Showing posts with label කිමත්ථිය සුත්‍රය. Show all posts
Showing posts with label කිමත්ථිය සුත්‍රය. Show all posts

Sunday, April 05, 2020

කිමත්ථිය සුත්‍රය දේශනා කිරීමට පදනම





බුදුපියාණන් වහන්සේට මෙම සූත්‍රය දේශනා කිරීමට පදනම වැටුණේ, අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දීමක් වශයෙන් ය. ඒ නිසා අද තියෙන්නේ ආනන්ද හාමුදුරුවෝ බුදුපියාණන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්න සමූහයක්. කවදත් අපි ප්‍රශ්න අසා නොදන්න දේ ඉගෙන ගන්නවා. අදත් එක්තරා හාමුදුරු කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහැව්වා.මේ දර්ශනය කියන්නේ මොකක්ද ? විද්‍යාව කියන්නේ මොකක්ද ? මේ විද්‍යාවේත් දර්ශනයේත් ඇති සම්බන්ධය මොකක්ද කියලා. අනිත් ප්‍රශ්නය තමයි, හැම ආගමකම විද්‍යාවක් තියෙනවා ද කියන එක. එතකොට මට ඒකට උත්තර දෙන්න සිද්ධ වුණා. දර්ශනය තුළිනුයි විද්‍යා මතුවෙන්නේ. ආගම කියන වචනයට යටත් වූ යම්කිසි ඇදහිලි ක්‍රමයක් තියෙනවා නම් ඒ එකකට වත් දර්ශනයක්, විද්‍යාවක් නැහැ කියලා.ඇදහිලි ක්‍රමය කියලා අපි මේ සඳහන් කරන්නේ මොකක්ද ? යමෙක් තුළ යම්කිසි ශක්තියක් කෙරේ විශ්වාසයක්,බලාපොරොත්තුවක් පිළිගැනීමක් තියෙනවා නම් ඒ කියන්නේ එතැන විද්‍යාවට ඉරක් ගැහුවා වගේ කියලයි. එතැන නැහැ හිතන්න දෙයක්. එතැන නැහැ කරන්න දෙයක්. විශ්වාසය පදනම් කරගෙන ජීවත් වීමක් එතැන තියෙන්නේ. බෞද්ධ දර්ශනයේ එහෙම එකක් නැහැ.

බෞද්ධ දර්ශනය ලෝකයට පහළ වුණේ දාර්ශනිකයා ලොව පහළ වුණාට පසුව යි. දාර්ශනිකයා කිව්වේ, බලන්න දකින්න පුළුවන් ශක්තිය ඇතිව ලෝකයේ පහළ වුණු උත්තමයාටයි. එතුමන් පහළ වීමට පෙර ලෝකයේ තිබුණේ අර විශ්වාස මත පදනම් වූ ඇදහිලි ක්‍රමයන් පමණයි. එතැනින් මිනිසාට පනින්නට සිද්ධ වුණේ ඔය දාර්ශනිකයා ලොව පහළ වී, තමන් වහන්සේ විසින් අවබෝධ කළා වූ දෙය ලෝකයාට පැහැදිලි කර දීමෙන් පසුවයි. ඉහතින් සඳහන් කරන ලද මතයන් සහ විශ්වාසයන් උඩ රැඳී සිටින පුද්ගලයා කරන දේ මොකක්ද කියලා දන්නෙ නැහැ. එයින් මොකක් ලැබෙයිද කියා දන්නේ නැහැ. එහෙයින් අපි හැම වැඩක්ම කළ යුත්තේ , කෙරෙන්නේ මොකක්ද ? ඒක කරන්නේ කොහොමද ? කෙරුවොත් ලැබෙන ඵලය මොකක්ද ? කියන දේ දැනගෙනයි.එසේ වූ විට තමා ඉදිරියේ තියෙන්නේ මොකක්ද ? දර්ශනයක් තිබෙනවා.ඒ දර්ශනය තුළින් පෙන්වන යම්කිසි ප්‍රයෝජනවත් කොටසක් , තමාගේ දිවියට එක්කාසු කරගන්ට අවශ්‍ය බව තේරුම් ගන්නවා. ඒ එක්කාසු කර ගැනීමේ ක්‍රියාව යමෙක් නිවැරදි කරන කොට ඒකට කියනවා විද්‍යාව කියලා. විද්‍යාවයි කියන්නේ අදහස සාර්ථක කර ගැනීම සඳහා යෙදිය යුතු ක්‍රමය නිවැරදිව දැනීමයි. ඒ දැනීම දර්ශනයයි. ඒක ක්‍රියාවට දැමීම තමයි විද්‍යාව කියන්නේ.

බෞද්ධයා කියන එක්කෙනා මුලාවට පත් වෙච්ච කෙනෙක් නොවෙයි.බෞද්ධකම තියෙනවා නම්, කවුරු හෝ වේවා මුලාවෙන් තොරව ජීවත් වන පුද්ගලයායි.අපි, බෞද්ධ යයි නම් කරන්නේ , හඳුන්වන්නේ එතකොට ඒ මුළාවෙන් තොරව ජීවත්වන්වයි කියන්නේ, මෙන්න මේකට යි මම මේක කරන්නේ , මේක එන්නේ මෙහෙමයි. ඒ ආපුහම හැටි මෙහෙමයි කියන තැනට වැටිලා වැඩ කරනවානම් එය බුද්ධිමත් පුද්ගලයෙක්. හැම වැඩකටම ආගමට පමණක් නොවෙයි කොයි වැඩයටත්, ඔය බුද්ධිමය ස්වරූපය යෙදෙන්න ඕන. මේක කරන්නේ අසවල් පරමාර්ථයෙන්. මේක කරපුවහම මෙන්න මේ අයිතිවාසිකම් මට එනවාමයි. මේ හේතුව උඩ මට ලැබෙන ප්‍රතිඵලය හොඳයි. ඒ දර්ශනය තුළින් පෙන්නපු කාරණය කරලා බලන කොට ඒක වෙනවා. අන්න ඒකට කියනවා විද්‍යාවයි කියලා. එතකොට අද මේ විස්තර කෙරෙන කිමත්ථිය සූත්‍රය ඇසුරෙන් ආනන්ද හාමුදුරුවෝ අහන්නෙත් ඕකම යි. මොකක්ද ? මේ බුද්ධාගමේ උගන්වන සංවරය. සංවරය කියන්නේ තමන්ගේ වචන හික්මවා ගන්නවා. ක්‍රියාව හික්මවා ගන්නවා කියන එකයි. මේක තමයි බෞද්ධයාට මුලින්ම දෙන ඉගැන්වීම් ක්‍රමය. ඔබේ වචනය හික්මා ගන්න. ඒ වගේම ක්‍රියාව හික්මවා ගන්න එතකොට ඒකට තනිකර නමක් දැම්මා සීලය කියලා. සීලයට අයිති වෙන්නේ, වචන, ක්‍රියා දෙක සංවර කර ගැනීමයි.

මේ සම්බන්ධයෙන් ඉතා දිර්ඝ වු විස්තරයක් තියෙනවා. වේලාව ලැබෙන විදියට ඉදිරියේ ලිපි වශයෙන් ඉදිරිපත් කරන්නම්.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.

කිමත්ථිය සුත්‍රය ඇසුරෙනි























🌕🌕🌕🌕🌕🌕

ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවන්ගෙන් ඔය කියන සීලයේ මොන අර්ථයක් ද තියෙන්නේ. ඒකේ ආනිසංස හෙවත් අනුසස් කුමක්ද කියලා.

එතකොට එතැන අර්ථ සහ අනුසස් කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මොකක් අර්ථ පවතිනවාද, කුමක් අනුසස් කොට පවතිනවා ද කියන එකයි. එතකොට දැන් යම්කිසි කෙනෙක් ඔය විදිහට සංවරයක් ජීවිතයට අරගෙන, අපි කියමු දැන් මේ අය පාණාතිපාතා, අදින්නාදානා, ආදී වශයෙන් කියලා ශික්ෂා පද අටක් සමාදන් වීමෙන් පොරොන්දු වෙනවා. ඕකේ පරමාර්ථය මොකක්ද ? මම මේවා නොකරන්නේ මොන අර්ථයක් මතු කිරීම සඳහාද ? ඒක නොදැන ඔය වැඩ කලාට ප්‍රයෝජනයක් ලබන්නට බැහැ. එයා දැන ගන්න ඕනා වචනය නරක් වූවොත්, සිදුවන අනර්ථය අප්‍රමාණ බව. එතකොට මේ අනර්ථයන් බේරීමට කියනවා අර්ථය කියා. වෙන අර්ථයක් නැහැ. මේකේ තියෙන්නේ අනර්ථයෙන් බේරීමයි අර්ථය කියන්නේ. ඕනෑම තැනක අර්ථය මොකක්ද කියලා ඇසුවොත් අනර්ථයෙන් බේරීමයි. එතකොට දැන් අපි ශික්ෂා පද අටට තම සිතුවිලි නැඹුරු කළා වූ පරමාර්ථය කුමක්ද ? ඒවා ඔක්කෝම මගේ සිතේ ද්වේෂය පහළ කරන, දැඩි ලෝභය පහළ කරන, ඒවා සංවිධානය කරන, වර්ධනය කරන, හේතු ටිකයි. මම මේ නවත්තන්නේ, ඒ මොකද ඒ නවත්තන්නේ ? මේ ද්වේෂයත්, ඒ වගේම කාමයත් කියන දෙක, යම් සිතක් ඇතුලේ සංවිධානය වුනොත්, මොනව මේච්චලයකවත් නැහැ. මොනම පාලනයක්වත් නැහැ. මේ ද්වේෂය ආපු තැන මහා දරුණු වැඩ කරනවා. කාමය මතු වූ තැන මහා නින්දිත වැඩ කරනවා. නින්දිත වැඩෙත්, දරුණු වැඩෙත් දෙකෙහිම තමන්ට පීඩා විඳින්න සිදුවෙනවා. ජීවිතය තුළින් මෙන්න මේ පීඩා විඳීමේ ශක්තිය අස්කිරිම, පීඩා නොවිඳිය යුත්තා විසින් කළ යුත්තක්. එයා නොකර හිටියොත් පීඩාවෙන් මිදෙන්නේ නැහැ.ඒක පුද්ගලික අයිතියයි.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි

🌕🌕🌕🌕🌕🌕

පව් පෝය අනතුර | සාකච්ඡා (කැනේඩියන් ජාතික ජෝ අතුලෝ හිමි)

පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක් - අතුලෝ හිමි ය දවසේ මිනිස්සු අට සිල් ති...