් බවකින් සහ සියුම් ඉවසීමේ ගුණයකින්, ඊසාන දිග පෙදෙස්වල වෙසෙන ජනයා එම පෙදෙස්වල  පවත්නා  පරිසරය  තුළින්  පදම්  වී  ඇත.  මෙ  වැනි පරිසරයක්  තුළ  තෙල්  පහනකින්  නිකුත්  වන  එළියෙන්  මදක් ආලෝකමත්  වූ කුඩා ශාලාවක්  තුළ  අචාන්  චා  හිමි  භික්ෂූන් වහන්සේලා පිරිවරමින් උන්වහන්සේලාට ධර්මය ඉගැන්වූහ.

නියමයක් වශයෙන් සති දෙකකට වරක් පැවති ප්‍රාතිමෝක්ෂ දේශනාව අවසානයේ අචාන් චා හිමියන්ගේ මෙම අනුශාසනාවන් පැවැත්වුණි. ඒවාට ඇතුළත් විය යුතු කරුණු තීරණය වූයේ එම අවස්ථාවේ  පැවැති  තත්ත්වයන්ට  අනුවය.  එනම්  පුහුණුව සම්බන්ධයෙන් පවතින පසුබෑම, විනය නීති සම්බන්ධයෙන් පවත්නා අපැහැදිලි බව, නොඑසේ නම් තනිකර අනවබෝධය වැනි කරුණු මුල් කර ගනිමිනි. චාම් බව හා ස්වල්පයකින් සෑහීමකට පත් වීම වැනි ජීවන රටාවක් තුළ උදාසීනත්වය පෙරට යාමේ නැඹුරුවක් පවතින හෙයින් නො පසුබට උත්සාහය ඇති කර වන අනුශාසනා පැවැත්වීම සුලභව දක්නට ලැබූ දර්ශනයක් විය.බටහිර  වාසීන්  බොහෝ  දෙනකු  දන්නා  පරිදි  මෙම දේශනාවන්ට  ඇතුළත්  වූයේ  ක්‍රමානුකූලව  ගොනු  කරන  ලද ඉගැන්වීම් වලට  වඩා  නිතැතින්  ම  ප්‍රකාශ  වූ  අදහස්  හා අනුශාසනාවන්ය. ඒවාට සවන් දෙන්නවුන් ගෙන් අපේක්ෂා කරනු ලැබූයේ  ඒවා  කට  පාඩම්  කිරීමට  හෝ  තර්කානුකූලව  විග්‍රහ කිරීමට වඩා තම අවධානය එම මොහොතේ ම ඒවා වෙත යොමුකර තමන්ගේ පුහුණුව ගැන ආවර්ජනය කර බැලීමය. ඒ අන්දමට තමන්ගේ ගුරුවරයා විසින් උගන්වා දෙනු ලැබූ දක්ෂතම උපායමාර්ගයන්  ගැනත්,  ඒවා  ක්‍රියාවට  නැංවීම  සඳහා  තමන්  තුළ පැවැති අඩුපාඩුකම් ගැනත් දැක ගනිමින් ඔවුනට ඉගෙනීමෙහි යෙදීමට හැකි විය.

මෙම  දේශනාවන් ප්‍රධාන වශයෙන්  භික්ෂු, භික්ෂූණී  හා සාමණේර යන සෙනසුන් වාසී පිරිස් සඳහා දේශනා කර ඇති නමුත්,  ඒ  ගැන  උනන්දුවක් දක්වන ගිහි පාඨකයකුට වුව ද,නිසැක වශයෙන් ම මෙම පොත කියවීම තුළින් බෞද්ධ ප්‍රතිපදාව ගැන ගැඹුරු ඥානයක් ලබා ගැනීමට හැකි වෙයි. අඩු තරමින් ගත  හොත්  මෙම  පොත  තුළ  අචාන්  චා  හිමියන්ගේ  පුහුණුව සම්බන්ධ ව විවිධ තොරතුරු බහුල වශයෙන් ඇති බව දැකීමට පිළිවන. ඒවා හුදෙක් ජීවන චරිතයක විස්තර වශයෙන් හෝ සිත දියුණු කිරීමේ කාර්‍යය සඳහා හෝ දෙන ලද උපදෙස් වශයෙන් ද ගෙන කිය විය හැකිය.

මෙම පොතට ඇතුළත් වී ඇති කරුණු වලට අනු ව, සිත පුහුණු කිරීම යන්න බොහෝ අය සිතන පරිදි දෑස් පියවා ගනිමින් වාඩිවී හිඳීම හෝ භාවනා ක්‍රමයක් අනුගමනය කිරීම හෝ නොව අචාන් චා හිමියන්ට අනුව එය මහා අභිනිෂ්ක්‍රමණයකි. 

සිතට ආහාර ( සිංහල පරිවර්තනය )



 Foods for the Heart(English Version)

 

Monday, March 30, 2020

ඉබාගාතේ යන අපි................

අප, ජීවත් වීම සඳහා ස්ථීර නිවසක් නැති විට කිසිම අරමුණක් නොමැතිව තැනින් තැන නවතිමින් සිට නැවතත් ඒ මේ අත ඉබාගාතේ යන්නවුන් වැනිය. ගමනක් යාම සඳහා තම ගමෙන් බැහැර ගිය අයකු මෙන් අප කුමක් කළත් අපේම නිවසට පැමිණෙන තුරු සැනසිලි සුවයෙන්තොර බවක් දැනේ. සුවපහසු ප්‍රබෝධවත් සැහැල් ̈සිතක් පහළ වන්නේ, තම නිවසට පැමිණි විට පමණි. ලෝකයේ කිසිම තැනක නියම සාමය දැක ගත නොහැකි වෙයි. එහෙයින් ඔබ තුළම සාමය උදාකර ගැනීමට බලන්න.

එසේම අප ධර්මය උගෙන ඒ ගැන දැනීමක් ලබා එය පුරුදු පුහුණු කර ඇතත්, අප එහි ඇති ගැඹුරු සත්‍යය අවබෝධ කර නොගතහොත් අප තවමත් නිවහනක් නැති, අරමුණක් නැති, අයාලේ ඇවිදින්නන්ගේ තත්ත්වයට පත්වේ.

ආචාන් චා හිමි



යමක ඇති අන්තරාදායක දැක නොමැති නම්……





කාම ආශාව ගැන කතා කළහොත් ඒ අත්හැර දැමීමට අපහසු ය. ඒ පවතින්නේ කුමන ආකාරයෙන්ද කියා දැක ගැනීමටවත් නොහැක. ඒ සඳහා අප කළ යුතු වන්නේ දක්ෂ උපාය මාර්ගයක් යොදාගැනීමයි. කෑමෙන් පසු දත් අතර ඇති කැබලි සිරවන මස් කෑම වැනි කාම සැපතක් ගැන සිතන්න. ඔබ කමින් සිටින එම මස් කා ඉවර වීමටත් පළමු දත් අතර සිර වූ මස් කැබලි ඉවත්කර දැමීම සඳහා දත් කටුවක් සොයා ගැනීමට අවශ්‍ය වෙයි. දැන් එම කැබලි එළියට ගත් විට ඔබට ටික වෙලාවක සුවයක් දැනෙයි. එවිට තවදුරටත් එම මස් නොකා සිටීමට පවා ඔබ කල්පනා කිරීමට පිළිවන. නමුත් ඒවා දකින විට නො කා සිටිය නොහැක. එම නිසා එවායින් ටිකක් නැවතත් කන්නෙහිය. එය ද දත් අතර සිර වෙයි. එය එසේ වූ විට නැවත වතාවක් ඒවා ඉවත් කිරීමට සිදු වෙයි. ඒ තුළින් නැවත වතාවක් සහනයක් ලැබෙයි. එම සහනය පවතින්නේ නැවත වතාවක් නො කන තෙක් පමණි. ඒ තුළින් සිදුවන සියල්ල එපමණකි. කාම සැපත මෙ වැනි දෙයකි. ඒ තුළ මීට වඩා වැඩි යමක් නැත. තෙරපීමෙන් ටිකක් පිටකරන හරින තෙක් එය ටිකෙන් ටික ඉහළ නගී.ඔව් , අනේ ඇත්තෙන් ම ඒ තුළ ඇති සියල්ල ඔන්න එපමණයි. දැන් ඉතින් මේ ගැන මෙතරම් කුලප්පු වන්නේ කුමකටද කියා මට නොවැටහෙයි.

මා මෙම දේවල් ගැන කිසිවෙකුගෙන් ඉගෙන නොගත් අතර ඒවා මගේ සිත තුළට ආවේ භාවනා පුහුණුවේ යෙදෙන විටය. වාඩි වී භාවනා පුහුණුවේ යෙදී සිටි විට මම මේ කම් සුවය ගැන මෙනෙහි කර බැලුයෙමි. එය දිමි ගොහොටයකට සමාන කරමින් ඒ ගැන මෙනෙහි කර බැලුයෙමි.යම් කෙනෙකු කෝටුවක් ගෙන විත් දිමි ගොහොටයකට අනින විට එම ගොහොටයෙන් එළියටත්, කෝටුව දිගේ පහළටත් දිව එන දිමියෝ, ගොහොටයට ඇන්න අයගේ මුහුණට ගොඩවී ඔහුගේ ඇසූත්, කනුත් සපා කති. එසේ වුවත් මෙවැනි මිනිසුන්ට තමන් වැටී සිටින අමාරු තවමත් නො පෙනෙයි.

ඒ කෙසේ වුවත් එයින් බේරී සිටීමට අපට අපහසු දෙයක් නොවේ. බුදුන් වහන්සේගේ දේශනාවෙහි සඳහන් වී ඇත්තේ යම්කිසිවක ඇති අන්තරාය කලින් දැනගෙන තිබුව හොත් එය කෙතරම් හොද දෙයක් ලෙස පෙනුනත් එය අන්තරාදායක දෙයක් ලෙස දැකගන්නා බවය. අන්තරාදායක ලෙස තවමත් දැක නැති කුමක් වුවත් අප කල්පනා කරන්නේ ඒ හොඳ දෙයක් ලෙසිනි. යමක ඇති අන්තරාදායක දැක නොමැති නම් අපට එයින් බේරී සිටීමට ද නො හැකිය.

පින්වත් ආචාන් චා හිමි ගේ දේශණාවක් ඇසුරෙනි

මෙලොව ඔබ සැප සොයන්නේ කෙසේද ?






දහම් පුහුණුව ඔබ හති වැටෙන තෙක් ඇවිදිමින්, දුව පනිමින් කළ යුත්තක් නොවේ. ඔබේ හිතේ ඇතිවන හැඟීම් දෙස සිහි නුවණින් බලන්න. ඇසින් රූපයක් දුටු විට, කනින් ශබ්ද ඇසුනාම,නාසයෙන් ආඝ්‍රාණය කලාම, ඒ සියල්ලම මේ එකම සිතේමයි පහළ වෙන්නේ, එනම් 'දන්නා අය', අනෙකුත් ඉන්ද්‍රියන් පිළිබඳව ද මෙසේය. මනසේ මෙවැනි සංඥාවල් හා හැඟීම් ඇති වුණාම මොකක්ද සිදුවන්නේ ? සංඥාව ප්‍රිය නම් ඉන් ප්‍රීතිය උපදිනවා. අප්‍රිය සංඥාවට අකමැති නම් දුක් ඇති වෙනවා. එපමණයි එහි තියෙන්නේ. විඳින පුද්ගලයෙක් නොමැත.

ඒ නිසා මෙලොව ඔබ සැප සොයන්නේ කෙසේද ? ඔබගේ මුළු ජීවිත කාලය ම ඔබ කැමති දේ පමණක් ඔබට අන් අය කියාවි ද? එය සිදුවිය හැකි ද ? නෑ එසේ නොවෙයි. එසේ නොවන්නේ නම් ඔබ කොහේද යන්නේ ? මේ ලෝකයේ ඒ වගේ. එය අපි දැනගත යුතුයි. ලෝකවිදු - ලොව පිළිබඳ ඇති තතු දැනීම. අපි ලොව හරිහැටි වටහා ගන්නට ඕනෑ. බුදුන් වහන්සේ මෙලොවයි වැඩ සිටියේ, වෙන කොහේවත් නොවේ.ගිහි ජීවිතය උන්වහන්සේ අත් දුටුවා.එහි සීමාව උන්වහන්සේ දැක එයින් අත් මිදුණා. ගිහියන් වශයෙන් ඔබ කොහේද පුහුණු වන්නේ.ඔබට පුහුණු වන්නට ඕනැ නම් දහම් මග යාමට ඔබ දිරි වැඩිය යුතුයි.ඔබ උනන්දුවෙන් ඒ මඟ යන්නේ නම් ඔබටද ගිහි ජීවිතේ සීමාව අත් දැක එය අතහරින්නට හැකි වෙනවා.

පින්වත් ආචාන් චා හිමි ගේ දේශණාවක් ඇසුරෙනි .

පව් පෝය අනතුර | සාකච්ඡා (කැනේඩියන් ජාතික ජෝ අතුලෝ හිමි)

පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක් - අතුලෝ හිමි ය දවසේ මිනිස්සු අට සිල් ති...