Wednesday, April 22, 2020

අකුසල විතර්ක ප්‍රහාණයට ප්‍රමාද නොවිය යුතුයි(විනාඩි 10 ක අනුශාසනාවකි) - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

'නිරුද්ධ කළයුතු විතර්ක' දේශනා මාලාවේ 11 වන දේශනාව

දේශනාවට සවන් යොමු කිරීමට : 

අභිධර්ම දේශනා වෙළුම 2 - ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති,ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත කොත්මලේ කුමාර කස්සප හිමි

අභිධර්ම පිටකය බුදුරජාණන් වහන්සේගේ දීර්ඝතම දේශනා එකතුව ලෙස හැඳින්වේ. එහි අඩංගු ධර්මස්‌කන්ධ ප්‍රමාණය 42,000 කි. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළක්‌ ධර්මස්‌කන්වලින් භාගයක්‌ද අන්තර්ගත වන්නේ අභිධර්මයේය. 

අභිධර්මය ප්‍රකරණ වශයෙන් කොටස්‌ හතකට බෙදෙයි. ඉන් ප්‍රධාන කොටසක් වන පටිසම්භිදා මාර්ග ප්‍රකරණයේ සඳහන් ධර්ම පරියායන් විස්තර කරන්නට අතිපුජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ කල දේශනා මාලාව මෙසේ සංරක්ෂණය කරමු.

මෙහි දේශනා 31 ක් අඩංගු වෙයි.

Tuesday, April 21, 2020

අභිධර්ම දේශනා වෙළුම 1 - ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති,ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත කොත්මලේ කුමාර කස්සප හිමි

අභිධර්ම පිටකය බුදුරජාණන් වහන්සේගේ දීර්ඝතම දේශනා  එකතුව  ලෙස හැඳින්වේ. එහි අඩංගු ධර්මස්‌කන්ධ ප්‍රමාණය 42,000 කි. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ 84,000 ක්‌ ධර්මස්‌කන්වලින් භාගයක්‌ද අන්තර්ගත වන්නේ අභිධර්මයේය. අභිධර්මය ප්‍රකරණ වශයෙන් කොටස්‌ හතකට බෙදෙයි.

1. ධර්මසංගනී ප්‍රකරණය
2. විභංග ප්‍රකරණය

3. ධාතුකතා ප්‍රකරණය

4. පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය

5. කථා වස්‌තූ ප්‍රකරණය

6. යමක ප්‍රකරණය

7. පට්ඨාන  ප්‍රකරණය 

අභිධර්මය සඳහන් කරන්නේ පරමාර්ථ ගැනය. පරමාර්ථ, හතරක්‌ ගැන එහි දැක්‌වේ. ඒ චිත්ත, චෛතසික, රූප හා නිබ්බාන යන සතර පරමාර්ථ ගැනය. පළමුවැනි තුන ව්‍යවහාරික වන අතර නිබ්බාන ලෝකෝත්තර වේ. මේ ගොනුවේ ඇතුලත්වන දේශනා ධම්ම සංගනී ප්‍රකරණය ට අදාල ධර්ම කාණ්ඩ විස්තර කරනු සඳහා කල ඒවාය............

මෙහි දේශනා 76 ක් අඩංගු වෙයි.

LOVE THE UNIVERSE | AJAHN JAYASARO

The real meaning of "Love". By Ajahn Jayasaro 

Download :

https://drive.google.com/file/d/19bC35wLWSIz9U-Qtn3Caj4gB85LhbHka/view

කුමාපුත්ත සහායක ථෙර ගාථා

ඛුද්දකනිකාය -----> ථෙරගාථා -----> එකක නිපාතය -----> සතරවන වර්ගය

කුමාපුත්ත සහායක ථෙර ගාථා

“අසංයතවූ (හික්මීමක් නැති) භික්ෂූහු ඒ ඒ ජනපදයන්හි හොඳට ආහාරපාන ලැබීමාදී කල්පනාවන් කෙරෙමින් නොයෙක් ජනපදයනට යන්නාහ. සමාධියද වරදවා ගනිති, ජනපද චාරිකාව කුමක් කරන්නීද? එහෙයින් වෙසෙන ප්‍රදෙශයන් කෙරේ උපන් විරොධය සංසිඳුවා ගෙන මිථ්‍යා කල්පනා පෙරටුකොට නොගෙන ධ්‍යාන වඩන්නේය.”  

ආයුෂ්මත් කුමාපුත්ත තෙරුන්ගේ යහළු තෙරණුවෝ මේ ගාථාව වදාළහ

තවදුරටත් පැහැදිළි කළොත්

අසංවර උදවියට තියෙන්නේ පළාත් ගානේ ඇවිද ඇවිද කල් ගෙවන එක විතරයි .ඔවුන්ට සමාධියක් නම් ඇති කර ගන්නට ලැබෙන්නේ නෑ. රට රටවල් වල රවුම් ගැසීමෙන් ඇති වන යහපතකුමක්ද? ඔය එකටෙක  කිරීම පැත්තකින් තියන්න. තණ්හාව මුලට ගන්න එපා. ධ්‍යාන වඩන්න 

මෙය වනාහී ආයුෂ්මත් කුමාපුත්ත තෙරුන්ගේ යහළු තෙරුන් නම් රහත් මුණිදුන් වඳළ ගාථාවයි.

Verses of the Senior Monks 
The Book of the Ones
Chapter Four

Kumāputtasahāyaka

Wandering undisciplined.
If they lose their meditation,
what will such rotten conduct achieve?
So you should dispel pride,
practicing absorption undistracted. 

Monday, April 20, 2020

Daughters and Sons - Most Venarable Ajahn Jayasaro Thero

FOR FREE DISTRIBUTION

නිවන ඔබටත් - අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් රචිත " නිවන ඔබටත් " යන පොත ඔබට මෙහිදී කියවිය හැක.

නිවනට මග පෙන්වමින් කරන ලද මෙම දේශනා බොහොමයක් භාවනානුයෝගීන්ට මෙන්ම භාවනාවට ප්රවේශ වීමට අදහස් කරන ආධුනිකයින්ටද එකසේ ම ප්රයෝජනවත් උපදෙස් හා කරුණු වලින් පරිපූර්ණ වී ඇත

ඔබත් මේ උතුම් ධර්මය හැකිතාක් ප්‍රචාරය කර උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයකට දායක වන්න. 

මෙම පොත භාගත කර ගැනීමට ද හැකිය

Saturday, April 18, 2020

Friday, April 17, 2020

අන්ධකරණ සූත්‍රය(විනාඩි 55 ක ධර්ම දේශනයකි)-පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

'නිරුද්ධ කළයුතු විතර්ක' දේශනා මාලාවේ 9 වන දේශනාව

 දේශනාවට සවන් යොමු කිරීමට :

අලුත් අවුරුද්දට පණිවිඩයක්(විනාඩි 26 ක ධර්ම දේශනාවකි) - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2020-04-14)

දේශනාවට සවන් යොමු කිරීමට:

අකුසලයෙන් යට නොවන බලවත් සිතක් පිණිස(විනාඩි 48 ක ධර්ම දේශනයකි.)

'නිරුද්ධ කළයුතු විතර්ක' දේශනා මාලාවේ 8 වන දේශනාව

පූජ්ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2017-06-24)

දේශනාවට සවන් යොමු කිරීමට :

Thursday, April 16, 2020

මරණය ඉදිරියේ බිය නොවන්නට නම්......

 "...භාග්යවතුන් වහන්සේ කියා දෙනවා, මේ අජානීය අශ්වයෝ හතර දෙනා වගේ පුද්ගලයෝ හතර දෙනෙකුත් ඉන්නවා කියලා. ඒ පලවෙනි පුද්ගලයා තමයි, එයාට ආරංචි වෙනවා අසල්වාසී ගමක යම් කෙනෙක් මැරුණා කියලා. එයා ඒ මැරුණ කෙනා දැකලද? නෑ. ආරංචි වුණා විතරයි. එයා කල්පනා කරනවා, අහෝ මේ හොඳට හිටපු මනුස්සයෙක් මැරිලා. මටත් මෙහෙම වෙයි. මම ප්රමාද වෙන්ට හොඳ නෑ. දැන් දැන් ම කුසල් දහම් කරගන්ට ඕන. පින් දහම් කරගන්ට ඕන. මේ ජීවිතය යහපතේ යොදවගන්ට ඕන කියලා කල්පනා කරනවා..."

පූජ්ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

දම්සයුර වෙබ් අඩවියෙන් උපුටා ගැනීමකි 

Tuesday, April 14, 2020

අනාත්ම දහම පටලවා ගෙන අමාරුවේ නොවැටෙන්න!

බොහෝ බෞද්ධයන් අනාත්ම ධර්මය වැරදි ආකාරයට අවබෝධ කරගැනීම නිසා නොමග යති. අනාත්ම ධර්මය නිවැරදි ආකාරයට බුද්ධ ධර්මයට ගලපා ආර්ය මාර්ගය වැඩෙන ලෙසට පැහැදිලි කල හැකි ස්වාමින් වහන්සේලා අද කාලයේ ලංකාවේ දුර්ලභය. බෞධයන් තුල අනාත්ම දහම ගැන නිවැරදිව සුතමය අවබෝධයක් හෝ නොමැති වීම බුද්ධ ධර්මයට අවාසි ලෙස බලපෑ හැකිය.

ඉතාම ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ නමක ගේ දිගු දේශනාවකින් උපුටාගත් කෙටි වීඩියෝ පට ඛණ්ඩයක් පසුගිය දිනයන්හිදී මුහුණුපොත ( Facebook - අපි රැවටුනු තරම්) හරහා ප්‍රසිද්ධ විය. එහිදී එම ස්වාමින් වහන්සේ ඉතාම දක්ෂ ලෙස සිත්ගන්නා ආකාරයකට අපට දුර ඈත පෙනෙන ‘මිනිසෙකු’ ඇත්ත වශයෙන්ම කුඹුරක අටවා තිබෙන පඹයෙක් බව පෙන්වා දුන්හ. උන් වහන්සේ එම උපමාව තවදුරටත් විස්තර කරමින් පැවසුවේ තදබල ගංවතුරකින් එම පඹයා ගසාගෙන ගියොත් අපට දුකක් ඇති නොවන බවයි. එනමුදු එය මිනිසෙකු වූවානම් අපහට මහත් දුකක් ඇතිවිය හැකි බවත් එලෙස වන්නේ චන්දරාගය ඇතිකළ ආත්ම දෘෂ්ටිය නිසාවෙන් බවත්ය. ආත්ම දෘෂ්ටිය නිසාවෙන් පඹයා මිනුසෙකු බවට පත්වෙන අයුරුත් එවන් පඹයන් මව, පියා සහ ඥාතීන් කරගන්න ආකාරය උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලිකල සේක. මෙම පැහැදිලිකිරීම අසම්පුර්ණ සහ නොමගට යොමුකරවන ධර්ම ඛණ්ඩයක් වන අතර එය ආත්මයක් ‘නැත’ කියන්නාවූ තර්කයකින් පමණක් නවතී. මෙය අසම්පුර්ණ වන්නේ ඇයි? 

බුදුරජාණන් වහන්සේ විසූ සමයෙහි සිටි ෂඩ් සාස්තෘන් ගැන අප අසා ඇත්තෙමු. ඔවුන්ගෙන් එක් අයෙක් අපූරු අනාත්මවාදයක් ප්‍රකාශකර සිටියේය. ආත්මයන් නැති බැවින් එක් කොනක සිට එකදිගට මනුෂ්‍යයන් දස දසදහස් ගණනක් පෙති ගසා මරා දැමුවද කිසිදු වරදක් නොවන බවත් එසේ වන්නේ ආත්මයන් නොමැතිවීම නිසාවෙන් බවත් ප්‍රකාශ කළහ. බුදුරජාණන් වහන්සේ එය වැරදි දෘෂ්ටියක් වන බවත් ඒ වැරදි දෘෂ්ටිය නිසා පුද්ගලයන් අපායගාමී විය හැකි බවත් වදාල සේක. බුදුරජාණන් වහන්සේ විටෙක ආත්මයක් ඇති ලෙසත් විටෙක ආත්මයක් නැති ලෙසත් ධර්මය ගලපා පෙන්වුහ. අනාත්ම ධර්මය සත්වයන් දුකින් මුදවා සසරින් එතර කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ යොදාගත්හ.

බුදු දහමේ අනාත්ම ධර්මය ගලපා ඇති අයුරු පැහැදිලි කීරීමට අපවිසින් ධර්ම ඛණ්ඩයන් තුනක් පහතින් ඉදිරිපත් කර ඇත. එම ධර්ම ඛණ්ඩයන් අති පූජනීය උඩඊරියගම ධම්මජිව සහ පූජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමිපදයාණන් වහන්සේලාගේ ධර්ම දේශනා වලින් උපුටා ගන්නා ලදී. පළමු ඛණ්ඩයෙදී පූජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමිපදයාණන් විසින් අනාත්ම දහම බෞධයන් විසින් පටලවා ගන්නා ආකාරයන් සමහරක් පැහැදිලි කරනුලබයි. දෙවන ඛණ්ඩයේදී උන්වහන්සේ බුදුදහමේ අනාත්මය පැහැදිලි කරන සහ යොදාගන්නා ආකාරය විවරණය කරයි. තෙවන ඛණ්ඩයෙදී අති පූජ්‍ය උඩඊරියගම ධම්මජිව ස්වාමිපදයාණන් විසින් පැහැදිලි කරනුයේ බුදුරජාණන් වහන්සේ ‘ඇත’ හෝ ‘නැත’ යන අන්තයන් දෙකම ප්‍රතික්ෂේප කල බවය. නියම අවබෝධය මාර්ග ඥානයන් සාක්ෂාත් කිරීමේදී ක්‍රමිකව ඇතිවන ආකාරයත් එම ඛණ්ඩයේදී පැහැදිලි වේ. 

1. අනාත්ම දහම පටලවාගෙන අමාරුවේ නොවැටෙන්න - පූජ්‍ය පානදුරේ චන්දරතන  ස්වාමිපදයාණන් වහන්සේ.

2. අනාත්මය බුදුදහමෙහි පැහැදිලිවන සහ යොදාගන්නා ආකාරය - පූජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමිපදයාණන් වහන්සේ.

3. බුදුරජාණන් වහන්සේ ‘ඇත’ සහ ‘නැත’ අන්ත දෙක ප්‍රතික්ෂේප කළහ - අති පූජනීය උඩඊරියගම ධම්මජිව ස්වාමිපදයාණන් වහන්සේ.

ධර්ම ඛණ්ඩ ශ්‍රවනය කිරීමට :  

Monday, April 13, 2020

බිරිඳගේ ඒකාන්ත අවමන් ලබන සැමියාගේ අමනකම් 8

පරම පූජණීය පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත බුද්ධ නීති සංග්‍රහය පොත් වහන්සේ තුල අඩංගු මේ නීතිය සකල බෞද්ධ ස්වාමි පුරුෂයන්ගේ යහපත පිණිස පල කරන්නෙමු!

ජාතියේ අවාසනාවට මේ කරුණු අටම හෝ කීපයක් සම්පූර්ණ කර අවමන් ලබන බොදු ස්වාමි පුරුෂයන් විරල නොවන බව සමාජය දෙස බැලූ විට පෙනී යන ඛේදනීය තත්වයයි. බෞද්ධ වූ ඔබට මෙතැන් පටන්වත් පෞර්ෂය ගොඩ නගා ගැනීමට මෙය උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

Sunday, April 12, 2020

කෝවිඩ් කාලේ බුදු දහම - පූජ්‍ය හන්තානේ ධම්මගවේසි ස්වාමින් වහන්සේ

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්.

Ven Hantane Dhammagavesi Dhamma Vihara Buddhist Center, Biyagama, Sri Lanka

කෝවිඩ් කාලේ බුදු දහම - පූජ්‍ය කුරුණෑගොඩ ධම්මාලෝක ස්වාමින් වහන්සේ

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්.

Ven. Kurunegoda Dhammaloka Thero Connecticut Meditation Centre, Queens NY USA 

කෝවිඩ් කාලේ බුදු දහම - පූජ්‍ය වලපනේ විශුද්ධිරතන ස්වාමින් වහන්සේ

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්.

Ven. Walapane Visudhiratana Adelaide Buddhist Vihara, South Australia 

කෝවිඩ් කාලේ බුදු දහම - පූජ්‍ය බෝධිචිත්තා මෙහෙණින් වහන්සේ

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්.

Venerable Bhikkhuni Bodhicitta Nisala Arana, Melbourne, Australia

කෝවිඩ් කාලේ බුදු දහම - පූජ්‍ය යටලමත්තේ කුසලනන්ද ස්වාමින් වහන්සේ

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්.

Ven. Yatalamatte Kusalananda Walpola Rahula Institute, Kotte, Sri Lanka  

කෝවිඩ් කාලේ බුදු දහම - පූජ්‍ය වැලිමඩ ජිනාලංකාර ස්වාමින් වහන්සේ

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්.

Bhante Jinalankara Dhamma Gavesi Meditation Centre, Wellington New Zealand

කෝවිඩ් කාලේ බුදු දහම - අතථ්‍ය සම්මන්ත්‍රණයක් - ගෞරවනීය හේනේපොල ගුණරතන ස්වාමින් වහන්සේ - විශේෂ දේශනය

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්.

ගෞරවනීය හේනේපොල ගුණරතන ස්වාමින් වහන්සේ , භාවනා සමිතිය, බටහිර වර්ජිනියාව, ඇමරිකාව 

සිතට ආහාර (Foods for the Heart) - පූජ්‍ය අචාන් චා හිමියන්

භික්ෂු ශාසනය ගැනත්, පුහුණුවේ ප්‍රවාහකයක් වශයෙන් එහි ඇති ප්‍රයෝජනය ගැනත් අවධාරණයෙන් පවසා සිටීම පූජ්‍ය අචාන්චා  හිමියන්ගේ  ඉගැන්වීම් වල  විශිෂ්ට  ලක්ෂණයකි.  මේ  තුළින් සාමාන්‍ය ගොවියාගේ සිට විශ්ව විද්‍යාල මහාචාය්‍යවරයා දක්වා සමාජයේ විවිධ තරාතිරම් වල මිනිසුන් සමග අදහස් හුවමාරු කර ගැනීමට හැකි වන පරිදි ගිහි  පුද්ගලයන්ට ඉගැන්වීම  සඳහා උන්වහන්සේ තුළ පැවැති සුවිශේෂ හැකියාව බැහැර කරලීමක් අදහස් නොකෙරේ. තායිලන්තය මෙන් ම ඉන්පසු එංගලන්තය, ඕස්ට්‍රේලියාව,  යුරෝපය  ආදී  රටවල  පවා  උන් වහන්සේ  වටාගොඩ නැගුණු සෙනසුන්වලින් අචාන් චා හිමියන්ගේ ඉගැන්වීම් වලත්,සංඝ සමාජ පිහිටුවීමේත් ප්‍රතිඵල මොනවට දිස්වෙයි. දීඝකාලීන ප්‍රතිඵල ලැබීම සඳහා භික්ෂු ශාසනය බටහිර රටවල පිහිටුවීමේ අවශ්‍යතාවය උන්වහන්සේ කල් තියා ම දැන සිටි සේක.

මෙම  පොත තායිලන්තයේ සෙනසුන් ගත ව සිටි පිරිස් සඳහා උන්වහන්සේ විසින් පවත්  වනු  ලැබූ  දේශනාවන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි. එම දේශනාවන්ට ඇතුළත් වී ඇත්තේ තමන් වහන්සේගේ ම සෙනසුන වූ වට්බා පොං අරණෙහි හා ඊට අයත් ශාඛාවලත් වැඩ සිටි භික්ෂූන් සඳහා දෙන ලද අවවාද සහ අනුශාසනාවන්ය.එම කරුණ මෙම පොත කියවන ගිහිපාඨකයාගේ සිතෙහි තබා ගත යුත්තකි. බුදු දහම ගැන හෝ භාවනා පුහුණුව ගැන හැඳින්වීමක් ලබා දී  ම මෙම දේශනා පැවැත්වීම තුළින් අදහස් නො කෙරේ. ඇත්ත වශයෙන් එය එසේවිය නො හැක.  සෙනසුන් දිවිය ගැනත් ඒ තුළින් එක් එක් අවස්ථාවේ පැන නැගි ගැටළු ගැනත් ප්‍රධාන වශයෙන් සඳහන් කරමින් පවත් වන ලද මෙම දේශනාවන් සෙනසුන් දෙසුම් විය.මේවාට සවන් දෙන්නවුන් තුළ බුදු දහම සම්බන්ධයෙන් මූලික දැනීමක් තිබීම අපේක්ෂා  කෙරුණි. අනුකූලතාවය  ගැනත්,නෛෂ්ක්‍රම්‍යය ගැනත් අවධාරණය කෙරෙමින් පවත්වන ලද මෙම දේශනයන්ගෙන් බොහොමයක් ගිහි පාඨකයන්ට අමුතු ආකාරයේ දේවල් ලෙස පෙනීමට ඉඩ ඇත. එසේ ම ඒවා තමන් තුළ පසුබෑමක් ඇතිකර විය හැකි දේවල් වශයෙන් ද පෙනීමට ඉඩ ඇත.

එසේ වුව හොත් අචාන් චා හිමියන් විසින් මෙම දේශනයන් පවත්වනු ලැබූ පරිසරය ගැන ගිහි පාඨකයා තම මතකයට නංවා ගැනීම අවශ්‍ය වෙයි.මෙම දේශනාවන් පවත්වනු ලැබූයේ තායිලන්තයේ භාවනාචාය්‍යවරුන් රාශියක් මෙන් ම අරණ්‍ය සම්ප්‍රදා යයේ භික්ෂූන් මුළුමනින් ම වාගේ බිහි වූ ඉතාමත් කර්ක්‍ෂ  වූත්, දුෂ්කර වූත්, දුගීබවින් ගහණ පෙදෙස්වලින් යුතු ඊසාන දිග තායිලන්තයේ පැවැති පරිසරයක් තුළ ජීවත් වෙමිනි. අරණ්‍ය භික්ෂු ජීවිතයක් ගත කිරීමට හැකි සුදුස්සන් බවට පත් වීම සඳහා රළු චාම් බවකින් සහ සියුම් ඉවසීමේ ගුණයකින්, ඊසාන දිග පෙදෙස්වල වෙසෙන ජනයා එම පෙදෙස්වල  පවත්නා  පරිසරය  තුළින්  පදම්  වී  ඇත.  මෙ  වැනි පරිසරයක්  තුළ  තෙල්  පහනකින්  නිකුත්  වන  එළියෙන්  මදක් ආලෝකමත්  වූ කුඩා ශාලාවක්  තුළ  අචාන්  චා  හිමි  භික්ෂූන් වහන්සේලා පිරිවරමින් උන්වහන්සේලාට ධර්මය ඉගැන්වූහ.

නියමයක් වශයෙන් සති දෙකකට වරක් පැවති ප්‍රාතිමෝක්ෂ දේශනාව අවසානයේ අචාන් චා හිමියන්ගේ මෙම අනුශාසනාවන් පැවැත්වුණි. ඒවාට ඇතුළත් විය යුතු කරුණු තීරණය වූයේ එම අවස්ථාවේ  පැවැති  තත්ත්වයන්ට  අනුවය.  එනම්  පුහුණුව සම්බන්ධයෙන් පවතින පසුබෑම, විනය නීති සම්බන්ධයෙන් පවත්නා අපැහැදිලි බව, නොඑසේ නම් තනිකර අනවබෝධය වැනි කරුණු මුල් කර ගනිමිනි. චාම් බව හා ස්වල්පයකින් සෑහීමකට පත් වීම වැනි ජීවන රටාවක් තුළ උදාසීනත්වය පෙරට යාමේ නැඹුරුවක් පවතින හෙයින් නො පසුබට උත්සාහය ඇති කර වන අනුශාසනා පැවැත්වීම සුලභව දක්නට ලැබූ දර්ශනයක් විය.බටහිර  වාසීන්  බොහෝ  දෙනකු  දන්නා  පරිදි  මෙම දේශනාවන්ට  ඇතුළත්  වූයේ  ක්‍රමානුකූලව  ගොනු  කරන  ලද ඉගැන්වීම් වලට  වඩා  නිතැතින්  ම  ප්‍රකාශ  වූ  අදහස්  හා අනුශාසනාවන්ය. ඒවාට සවන් දෙන්නවුන් ගෙන් අපේක්ෂා කරනු ලැබූයේ  ඒවා  කට  පාඩම්  කිරීමට  හෝ  තර්කානුකූලව  විග්‍රහ කිරීමට වඩා තම අවධානය එම මොහොතේ ම ඒවා වෙත යොමුකර තමන්ගේ පුහුණුව ගැන ආවර්ජනය කර බැලීමය. ඒ අන්දමට තමන්ගේ ගුරුවරයා විසින් උගන්වා දෙනු ලැබූ දක්ෂතම උපායමාර්ගයන්  ගැනත්,  ඒවා  ක්‍රියාවට  නැංවීම  සඳහා  තමන්  තුළ පැවැති අඩුපාඩුකම් ගැනත් දැක ගනිමින් ඔවුනට ඉගෙනීමෙහි යෙදීමට හැකි විය.

මෙම  දේශනාවන් ප්‍රධාන වශයෙන්  භික්ෂු, භික්ෂූණී  හා සාමණේර යන සෙනසුන් වාසී පිරිස් සඳහා දේශනා කර ඇති නමුත්,  ඒ  ගැන  උනන්දුවක් දක්වන ගිහි පාඨකයකුට වුව ද,නිසැක වශයෙන් ම මෙම පොත කියවීම තුළින් බෞද්ධ ප්‍රතිපදාව ගැන ගැඹුරු ඥානයක් ලබා ගැනීමට හැකි වෙයි. අඩු තරමින් ගත  හොත්  මෙම  පොත  තුළ  අචාන්  චා  හිමියන්ගේ  පුහුණුව සම්බන්ධ ව විවිධ තොරතුරු බහුල වශයෙන් ඇති බව දැකීමට පිළිවන. ඒවා හුදෙක් ජීවන චරිතයක විස්තර වශයෙන් හෝ සිත දියුණු කිරීමේ කාර්‍යය සඳහා හෝ දෙන ලද උපදෙස් වශයෙන් ද ගෙන කිය විය හැකිය.

මෙම පොතට ඇතුළත් වී ඇති කරුණු වලට අනු ව, සිත පුහුණු කිරීම යන්න බොහෝ අය සිතන පරිදි දෑස් පියවා ගනිමින් වාඩිවී හිඳීම හෝ භාවනා ක්‍රමයක් අනුගමනය කිරීම හෝ නොව අචාන් චා හිමියන්ට අනුව එය මහා අභිනිෂ්ක්‍රමණයකි. 

සිතට ආහාර ( සිංහල පරිවර්තනය )

 Foods for the Heart(English Version)

නිල සම්බාහන විද්‍යාව (Reflexology) යනු කුමක්ද ?

මනුෂ්‍ය ශරීරය ස්වාභාව  ධර්මයේ  නිර්මාණයක්. ඉබේම සුව ශක්තිය ගෙන දෙන ආයතනයක්. මනසත් එක්ක  ගනුදෙනු  කරන හොඳම යහළුවෙක්.

සති පාසලේ  පුංචි දරුවෝ සතිමත් වෙලා සතුට සොයනවා, සැනසීම සොයනවා. ඒක කරගන්න මේ  ළඟින්ම ඉන්න යහළුවා, නිවුන්නා වන තමාගේම ශරීරය නිරෝගී ලෙස තියාගන්න කියල බුදුපියාණන් වහන්සේත් අනිකුත් ආගමික නායකයින් වහන්සේලා අපට පෙන්වා දී තියෙනවා.

ශරීරයට ව්‍යායාම  දෙනවා වගේ ම, ඒ කරන හැම දෙයක්ම සතියෙන් කළොත් මනසටත් ව්‍යායාම ලැවබනවා කියල සති පාසල කියනවා. මොකද  අතීතය ගැන පසු තැවීමක් නැතිව, අනාගතය ගැන සිහින මවන්නේ  නැතිව මේ මොහොතට අවදි වෙලා වැඩකරන කොට  පුදුමාකාර ශක්තියක් මනසටත් , ශරීරයටත් ලැබෙනවා. ඒ ලැබෙන ශක්තියෙන් මුළු ශරීරයම සම්බාහනය  වෙනවා.
 
එහෙම නම් මුළු ශරීරයේ  ම අවයවවල සම බර බව ඇති කරවන නිල ලක්ෂ්‍ය ගැන අපට අවබෝධයක් තියෙන එක  ඉතා වැදගත් වෙනවා.

ඉහතින් අපි ඉගෙන ගත් පරිදි මෙම  නිල ලක්ෂ්‍ය සම්බාහනය කිරීමෙන් මුළු ශරීර පද්ධතියට ම අවශ්‍ය  කරන සම බර රුධිර ධාවනය , පෝෂ්‍ය පදාර්ථ සම බරව බෙදී යාම,කාර්යක්‍ෂම ස්නායු පද්ධතියක් ඇති වීම , ශරීරයට අවශ්‍ය කරන ප්‍රධාන ආහාරය  වන ඔක්සිජන් ප්‍රවාහයේ  මනා ගලනයට ආධාර වීම, ශරීරවයන් පිට කළ යුතු කාබන්ඩයොක්සයිඩ් හොඳින් පිට කිරීම සහ ශරීරයේ විෂ අපද්‍රවය හොඳින් ඉවත් කිරීම යන සේවා සැලසෙන නිසා , නිල සම්බාහනය දරුවන්ට මෙන්ම වැඩිහිටි අප සැම දෙනාටමත් බොහෝ වැදගත් වෙනවා.

සති පාසල මුළු ලොවටම සතිමත් නිල සම්බාහනය හදුන්වා දෙනවා. මොකද , යෙදෙන හැම වැඩක් ම සතියෙන් කරන නිසා , එම වැඩය සාර්ථකව කරනවා. මනසත් කයත් දෙක ම සම බර වෙනවා. නිරෝගී වෙනවා. සතිමත් මනස නිතරම නුවණ සමග එ කතු වෙනවා. නිල සම්බාහනය සතියෙන් යුතුව කිරීම නිසා නිල සම්බාහනයේ  කාර්යක්‍ෂම බව සහ ක්‍රමානුකූල බව වැඩි වීමත් , ඒ නිසා ප්‍රාණවත් වන ජීව ශක්තිය සෞඛ්‍ය සම්පන්න ව ගලා යෑමත් සිදු වෙනවා. සතිමත් නිල සම්බාහනය සියලු දෙනාම නිරෝගී කරනවා.

උපුටා ගැනීම : සති පාසලෙන් 

ජාණුස්සෝනී සූත්‍රය (විනාඩි 79) - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

"...බරාහ්මණය, ඒක එහෙම නොවෙයි. මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා මැරෙන ස්වභාවයෙන් යුක්ත යි. ඒ අය මැරෙන ස්වභාවය තියාගෙන ම, ඒ මරණය ඉදිරියේ භයෙන්, තැති ගැනීමෙන් තමයි වාසය කරන්නේ. ඒ වගේ ම බරාහ්මණය, මේ ලෝකයේ සමහර මිනිසුන් ඉන්නවා, ඒ අයට මැරෙන ස්වභාවය තියෙනවා. හැබැයි ඒ අය ඒ මැරෙන ස්වභාවය තියාගෙන ම මරණය ඉදිරියේ බිය වෙන්නේ නෑ. කම්පා වෙන්නේ නෑ. තැති ගැනීමක් ඇති කරගන්නේ නෑ..."

දේශනාව සවන් යොමු කිරීමට :

Buddhism in the Time of COVID - Session B1 - Ven Galkande Dhammananda

An international online conference exploring effects, affects and aspects of the COVID-19 pandemic through the lenses of Buddhist philosophy, psychology, practice and history.

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්.

Ven Galkande Dhammananda Walpola Rahula Institute, Kotte, Sri Lanka

Buddhism in the Time of COVID - Session B1 - Sarah Napthali

An international online conference exploring effects, affects and aspects of the COVID-19 pandemic through the lenses of Buddhist philosophy, psychology, practice and history. 

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්.

Buddhism in the Time of COVID - Session B1 - Sarah Napthali 

Buddhism in the Time of COVID - Session B1 - Bhante Sujato

An international online conference exploring effects, affects and aspects of the COVID-19 pandemic through the lenses of Buddhist philosophy, psychology, practice and history. 

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්.

Bhante Sujato Lokanta Vihara, Sydney, Australia

Buddhism in the Time of COVID - Panel B1

An international online conference exploring effects, affects and aspects of the COVID-19 pandemic through the lenses of Buddhist philosophy, psychology, practice and history.

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්. 

Buddhism in the Time of COVID - Panel B1

Venerable Bhikkuni Ayya Yeshe (Moderator)
Venerable Galkande Dhammananda 
Sarah Napthali 
Venerable Bhante Sujato

Saturday, April 11, 2020

Buddhism in the Time of COVID : Panel A2

An international online conference exploring effects, affects and aspects of the COVID-19 pandemic through the lenses of Buddhist philosophy, psychology, practice and history.

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්. 

Buddhism in the Time of COVID : Panel A2 

Giles Barton (Moderator) 
Venrable Ajahn Brahmali Thero
Venrable Bhikkuni Ayya Tataloka 
Venrable Dr Pemaratna Thero

Buddhism in the Time of COVID : Panel A1

An international online conference exploring effects, affects and aspects of the COVID-19 pandemic through the lenses of Buddhist philosophy, psychology, practice and history.

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්. 

Venerable Bhikkhuni Ayya Yeshe (Moderator) 
Venerable Bhikkhuni Ayya Soma 
Venerable Bhante Suddhaso Thero
Venerable Saranapala Thero

Buddhism in the Time of COVD - Session A2 - Venerable Bhikkhuni Tathālokā Theri

An international online conference exploring effects, affects and aspects of the COVID-19 pandemic through the lenses of Buddhist philosophy, psychology, practice and history. 

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්. 

Venerable Bhikkhuni Tathālokā Theri Dhammadharini Vihara,  California, USA

Buddhism in the Time of COVD - Session A2 - Ajahn Brahmali Thero

An international online conference exploring effects, affects and aspects of the COVID-19 pandemic through the lenses of Buddhist philosophy, psychology, practice and history. 

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්. 

Ajahn Brahmali Thero Bodhinyana Monastery, Perth, Australia

Buddhism in the Time of COVD - Session A2 - Bhante (Dr) Pemaratana

An international online conference exploring effects, affects and aspects of the COVID-19 pandemic through the lenses of Buddhist philosophy, psychology, practice and history. 

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්

Buddhism in the Time of COVD - Session A2 - Bhante (Dr) Pemaratana

කෝවිඩ් කාලේ බුදු දහම - සිංහල වැඩසටහනට ලියාපදිංචි වීම සදහා

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්.

An international online conference exploring effects, affects and aspects of the COVID-19 pandemic through the lenses of Buddhist philosophy, psychology, practice and history.

Buddhism in the Time of COVD - Session A1 - Bhante Suddhaso

A Virtual Conference - April 10 – 12, 2020, Online.

Buddhism in the Time of COVID - Opening Keynote by Bhante Gunaratana

An international online conference exploring effects, affects and aspects of the COVID-19 pandemic through the lenses of Buddhist philosophy, psychology, practice and history. 

බෞද්ධ දර්ශනය, මනෝ විද්‍යාව, භාවනාව සහ ඉතිහාසය යන කාච හරහා COVID-19 වසංගතයේ බලපෑම් ගවේෂණය කරන ජාත්‍යන්තර මාර්ගගත (online) ද්විභාෂා සමුළුවක්. 

Buddhism in the Time of COVID - Opening Keynote by Bhante Gunaratana 
 
සාරාණීය ධර්මයන් පුරුදු කරගනිමු (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකළ ධර්ම දේශනාව) - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2024-08-16)

රාජ්‍ය සේවය, රැකියාව සමාජයට මහත් වූ යහපත සදන සත්පුරුෂ ක්‍රියාවක් බවට පත් කරගැනීමට අතිශයින් උපකාර වන ප්‍රිය බව, ගෞරවය, එකට වාසය කිරීම, සමගිය,...