කාම ආශාව ගැන කතා කළහොත් ඒ අත්හැර දැමීමට අපහසු ය. ඒ පවතින්නේ කුමන
ආකාරයෙන්ද කියා දැක ගැනීමටවත් නොහැක. ඒ සඳහා අප කළ යුතු වන්නේ දක්ෂ උපාය
මාර්ගයක් යොදාගැනීමයි. කෑමෙන් පසු දත් අතර ඇති කැබලි සිරවන මස් කෑම වැනි
කාම සැපතක් ගැන සිතන්න. ඔබ කමින් සිටින එම මස් කා ඉවර වීමටත් පළමු දත් අතර
සිර වූ මස් කැබලි ඉවත්කර දැමීම සඳහා දත් කටුවක් සොයා ගැනීමට අවශ්‍ය වෙයි.
දැන් එම කැබලි එළියට ගත් විට ඔබට ටික වෙලාවක සුවයක් දැනෙයි. එවිට තවදුරටත්
එම මස් නොකා සිටීමට පවා ඔබ කල්පනා කිරීමට පිළිවන. නමුත් ඒවා දකින විට නො කා
සිටිය නොහැක. එම නිසා එවායින් ටිකක් නැවතත් කන්නෙහිය. එය ද දත් අතර සිර
වෙයි. එය එසේ වූ විට නැවත වතාවක් ඒවා ඉවත් කිරීමට සිදු වෙයි. ඒ තුළින් නැවත
වතාවක් සහනයක් ලැබෙයි. එම සහනය පවතින්නේ නැවත වතාවක් නො කන තෙක් පමණි. ඒ
තුළින් සිදුවන සියල්ල එපමණකි. කාම සැපත මෙ වැනි දෙයකි. ඒ තුළ මීට වඩා වැඩි
යමක් නැත. තෙරපීමෙන් ටිකක් පිටකරන හරින තෙක් එය ටිකෙන් ටික ඉහළ නගී.ඔව් ,
අනේ ඇත්තෙන් ම ඒ තුළ ඇති සියල්ල ඔන්න එපමණයි. දැන් ඉතින් මේ ගැන මෙතරම්
කුලප්පු වන්නේ කුමකටද කියා මට නොවැටහෙයි.
මා මෙම දේවල් ගැන කිසිවෙකුගෙන් ඉගෙන නොගත් අතර ඒවා මගේ සිත තුළට ආවේ
භාවනා පුහුණුවේ යෙදෙන විටය. වාඩි වී භාවනා පුහුණුවේ යෙදී සිටි විට මම මේ
කම් සුවය ගැන මෙනෙහි කර බැලුයෙමි. එය දිමි ගොහොටයකට සමාන කරමින් ඒ ගැන
මෙනෙහි කර බැලුයෙමි.යම් කෙනෙකු කෝටුවක් ගෙන විත් දිමි ගොහොටයකට අනින විට එම
ගොහොටයෙන් එළියටත්, කෝටුව දිගේ පහළටත් දිව එන දිමියෝ, ගොහොටයට ඇන්න අයගේ
මුහුණට ගොඩවී ඔහුගේ ඇසූත්, කනුත් සපා කති. එසේ වුවත් මෙවැනි මිනිසුන්ට තමන්
වැටී සිටින අමාරු තවමත් නො පෙනෙයි.
ඒ කෙසේ වුවත් එයින් බේරී සිටීමට අපට අපහසු දෙයක් නොවේ. බුදුන් වහන්සේගේ
දේශනාවෙහි සඳහන් වී ඇත්තේ යම්කිසිවක ඇති අන්තරාය කලින් දැනගෙන තිබුව හොත්
එය කෙතරම් හොද දෙයක් ලෙස පෙනුනත් එය අන්තරාදායක දෙයක් ලෙස දැකගන්නා බවය.
අන්තරාදායක ලෙස තවමත් දැක නැති කුමක් වුවත් අප කල්පනා කරන්නේ ඒ හොඳ දෙයක්
ලෙසිනි. යමක ඇති අන්තරාදායක දැක නොමැති නම් අපට එයින් බේරී සිටීමට ද නො
හැකිය.
No comments:
Post a Comment