Wednesday, March 11, 2020

සිත දමනය කිරීමට ඇත්තා වූ හොදම උපාය



සිත දමනය කිරීමට ඇත්තා වූ හොදම උපාය සතිපට්ථාන භාවනාවය.සතිපට්ථානය සෑම දෙනාටම වුවමනා වන්නේද ඒ නිසාය.සතිපට්ථානය දියුනුකර ගැනීමෙන් සිත හික්මෙන්නේය.සංසිඳෙන්නේය.වනයේ වාසය කරන කුළු ගොනා අල්ලා බැඳ කීකරැ කර ගත් කල්හි ඌ කැමති වැඩක යෙදවිය හැකි වන්නාක් මෙන් සතිපට්ථාන භාවනාවෙන් සිත කීකරැ කරගත් කල්හි ඒ සිත කැමති යහපත් කුියාවක කැමති තාක්කල් යෙදිය හැකි වන්නේය.පැය ගනනක් වුවද එක අරමුනක පිහිටවිය හැකි වන්නේය.කීකරැ ගොනා රියෙහි බැඳ නිසි මගයැවිය හැකි වන්නාක් මෙන් කීකරැ කරගත් සිත නිවන් මග යැවිය හැකි වන්නේය.එ බැවින් සසර දුකින් මිදී නිවන් සුවය ලබනු කැමති සත්පුරැෂයෝ සතිපට්ථාන භාවනාවෙහි යෙදීමෙන් තම තමන්ගේ සිත් සකස් කෙරෙත්වා..

(බෝධිපාක්ෂික ධර්ම විස්තරය..12පිටුව.)



No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...