Showing posts with label Kajjaniya Sutta. Show all posts
Showing posts with label Kajjaniya Sutta. Show all posts

Wednesday, April 01, 2020

RET 01 ඛජ්ජනීය සූත්‍ර‍ය(Kajjaniya Sutta) - අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමිපාණන්

ඛජ්ජනීය සූත්‍ර‍ය - Kajjaniya Sutta

පූර්වේ නිවාස නුවණින් අතීතය මෙනෙහි කරන්නන් උපාදානස්කන්‍ධ පංචකයම මෙනෙහි කරන බැව් දැක්වේ. එක් එක් ස්කන්‍ධය විස්තරයද කෙරේ. අතීතයේ දී ස්කන්‍ධයන් විසින් තමන් පෙලනු ලැබුයේ යැයි ද, අනාගතයේ දී පෙලනු ලබන්නේ යැයි ද, වර්තමානයේ පෙලනු ලැබේ යැයි ද, ප්‍ර‍ත්‍යවේක්ෂා කරමින්, ඒවායෙහි බලාපොරොත්තු නොතබා වර්තමාන පංචස්කන්‍ධයෙහි අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම භාවයන් හැම ආකාරයෙන්ම මෙනෙහි කිරීමෙන් ආත්ම දෘෂ්ටියෙන් ද පංචස්කන්‍ධයෙන් ද මිදී දෙවි බඹුන්ගේ නමස්කාර ලබන තත්ත්වයට පත්වන අන්දම විස්තර වේ.

(උපුටාගැනීම: සූත්‍ර‍ පිටක සූචිය සහිත සූත්‍ර‍සම්පිණ්ඩණය - ප්‍රේමචන්ද්‍ර‍ ද සිල්වා)












මෙය ශාන්තය, මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු උපධීන් අතහැර දැමීම, තණ්හාව ක්‍ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.
 
නිහතමානීව, දැඩි වීර්යයකින් සතිය පෙරටුකොට මාර්ගය වඩා ධර්මයේ ඇති සජීවී බව අත්දකිමු.




පව් පෝය අනතුර | සාකච්ඡා (කැනේඩියන් ජාතික ජෝ අතුලෝ හිමි)

පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක් - අතුලෝ හිමි ය දවසේ මිනිස්සු අට සිල් ති...