Tuesday, March 31, 2020

ඔබට තව විකල්පයක් තිබේ

ඔබට අවශ්‍ය සියලුම දේ ඔබට ලබා ගත නොහැක. එය කොහෙත්ම කළ නොහැකි දෙයක් . වාසනාවකට මෙන්, ඔබට තව විකල්පයක් තිබේ. ඔබේ මනස පාලනය කිරීමට, ආශාව හා පිළිකුල පිළිබඳ නිමක් නැති චක්‍රයෙන් පිටතට යාම ගැන ඔබට ඉගෙන ගත හැකිය. ඔබට අවශ්‍ය දේ නොකිරීමටත්, ආශාවන් හඳුනා ගැනීමටත් ඒවා පාලනය කිරීමටත් ඔබට ඉගෙන ගත හැකිය.


අසාර්ථක වීමේ හැඟීම

අසාර්ථක වීමේ හැඟීම තවත් ආධ්‍යාත්මික චිත්තවේගීය ප්‍රතික්‍රියාවක් පමණි. ඒ චිත්තවේගය සමග ඔබ සම්බන්ධ වන්නේ නම්, ඔබ තුළ ඇති ශක්තියෙන් එය පෝෂණය වන අතර එය තවදුරටත් වර්ධනය වේ. ඔබ හුදෙක් පසෙකට වී බලා සිටියහොත් එය පහව යයි.

Monday, March 30, 2020

ඉබාගාතේ යන අපි................

අප, ජීවත් වීම සඳහා ස්ථීර නිවසක් නැති විට කිසිම අරමුණක් නොමැතිව තැනින් තැන නවතිමින් සිට නැවතත් ඒ මේ අත ඉබාගාතේ යන්නවුන් වැනිය. ගමනක් යාම සඳහා තම ගමෙන් බැහැර ගිය අයකු මෙන් අප කුමක් කළත් අපේම නිවසට පැමිණෙන තුරු සැනසිලි සුවයෙන්තොර බවක් දැනේ. සුවපහසු ප්‍රබෝධවත් සැහැල් ̈සිතක් පහළ වන්නේ, තම නිවසට පැමිණි විට පමණි. ලෝකයේ කිසිම තැනක නියම සාමය දැක ගත නොහැකි වෙයි. එහෙයින් ඔබ තුළම සාමය උදාකර ගැනීමට බලන්න.

එසේම අප ධර්මය උගෙන ඒ ගැන දැනීමක් ලබා එය පුරුදු පුහුණු කර ඇතත්, අප එහි ඇති ගැඹුරු සත්‍යය අවබෝධ කර නොගතහොත් අප තවමත් නිවහනක් නැති, අරමුණක් නැති, අයාලේ ඇවිදින්නන්ගේ තත්ත්වයට පත්වේ.

ආචාන් චා හිමි



විපිළිසර භාවය ( කිමත්ථිය සුත්‍රය ඇසුරෙන් )


බුදු හාමුදුරුවෝ වදාරණවා ආනන්ද මේ සීලය, විපිළිසරය ම පරමාර්ථ කොට පවතිනවා. ඒ විපිළිසරයම ආනිසංස කොට තියෙනවා කියලා. දැන් පැති දෙකක් ප්‍රතිඵලයේ පැති දෙකක් පෙනෙනවා. ඒ කියන්නේ මොකක්ද ? ද්වේෂය පහළ වන නිමිත්තක් ඉදිරිපත් වුණ හැටියෙ සිත විපිළිසර කරනවා. රාගය පාලක නිමිත්තක් ඉදිරිපත් වුණ හැටියේ සිත විපිළිසර කරනවා. මොකද ඒකට වුවමනා කරන බලය අපි වගා කරලා තියෙනවා. එබැවින් විපිළිසර ඇති වුණොත් අර කිවූ දුක් විඳිමට සිද්ධ වෙනවා. ඉතාම අමාරුවෙන් විඳින්න සිදුවෙනවා. එබැවින් යම් කිසි පුද්ගලයෙක් තමා අමාරුවේ වැටෙන පැත්ත පෙනි පෙනී එකටම වැටෙනවා නම් ඒ මිනිහා ගැන කතා නැහැ. කතා නැත්තේ ඒ මිනිහා පිස්සෙක්. මේ වළේ වැටුණොත් ගොඩ එන්න බැහැ මනුස්සයෝ කියලා කියද්දිත්, කෑ නොගහ ඉඳින් පිස්සා, කියලා පනිනවා නම් අනේ ගොවියෝ පැනහන් පැනලා ඉතින් ඕකට වෙලා හිටපන් කියලා කියන්න වෙනවා. පැනපු මිනිහා ඒ දුක විඳිනවා ඇති. යම්කිසි පුද්ගලයෙක්, දන්නවා නම්, හිතනවා නම්, පිළිගන්නවා නම්, මේ තත්ත්වයෙන් තමයි සියල්ල මතු වුණේ, එමෙන්ම ලෝකයේ තියෙන සියලු අඩන්තේට්ටම් ගති මතු වුණේ, කැළඹුනේ කියලා එයා ලෑස්ති නැහැ දුක්විඳින්න. ඒක නිසා ලෝකයේ වැඩ මට නවත්වන්න බැහැ. ඒකට මම ලෑස්ති නැහැ කියලා ගත්තු හැටියේ එයා නවත්තන්නෙ මොකක්ද ? විපිළිසර භාවයයි එයා නවත්තන්නේ. විපිළිසර භාවය කියන්නේ නිමිත්ත ඉදිරියේ සිත කලබල වීම යි.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.

ලෝකයා දුවන ගමණක් තියෙනවා

 
ලෝකයා දුවන ගමණක් තියෙනවා. දුවන්නේ කොහේදැයි හෝ නොදැන දුවන ගමණක්. එකිනෙකා අභිබවමින්, එකිනෙකා පරයමින් දුව යනවා. කොහේද දුවන්නෙ? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සොයාගෙන. එසේ දිව යන ගමනෙ නතරවීමක් නැහැ. කලාතුරකින් කෙනෙක් නතරවෙලා කල්පනා කරනවා ඇයි මම දුවන්නෙ කියලා.
 
 

ගෞතම සම්බුද්ධ සසුන වනසන හිස් පුරුෂයෝ.....

මේ නිර්මල බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම අපි සැමගේ පරම යුතුකමක් ලෙස දකිමු.

සම්පුර්ණ විඩියෝව මෙතනින් නැරඹීමට හැකි අතර එය Report කරන්න

යමක ඇති අන්තරාදායක දැක නොමැති නම්……





කාම ආශාව ගැන කතා කළහොත් ඒ අත්හැර දැමීමට අපහසු ය. ඒ පවතින්නේ කුමන ආකාරයෙන්ද කියා දැක ගැනීමටවත් නොහැක. ඒ සඳහා අප කළ යුතු වන්නේ දක්ෂ උපාය මාර්ගයක් යොදාගැනීමයි. කෑමෙන් පසු දත් අතර ඇති කැබලි සිරවන මස් කෑම වැනි කාම සැපතක් ගැන සිතන්න. ඔබ කමින් සිටින එම මස් කා ඉවර වීමටත් පළමු දත් අතර සිර වූ මස් කැබලි ඉවත්කර දැමීම සඳහා දත් කටුවක් සොයා ගැනීමට අවශ්‍ය වෙයි. දැන් එම කැබලි එළියට ගත් විට ඔබට ටික වෙලාවක සුවයක් දැනෙයි. එවිට තවදුරටත් එම මස් නොකා සිටීමට පවා ඔබ කල්පනා කිරීමට පිළිවන. නමුත් ඒවා දකින විට නො කා සිටිය නොහැක. එම නිසා එවායින් ටිකක් නැවතත් කන්නෙහිය. එය ද දත් අතර සිර වෙයි. එය එසේ වූ විට නැවත වතාවක් ඒවා ඉවත් කිරීමට සිදු වෙයි. ඒ තුළින් නැවත වතාවක් සහනයක් ලැබෙයි. එම සහනය පවතින්නේ නැවත වතාවක් නො කන තෙක් පමණි. ඒ තුළින් සිදුවන සියල්ල එපමණකි. කාම සැපත මෙ වැනි දෙයකි. ඒ තුළ මීට වඩා වැඩි යමක් නැත. තෙරපීමෙන් ටිකක් පිටකරන හරින තෙක් එය ටිකෙන් ටික ඉහළ නගී.ඔව් , අනේ ඇත්තෙන් ම ඒ තුළ ඇති සියල්ල ඔන්න එපමණයි. දැන් ඉතින් මේ ගැන මෙතරම් කුලප්පු වන්නේ කුමකටද කියා මට නොවැටහෙයි.

මා මෙම දේවල් ගැන කිසිවෙකුගෙන් ඉගෙන නොගත් අතර ඒවා මගේ සිත තුළට ආවේ භාවනා පුහුණුවේ යෙදෙන විටය. වාඩි වී භාවනා පුහුණුවේ යෙදී සිටි විට මම මේ කම් සුවය ගැන මෙනෙහි කර බැලුයෙමි. එය දිමි ගොහොටයකට සමාන කරමින් ඒ ගැන මෙනෙහි කර බැලුයෙමි.යම් කෙනෙකු කෝටුවක් ගෙන විත් දිමි ගොහොටයකට අනින විට එම ගොහොටයෙන් එළියටත්, කෝටුව දිගේ පහළටත් දිව එන දිමියෝ, ගොහොටයට ඇන්න අයගේ මුහුණට ගොඩවී ඔහුගේ ඇසූත්, කනුත් සපා කති. එසේ වුවත් මෙවැනි මිනිසුන්ට තමන් වැටී සිටින අමාරු තවමත් නො පෙනෙයි.

ඒ කෙසේ වුවත් එයින් බේරී සිටීමට අපට අපහසු දෙයක් නොවේ. බුදුන් වහන්සේගේ දේශනාවෙහි සඳහන් වී ඇත්තේ යම්කිසිවක ඇති අන්තරාය කලින් දැනගෙන තිබුව හොත් එය කෙතරම් හොද දෙයක් ලෙස පෙනුනත් එය අන්තරාදායක දෙයක් ලෙස දැකගන්නා බවය. අන්තරාදායක ලෙස තවමත් දැක නැති කුමක් වුවත් අප කල්පනා කරන්නේ ඒ හොඳ දෙයක් ලෙසිනි. යමක ඇති අන්තරාදායක දැක නොමැති නම් අපට එයින් බේරී සිටීමට ද නො හැකිය.

පින්වත් ආචාන් චා හිමි ගේ දේශණාවක් ඇසුරෙනි

මෙලොව ඔබ සැප සොයන්නේ කෙසේද ?






දහම් පුහුණුව ඔබ හති වැටෙන තෙක් ඇවිදිමින්, දුව පනිමින් කළ යුත්තක් නොවේ. ඔබේ හිතේ ඇතිවන හැඟීම් දෙස සිහි නුවණින් බලන්න. ඇසින් රූපයක් දුටු විට, කනින් ශබ්ද ඇසුනාම,නාසයෙන් ආඝ්‍රාණය කලාම, ඒ සියල්ලම මේ එකම සිතේමයි පහළ වෙන්නේ, එනම් 'දන්නා අය', අනෙකුත් ඉන්ද්‍රියන් පිළිබඳව ද මෙසේය. මනසේ මෙවැනි සංඥාවල් හා හැඟීම් ඇති වුණාම මොකක්ද සිදුවන්නේ ? සංඥාව ප්‍රිය නම් ඉන් ප්‍රීතිය උපදිනවා. අප්‍රිය සංඥාවට අකමැති නම් දුක් ඇති වෙනවා. එපමණයි එහි තියෙන්නේ. විඳින පුද්ගලයෙක් නොමැත.

ඒ නිසා මෙලොව ඔබ සැප සොයන්නේ කෙසේද ? ඔබගේ මුළු ජීවිත කාලය ම ඔබ කැමති දේ පමණක් ඔබට අන් අය කියාවි ද? එය සිදුවිය හැකි ද ? නෑ එසේ නොවෙයි. එසේ නොවන්නේ නම් ඔබ කොහේද යන්නේ ? මේ ලෝකයේ ඒ වගේ. එය අපි දැනගත යුතුයි. ලෝකවිදු - ලොව පිළිබඳ ඇති තතු දැනීම. අපි ලොව හරිහැටි වටහා ගන්නට ඕනෑ. බුදුන් වහන්සේ මෙලොවයි වැඩ සිටියේ, වෙන කොහේවත් නොවේ.ගිහි ජීවිතය උන්වහන්සේ අත් දුටුවා.එහි සීමාව උන්වහන්සේ දැක එයින් අත් මිදුණා. ගිහියන් වශයෙන් ඔබ කොහේද පුහුණු වන්නේ.ඔබට පුහුණු වන්නට ඕනැ නම් දහම් මග යාමට ඔබ දිරි වැඩිය යුතුයි.ඔබ උනන්දුවෙන් ඒ මඟ යන්නේ නම් ඔබටද ගිහි ජීවිතේ සීමාව අත් දැක එය අතහරින්නට හැකි වෙනවා.

පින්වත් ආචාන් චා හිමි ගේ දේශණාවක් ඇසුරෙනි .

සැප ලබන පින් කරමු




යම් කෙනෙකුට අතීතය ගැන හිතලා සතුටුවෙන්ට බැරිනම්, අතීතයේ කළ කී දේ ගැන හිතලා පසුතැවෙනවා නම්, එයාට වර්තමානයේ සතුටක් නෑ. එයාට අනාගතේ සතුටක් තියේ ද? අනාගතේ සතුටුවෙන්ට විදිහකුත් නෑ. යම් කෙනෙක් අතීතයේ කළ කී දේ ගැන හිතලා වර්තමානයේ සතුටුවෙනවා නම්, එයාට වර්තමානයේ සතුට තියෙනවා. වර්තමානයේ සතුටු වෙන කෙනාට අනාගතයේත් සතුටුවෙන්ට පුළුවන්.
එනිසා අපි අතීතයේ කළ කී දේ ගැන සිතමින් පසුතැවෙන විදිහේ ජීවිතයක් ඇති කරගන්ට හොඳ නෑ. එහෙම ඇති කරගත්තොත් අපිට වර්තමානයේත් සැපක් නෑ. වර්තමානයේ සැපක් නැති නිසා ම අනාගතය උදෙසා අපිට සැපක් ඇති කරගන්ට බැරුව යනවා. ඉතින් යම් කෙනෙක් අතීතයේ කළ කී දේ ගැන හිතලා සතුටු වෙන්ට පුළුවන් නම්, පසුතැවෙන්නේ නැත්නම්, පිනා ගිය සිතින් එයාට වාසය කරන්ට පුළුවන් වෙනවා. වර්තමානයේ සතුටින් ඉන්න නිසා එයාට අනාගතයේත් සතුට උපදවාගෙන වාසය කරන්ට පුළුවන්කම තියෙනවා.

අපි කැමති වෙන්ට ඕන එබඳු ජීවිතයක් ඇති කරගන්ට. ඒ විදිහට යහපත් දේ කළ කෙනාට, අයහපත් දේ නොකළ කෙනාට වර්තමානයේ සතුටු වෙන්ට පුළුවන්, සතුට උපදිනවා. එයාට අනාගතයේදීත් සතුටු වෙන්ට පුළුවන්, මම යහපත් දේ කළා කියලා. මම මේ මේ විදිහට පින් කරගත්තා කියල එයා සතුටුවෙනවා. ඒ විදිහට සතුටුවෙන්ට පුළුවන්කම තියෙන්නේ පින් කළ කෙනාට නේද? එතකොට පින් කරන්ට නම් පිනෙන් සැප ලැබෙනවා කියන විශ්වාසය තියෙන්ටත් ඕන. ඒ විශ්වාසය තියෙන කෙනා පින කරනවා. එතකොට පින් කරපු කෙනා සතුටුවෙනවා ඒක සිහි කරලා. සිහි කරන්ට දෙයක් නෑ, එයාට සිහි වෙනවා.

එනිසා අපි කළ පින් සිහිවෙන විදිහට ජීවිතය හදා ගත්තොත් අපිට වර්තමානෙත් සතුට තියෙනවා. ඒ නිසා ම අනාගතයෙත් අපිට සතුටෙන් ඉන්ට පුළුවන්කම තියෙනවා. කළ පින් සිහිවෙන විදිහට අපේ සිත සකස්වෙන්ට නම් පින් කරන්ට ඕන. පින් කරන්ට නම් පින ගැන විශ්වාසයක් තියෙන්ට ඕන. මේ මේ දේ කළාම පින් රැුස්වෙනවා. ඒ පිනෙන් තමයි සැප ලැබෙන්නේ කියන විශ්වාසය අපි ළඟ තිබුණොත්, අපි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් දේ කරනවා, පින් රැුස් කරගැනීම පිණිස.

ඉතින් ඒ කටයුතු කළායින් පස්සේ එයාට සිහිවෙන්නේ කළ දේ ම යි. එතන අද්භූත දෙයක් නෑ නේද? අපි යම් දෙයක් කළා නම් ඒක අපිට සිහිවෙනවා. අපි යහපත් දෙයක් කළොත්, ඒ යහපත් දේ අපිට සිහිවෙනවා. අයහපත් දෙයක් කළොත්, අයහපත් දේ සිහිවෙනවා. යහපත් දෙයක් කළොත්, ඒකෙන් සිත සතුටුවෙනවා. අයහපත් දෙයක් කළොත්, ඒ ගැන සිතලා පසුතැවෙන්ට සිද්ධවෙනවා. අපි ඒක තේරුම් ගත්තොත්, යහපත් දේ කරන්ට සිත පෙළඹෙනවා. එයා සතුටෙන් ම තමයි ඒවා කරන්නේ. එයා දන්නවා මේ කරන දේ නිසා පින් රැුස්වෙනවා, පින නිසා සැප ලැබෙනවා කියලා එයට විශ්වාසයක් තියෙනවා.

ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එයා බහුල වශයෙන් ඒ විදිහට කටයුතු කරන්ට කරන්ට, එයාගේ ජීවිතේ පරිපූර්ණ විදිහට සැප ඇති කරගන්ට එයාට පුළුවන්කම තියෙනවා. සමහර අයට තියෙන ගැටළුවක් තමයි අතීතයේ කළ යම් යම් දේ සිහිකරමින් කණගාටු වෙනවා. එතකොට එයාට වර්තමානයේ සැපක් නෑ. එනිසා ම එයාට කරන දේ තුළින් හොඳ පින් රැුස්කරගන්ට බැරිව යනවා. සමහරවිට පින උපදින දේ කරනවා. එයාට සතුටු සිතින් කරගන්ට බෑ. ඇයි එයා කලින් කළ දේ සිහිකරනවා. ‘අපරාදේ මගේ ජීවිතේ මෙහෙමයි’ කියලා සිහි කරනවා. තැවි තැවී ඉන්නවා. එතකොට මේ ලැබුණ අවස්ථාව අපතේ යනවා.

එහෙනම් අපි අනාගතේ පසුතැවෙන්නේ නැති විදියට හිත හදාගන්ට ඕනැ. ඒක කළ යුත්තේ දැන් වර්තමානයේ. එනිසා අපට කල්පනා කරන්ට තියෙන දේ තමයි, අතීතයේ අපි ධර්මය දැනගෙන හිටියේ නෑ. සමහරවිට අකුසල් කෙරෙන්ට ඇති. ධර්මය දැනගෙන හිටියා නම් එහෙම වෙන්නේ නෑ. නමුත් දැන් අපිට ධර්මය ඉගෙනගන්ට ලැබුණා. හරි දේ මේකයි, වැරදි දේ මේකයි කියලා ඉගෙන ගන්ට ලැබුණා කියල සතුටු වෙන්න. පින ගැන ඉගෙන ගන්ට ලැබුනා, පිනේ විපාක ගැන ඉගෙන ගන්ට ලැබුණා, සැප ඇති කරගන්න විදිය ගැන අපිට ඉගෙන ගන්ට ලැබුණා කියලා සතුටු වුණොත්, එයා අතීතය අරභයා කණගාටුවෙන කෙනෙක් වෙන්නේ නෑ. එයා වර්තමානයේ සතුටුවෙන දේ උපදවාගෙන.

එනිසා අපිට මේ ලැබිලා තියෙන මහා ලාභය ගැන සිහිකරන්න. ඒ ලාභය සිහි කළොත් අතීතයේ වෙච්ච දේ ගැන කණගාටු වෙන්නේ නෑ. එයා සතුටු වෙනවා මට දැන් යහපත් දේ ලැබුණා කියලා. ඒත් එක්ක ම එයාට තේරෙනවා අතීතයේ යහපත් දේ නොතිබුණ නිසා ම මම අතින් අයහපත් දේ සිද්ධ වුණා. ඒකෙන් මට දැන් කණගාටුවෙන දේ තියෙනවා, පසුතැවෙනවා. එයා අනාගතේ තව දුරටත් පසුතැවෙන්ට කැමතිවෙන්නේ නෑ. එයා වර්තමානයේ ලැබුණ මහා ලාභය රැුකගන්නවා. හේතුව ඔහු ධර්මය නොදන්න කාලේ පිනක් රැුස් කරගන්ට නොලැබුණ නිසා ම වර්තමානයේ පසුතැවෙන ස්වභාවයන් එයාට තේරෙනවා. එහෙම කෙනා වර්තමානයේ ධර්මය ලැබුණාට පස්සේ ඒ ධර්මය ඉතා ම ගෞරවයෙන් සතුටෙන් පුරුදු කරගන්නවා. අතහැර ගන්නේ නෑ.

අතීතයේ ධර්මය මුණගැහුනේ නැති නිසා අපිට පින පව තෝරාගන්ට ක‍්‍රමයක් තිබුණේ නෑ. නමුත් දැන් ධර්මය ලැබුණ වෙලාවේ දී පින පව තෝරාගන්ට අපිට පුළුවන්. එනිසා ධර්මය ලැබුණ එක ගැන සතුටුවෙන්න. එතකොට අනාගතේ පින් රැුස් කරගන්න විදියට කටයුතු කරන කෙනෙක් බවට පත්වෙනවා. එහෙනම් අපි මේ සියලූ දෙනාට ම, පින ගැන, පින් රැුස්වෙන ආකාරය ගැන, පිනේ විපාකය ගැන බලවත් වූ විශ්වාසය ඇති කරගෙන, බලවත් විදියට පින් රැුස් කරගෙන, බලවත් වූ පුරුෂයින් බවට පත්වීම පිණිස භාග්‍යය උදාවේවා කියලා ආශිර්වාද කරනවා.

තෙරුවන් සරණයි...!
පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

A Few Mindfulness Exercises for the Pandemic- By Ajahn Jayasāro


𝘼 𝙛𝙚𝙬 𝙢𝙞𝙣𝙙𝙛𝙪𝙡𝙣𝙚𝙨𝙨 𝙚𝙭𝙚𝙧𝙘𝙞𝙨𝙚𝙨 𝙛𝙤𝙧 𝙩𝙝𝙚 𝙥𝙖𝙣𝙙𝙚𝙢𝙞𝙘

1) Be mindful of anxiety as a phenomena affecting body and mind. Don’t fight it or indulge it. See the anxious thoughts as simply thoughts, like clouds passing through the sky of the mind. See the physical sensations as merely sensation, part of nature. Breathe deeply. Imagine the anxiety leaving the body with the outbreath. Imagine calm and clarity entering the body and mind with the inbreath.
 
2) Develop mindfulness of the urge to touch the face, and endure through it. (Remembering how it feels when the impulse passes away is a help in resisting it the next time). Be mindful while washing your hands for twenty seconds. For example try reciting inwardly: 1 - Buddho, 2 – Buddho, 3 – Buddho up to 10 – Buddho, then 10 – Buddho, 9 – Buddho … down to zero. Be mindful of the distance between you and others.
 
3) Develop mindfulness as an inner refuge by daily periods of chanting and meditation. Chanting Pali verses with full attention Is calming. Chanting in translation brings to mind important reflections that are uplifting and wise. Meditation helps to create a quiet oasis of inner calm amid all the confusion of daily life.
 
4) Be mindful of children’s fears. Explain the virus to them as best as you can, encourage them to ask questions. Let them know that their safety is your first concern. Beware of your speech concerning the virus in their prescence.
 
5) Be mindful of your use of social media. Restrict your consumption of news. Catching up once or twice a day is sufficient. Avoid unreliable social media that stir up fears or are full of miracle cures. (This will all be much easier if you observe how your mental state is affected by what you look at on your screen). If you have children, ensure that they are similarly restrained.
 
6) Be mindful of the suffering of others. Don’t be reckless. Don’t be selfish in your use of precious resources. Get together with like-minded friends and offer assistance to any elderly people at risk or children going hungry.
 
7) Be mindful of this opportunity to spend some quality time with your family.



Reflections By Ajahn Jayasāro Thero

Saturday, March 28, 2020

නිරෝධය
















ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති,
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
කොත්මලේ කුමාර කස්සප හිමි


ස්කන්ධ පංචකය අහේතුක ව අප්‍රතිකව ඉපදුන දෙයක් නො වෙයි. ස්කන්ධ පංචකය ආහාරය නිසා හටගත් දෙයක් යනුවෙන් දැක, ඒ හටගත්ත ආහාරයාගේ නොඇලීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස උත්සාහවත් වෙනවා.

ඒ ආහාරයන් ටික යම් හේතු ටිකක් නිසා ස්කන්ධ ධර්මතා ටික හටගත්තා නම්, ඒ හේතු ටික නැතිවෙලා යන විට, ස්කන්ධ ධර්මතා ටික නැතිවෙලා යාම සිද්ධ වෙනවා. එවිට ඒ ස්කන්ධ ධර්මතා හේතු ටික අනුව ගොඩ නැඟුණු ස්කන්ධයන් හේතු ටික නැති වෙන විට නැති වෙනවා යනුවෙන් දකින, ඒ උත්තරීතර දර්ශනය නිසා තමයි, ස්කන්ධයන්ගේ මිදීම මෙහි නිරෝධය වන්නේ.

මෙහි නිරෝධය නමැති වදන තැන් දෙකක භාවිත වුණා. නිරෝධය වචනය පාවිච්චි වෙන විට, ආහාර නිසා හටගත්ත ධර්මය , ආහාරයාගේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා යනුවෙන් කතා කරනවා. ඉන්පසුව මෙය බලන්න , කුමක් පිණිස ද? ස්කන්ධයන්ගේ නිරෝධය සඳහා යනුවෙන් අපි සඳහන් කරමු. මෙහි අපට නිරෝධය වදන අර්ථ දෙකක ලැබෙන අතර, එකක් හටගත්ත ධර්මයන්ගේ ඉතිරි නැතිව නිරුද්ධ වන ස්වභාවය, අප කියනවා සමුදය ස්වභාව කොට ඇති ධර්මයන් ඇති වීම ස්වභාව කොට ඇති ධර්මයන් නැතිවීම ස්වභාව කොට පවතිනවා. එසේත් නොමැති නම්, යමක් සමුදය ස්වභාව කොට පවතිනවා නම්, එය නිරෝධය , නැතිවීම ස්වභාව කොට පවතිනවා යනුවෙන් .

එවිට මෙලෙස පවතින නිරෝධය , නිරෝධ සත්‍ය යනු නැති බව යි. හේතුව එය නිරෝධ සත්‍ය බවට පත් වුණොත්, අප නිවන් දැක තිබෙන්නේ අප විසින් නිවන් දැකීම සඳහා අමුතුවෙන් කළ යුත්තක් අපට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා අප නිරෝධය කියන කාරණාවේ දී තේරුම් ගන්නට ඕනේ, ක්ෂණික නිරෝධයක් තියෙනවා, ක්ෂණික නිරෝධයක් යනු ස්කන්ධයන්ගේ හටගෙන , හැම මොහොතක ම බිඳී යන ස්වභාවයක් තියෙනවා. ස්කන්ධයන් මේ මොහොතේ හටගත් ස්කන්ධයන් නැවත හට නොගන්නා ලෙස ඉතිරි නැතිවම බිඳී යනවා. ස්කන්ධ පංචකය හට ගන්නවා. ස්කන්ධ පංචකය බිඳී යනවා.

උදාහරණයක් ලෙස සඳහන් කළොත්, ඔබට රූපයක් එළියේ පෙනෙන අවස්ථාවක දී ඔබ ඉදිරිපසින් ඇති ගසක් අප දකිනවා කියන මේ සංසිද්ධිය තුළ ඇසට අනාත්ම වර්ණ සටහනක් පතිත වෙනවා. වර්ණ සටහන දන්නේ නැහැ, ගසක් අරගෙන ඇසට එනවා යනුවෙන් දන්නේ නැහැ. එසේම ඇස දන්නේ නැහැ, වර්ණ සටහන ගසක් අරගෙන ඇවිත් ඇසට පතිත වුණා යනුවෙන් ඇස දන්නෙත් නැහැ. එවිට එතැන තියෙනවා, අනාත්ම ධර්මතාවයක්, අනාත්ම වර්ණ සටහනක්, ඇසෙහි ඇති ප්‍රසාදවත් බව නිසා, ඔපවත් බව නිසා, ඇසට පතිත වුණා යනුවෙන් ඒ ස්වභාවය තියෙනවා. එවිට ඒ ධර්මය නිසා අපට පෙනීම යන ක්‍රියාව නැතිනම් දර්ශනය කියන දේ සිද්ධ වුණා, එවිට දර්ශනය කියන දේ සිද්ධ වුණාට ඒ අවස්ථාවේ දී පැවතුණ එකම තැනකදිවත් අපට ගස කියන දේ ඇසට ආවා හෝ ඇස ගහ දැනගත්තා කියන තැනකට පැනවීමකට යන්නේ නැහැ.

එසේම සිතෙන් අප ඒ වේලාවේ දී රූපය පිළිබඳ අරමුණු කරන විටත්, ඇස ගස දැනගන්නවා කියන තැනකදී නැතිනම් ප්‍රත්‍යඤ්ඤ මාත්‍රයක් දැනගන්නවා කියන තැනකට යන්නේ නැහැ. නමුත් අප මනෝ විඤ්ඤාණය පැත්තෙන් රැස් කර ගන්නවා, සම්පූර්ණම එළියේ තියෙන ගස පිළිබඳව ආශ්‍රව ටිකෙන් , නිමිති වශයෙන් අරමුණු කර දැනගන්නවා, දැනගන්නේ කවර ස්ථානයක තියෙන ගසද යනුවෙන් බාහිර සතර මහා ධාතුව පැත්තේ ගසක් ඇති බවට අපට පේනවා කියන දේ පිළිබඳ අප දැනගන්නවා. ඇත්තටම මෙලෙස පෙනෙන සිද්ධිය, තුළ අපට ගසක් සහ ගස දකින පුද්ගල භාවයත්, නිර්මාණය වීම තමයි, සිද්ධ වෙලා තියෙන්නේ. ගසක් සහ ගස දකින පුද්ගල භාවය තමන්ගේ පැත්තෙන් නිර්මාණය වීම යි.

ඒ නිසා අපට ඇත්තට ම මේ සිද්ධිය තුළ හටගත්ත ධර්මයන් ඉතිරි නැතිව නිරුද්ධ වෙනවා යනුවෙන් සඳහන් කළේ, හටගත්ත ධර්මයන්ගේ ඉතිරි නැතිව නිරුද්ධ වීමේ දී ඇසට පැමිණි වර්ණ සටහන රූපය පෙර නොතිබීම ආවා. එනම් පෙර තිබිලා පැමිණියා නො වෙයි, ඒත් තිබුණට පසුව නැවත එනවාත් නො වෙයි, උදාහරණයක් සඳහන් කළොත්, එක වතාවක් අප විදුලි පන්දමක එළියක් පත්තු කර නැවත නිවා, නැවත දල්වද්දී පෙර තිබුණු එළිය නො වෙයි, අලුතෙන් ම හේතු ටික නිසා හටගත් ඵලයක්. මෙලෙස ඇසට ඇතිවන පාට ටික, වර්ණ සටහන පෙර පැමිණි දෙය නො වෙයි, එසේම මේ දැන් එන දේ අනාගතයට එන දේත් නො වෙයි, ඒ නිසා කියනවා, පෙර නොතිබීම හට ගත්තා, ඉතිරි නැතිවම නැතිවුණා යනුවෙන් සඳහන් කරනවා. එවිට පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිව නැතිවී යන ධර්මතාවක් වන්නේ, රූපය පැත්තෙන් ඇස සහ රූපය පැත්තෙන් තිබුණෙත්, ඒ වගේම ඒ ඇස සහ රූපය ඇති කල්හි, එතැනට යොමු වුණ සිතේ ස්වභාවයත් , එසේම අප ගස යනුවෙන් දැනගත් දෙයක්. එවිට ඒ දැනගත්ත ගස නැවත කවදාකවත් දැනගන්න පුළුවන්කමක් නැහැ. එය එකම ගඟෙන් දෙපාරක් ස්නානය කරන්න බැහැ වගේ දෙයක්. අපට කවදාකවත් එකම ගංඟාවකින් දෙවරක් නාන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ.

නමෝ බුද්ධාය...!!!
තෙරුවන් සරණයි

නිරෝධය සහ නිරෝධ සත්‍ය









 

 

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති,
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
කොත්මලේ කුමාර කස්සප හිමි


නිරෝධය යනුවෙන් සඳහන් කරද්දී සියලුම නිරෝධයන් නිරෝධය වුණාට නිරෝධ සත්‍ය බවට පත් වන්නේ නැහැ. නිරෝධ සත්‍ය නිරෝධයත් , නිරෝධ සත්‍යයත් වෙයි. ඒ නිසා අප නිරෝධය සහ නිරෝධය සත්‍ය පිළිබඳව තේරුම් ගෙන සිටීම වැදගත් වෙයි. කුමක්ද? නිරෝධය පිළිබඳව අවබෝධයක් නැතිනම්, නිරෝධ සත්‍ය පිළිබඳව අවබෝධ කරනවා යන කාරණය සිද්ධ නොවන දෙයක්. ඒ නිසා අප නිරෝධය සහ නිරෝධය සත්‍ය පිළිබඳව තේරුම් ගෙන සිටීම වැදගත් වෙනවා. අපට බුදුරජාණන් වහන්සේ නිරෝධය පිළිබඳ ව දේශනා කළ අවස්ථා බොහොමයක් ත්‍රිපිටකය තුළ දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ අතර බොහොමයක් නිරෝධය පිළිබඳව ප්‍රධාන වශයෙන් ම දැක්වෙන්නේ නිවන ඉලක්ක කරගෙන දේශනා කළ ආකාරය යි. එනම්, නිවන හැඳින්වීම පිණිස භාවිත වුණ වදනක් හැටියට. අප සාමාන්‍යයෙන් ‘මොක්ඛො නිරොධෝ ඛො නිබ්බාණං’ යනුවෙන්. එවිට ඒ මෝක්ෂය ,නිරෝධය ආදී නිවනට කියන පර්යාය නාමයන් ලෙසින්. එසේම ‘විරාගාය නිරෝධාය’ ආදී විරාගය පිණිස, නොඇලීම පිණිස නිරෝධය කියන තැන බොහෝ වේලාවට අපට, සූත්‍රවල දකින්නට පුළුවන්කම තියෙනවා, එවිට ‘රාගස්ස නිරෝධො දොසක්ඛො නිරොධෝ දෝසස්ස නිරොධෝ යනුවෙන් අපට රාග, ද්වේශ, මෝහයන්ගේ නිරෝධය කියන දෙය ද දකින්නට පුළුවන්කම තියෙනවා.

එසේම ස්කන්ධයන්ගේ නිරෝධය යනුවෙන් අපට නොයෙක් අවස්ථාවල දකින්නට පුළුවන්කම තියෙනවා. මේ සෑම තැනකම බහුතර ප්‍රදේශයක දී නිරෝධය යන වචනය ආවරණය වන්නේ නිවන කියන කාරණාව යි. නමුත් නිරෝධය යන වචනයට හටගත් ධර්මයන්ගේ ඉතිරි නැතිව නිරුද්ධ වන ස්වභාවය පිළිබඳවත්, විග්‍රහ වන ආකාරය අපට දකින්නට පුළුවන්කම තියෙනවා.

විශේෂයෙන් ම සංයුක්ත නිකායේ භූත සූත්‍රය ආශ්‍රයෙන් ගත් විට, කරුණු විමසීමක් කළොත් අපට ඒ පිළිබඳව යම් පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. භූත සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේගෙන් විමසනවා, ‘භූත නිගන්ති සාරිපුත්ත පස්සති’ සාරිපුත්‍රය මේ භූතයා යි දකිනවා ද? භූත වචනයෙන් හඳුන්වන්නේ පංච ස්කන්ධ ධර්මයන්. ස්කන්ධ ධර්මතා පහ භූතය කියන වචනයෙන් හඳුන්වනවා. එවිට මේ භූත කියන වචනයෙන් කියන්නේ වූ දෙය යි. මෙතන භූත කියන්නේ හටගත්ත දේ යි. නැතිනම්, වූ දෙය යි.නැතිනම් තියන යථාර්ථමය වශයෙන් පවතින ස්වභාවය යි. ඇත්තම පිරිසුදු ස්වභාවය හැඳින්වූවාට ගැටලුවක් නැහැ. එවිට භූතය කියන දෙය දකිනවාද යනුවෙන් අසා මේ භූතය යැ’යි දැනගෙන ‘භූත මිදංති යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නො හෝති’ එවිට භූතය මේ ටිකයි යනුවෙන් දැනගන්නේ මේ ස්කන්ධ ධර්මතාවයන්ගේ නොඇලීම පිණිස , විරාගය පිණිස, නිරෝධය පිණිස, ‘පටිපන්නො හොති’ පිළිපන්නේ වෙයි.

එවිට විඳින්න විරාගයට පත් වන්නට නොඇලීම පිණිස, එසේම නිරෝධයට පත් කිරීම පිණිස පිළිපන්නේ වෙයි, යනුවෙන් සඳහන් කරනවා. එවිට ස්කන්ධ ධර්මතාවයන්ගේ නිරෝධය පිණිස , ස්කන්ධ ධර්මතාවයන් නැති කරන්න , සරලව ම වචනය භාවිත කළොත්, අපට කියන්නට පුළුවන්. උත්සාහවත් වෙනවා කියනවා නිවන් දකින්නට හොඳම කෙනා. එවිට ඒ පිළිබඳව නැවත විග්‍රහ කරනවා, කොයි විදිහට ද අප ඒ නිරෝධය පිණිස බලන කෙනා, විරාගය පිණිස, නොඇලීම පිණිස බලන කෙනා මනසිකාරය පවත්වන්නේ යනුවෙන් නැවත විග්‍රහ කරනවා. 

නමෝ බුද්ධාය...!!!
තෙරුවන් සරණයි

කොරෝනා සහ සමස්ථ ප්‍රජාවගේ හැසිරීම

කොරෝනා වයිරසය ව්‍යාප්ත වෙමින් යන අවස්ථාවේ සමස්ථ ප්‍රජාව හැසිරීම කුමන ආකාරයෙන් විය යුතුද ? යන්න පිළිබදව ල‍බු‍නො‍‍රු‍ව කන්‍‍ද ‍ආරණ්‍ය සේ‍නා‍ස‍න‍ වාසී කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ සිදුකල කෙටි අනුශාසනාවක් !

නමෝ බුද්ධාය...!!!

තෙරුවන් සරණයි

නොමැරෙන මිනිසුන් ලෙස ජීවත්වෙන්නට උත්සාහ ගන්නේ ඇයිද මිනිසුනේ?



 










ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

අපගේ මෙම රටේ ලක්‌ෂ ගණනාවක්‌ බෝධිසත්ව ගුණැති දෙමව්පියෝ, මහත්ම මහත්මීන්, තරුණ දූ පුතුන් සිටිති. ඒ සියලු දෙනාම මේ රටට ද ලොවටද ආශිර්වාදයකි. ඒ වාගේම තවත් පිරිසක්‌ නපුරුකම් පිරී ජීවත්වෙන බවත් පෙනෙන්නට තිබේ. අවාසනාවක මහත නම් මෙම පිරිසේ ප්‍රමාණය අඩුවන බවක්‌ පෙනෙන්නට නොතිබීමයි. කිසියම් හෝ වෙලාවක ඔබත් මෙහෙම සිතා තිබෙනවාද? නැතිනම් කවරකුගෙන් අසා තිබෙනාවාද?


'මේ තරම් බණ කියන රටේ ඇයි මේ තරම් අපරාධ කියල?' ස්‌වාමීන් වහන්සේ ඔබගෙන් මෙහෙම අහන්නට කැමැතියි. 'මේ තරම්වත් ගුණ යහපත් මිනිසුන් සකස්‌වෙලා ජීවත්වෙන්නේ මේ නිරන්තරයෙන් බණ කියන නිසා නොවේද කියලා?' 

සෑම ඉරිදාවකම අපේ රටේ සෑම විහාරස්‌ථානයකම වාගේ දහම් පාසල් පවත්වා, දරුවන්ට යහමඟ පෙන්වා දෙන්නට කොපමණ වෙහෙසක්‌ ගන්නවාද? එය මුදලකට කරන සේවාවක්‌ නොවෙයි. එය ස්‌වෙච්ඡා සේවාවකුයි. පොහොය දවස්‌වල සෑම විහාරස්‌ථානයකම, සිය ගණනාවකට, යම් තැනක දහස්‌ ගණනාවකට මෙලොව, පරලොව දෙලොව ජීවිතයේම යහපත පිණිස සීල, සමාධි, ප්‍රඥ ගුණ ඔස්‌සේ මාර්ගය සකස්‌කොට දෙනවාද? සතිපතා, මාස්‌පතා, තරුණ දහම් හමුව, සිත සුවපත් කරන භාවනා මාර්ගය ඔස්‌සේත්, කිසිදු භේදයකින් තොරව මනුෂ්‍ය ප්‍රජාවට සෙතක්‌ සලසනවාද? කලාතුරකින් යම් තැනෙක වැරැද්දක්‌ කෙරෙනවාද දන්නේ නැහැ. එනමුත් මා දන්නා පරිදි, මේ සෑම ස්‌ථානයකම, ඉතාම සත්භාවයෙනුයි මෙම සේවාවන් සිදුකරන්නේ. මුදල් හරි හම්බ කරගන්නවත්, බෞද්ධාගමට හරවා ගන්නවත් අහිංසක දුප්පත් මිනිසුන්ව මුළා කරවන්නවත් නොවෙයි. 

වර්තමාන ඔබ පවසන ආකාරයට කාර්යබහුල, හුස්‌ම ගන්නවත් වෙලාවක්‌ නැති උදේ පාන්දර මාර යුද්ධයක්‌ වගේ ගෙදර වැඩ ඇති, පරිසරයක ඔබට ඕනෑම වේලාවක නිදහසේ පැමිණෙන්නට හැකි එකම ස්‌ථානය පූජ්‍ය ස්‌ථානය පමණයි. බොහෝ දෙනා කලබලකාරී ජීවිත ගත කරති. තම සොහොයුරු සොහොයුරියකගේ නිවසක වුවද නොදන්වා ගියොත් දෙපිරිසම අපහසුතාවට පත්වන පරිසරයක්‌ නිර්මාණය වෙමින් පවතී. උතුම් බුදු දහමේ ඉගැන්වෙන අපමණ වූ මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්‌ඛා ගුණ මතුකොටගෙන සියලු දෙනාම මුළුමනින්ම සතුටු කළ නොහැකි වුවත්. වැඩි පිරිසකට සැනසිය හැකි මාර්ගයක්‌ ඇතිකර ගැනීමට උත්සාහ කරමු. මේ සියලු දේ පවසන්නේ ඔබ කෙරේ කරුණාවෙන් මිස අවමන් කිරීමේ හෝ තමන් පමණක්‌ නිවැරැදියි අනෙක්‌ අය වැරැදියි කියන ගුප්ත අදහසකින් නම් නොවේ. 

ඔබට කවුරුන් හෝ මෙසේ පවසනු ඇසී තිබේද? ඔබ සත්පුරුෂ අයෙක්‌ ලෙස කවුරුන් ගැන හෝ මෙසේ සිතා තිබේද? 'බලන්න, අර අය කතාකරන්නේ හරියට මැරෙන්නේ නැහැ කියල හිතාගෙන වගෙයි. බලන්න, හැසිරෙන හැටි. බලමුකෝ ඔය අනුන්ගේ දේවලුත් අසාධාරණ විදියට පොදි බැඳගත්තට යනකොට කරගහගෙන අරගෙන යාවිද කියල. මේ මිනිස්‌සු නම් හැසිරෙන්නේ කතා කරන්නේ හරියට අමරණීයයි කියලා හිතාගෙන වෙන්න ඇති.' මෙවැනි අදහස්‌වල ගැබ්වෙලා තිබෙන්නේ කුමක්‌ද? සමහර පුද්ගලයෝ හොඳ නරක පින්පව් අමතක කරලා, අනෙක්‌ අයට මොනව වුණත් කමක්‌ නැහැ මගේ කුස පිරෙනවා නම් යන අදහසින් යුතුව කටයුතු කරන බවයි. 

මේ ලිපියේ ආරම්භයේදී සඳහන් කළා මෙන්ම බෝධිසත්ව ගුණැති අප්‍රමාණ සත්පුරුෂ මනුෂ්‍යයෝ සිටිති. එනමුත් මෙලොවක්‌ පරලොවක්‌ පිළිබඳ විශ්වාසයක්‌ වැටහීමක්‌ හෝ ඒ ගැන සිතන්නටවත් ඕනෑකමක්‌ නැති පිරිස්‌ද වැඩිවෙමින් පවතී. දිනපතාම සිදුවන හා සිතාමතා සිදුකරන සොර මැරකම්, ජීවිත හානි, කාන්තාවන්ට හා දියණිවරුන්ට සිදුවන අපරාධ මේ බවට සාක්‌ෂි දරති. මේවා වැඩිවීමට හේතු වශයෙන් විවිධ තර්කවාද ඉදිරිපත් කළ හැකිය. රටේ දේශපාලනය, ආර්ථිකය, සමාජ විෂමතාවය ලෙසින් විවිධ අදහස්‌ ඉදිරිපත් විය හැකිය. එනමුත් අප සියලු දෙනා හැකිතාක්‌ දුරට අපගේ හදවත්වලට ආධ්‍යාත්මයට කතා නොකරන්නේ ඇයි? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට ඇති ධම්මපදයේ සඳහන් මෙම ගාථා රත්නය විමසා බලන්න.

'අත්තනාච කතං පාපං
අත්තජං අත්ත සම්භවං'
අභිමන්ථති දුම්මේධං වජිරං
වස්‌ම මයං මණිං'

මෙහි තේරුම නම් තමා කළ, තමා කෙරෙහි උපන්, තමාගෙන්ම හටගත් පාපය, ඒ පව් කළ අනුවණයා අතිශයින්ම පීඩාවට පත් කරයි. ගලෙන් හටගත් දියමන්තිය ඒ ගලම කාදමන්නාක්‌ මෙනි'. 'දුල්ලභංච මනුස්‌සන්තං', මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබීම දුර්ලභය යනුවෙන් පැවැසූ පරිදි ලැබූ මේ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන්, ප්‍රයෝජනයක්‌ ලැබිය යුතුය. ඒ මානුෂික ගුණාංග මතුකරගෙන, යහපත්වූ මනුෂ්‍යයෙක්‌ හැටියට ජීවත්වීමෙනි. එසේ නොමැති වුවොත් ඉහත පාලි ගාථාවෙන් සඳහන් කළ අයුරින් තමාගේ විනාශය තමා විසින්ම ඇතිකරගනු ඇත. මැරෙන බව, මහළුවීම, හෝ දිරාගෙන යන බව, ලෙඩවෙන බව මතක්‌ කරන්නේ ඔබව දිරාගෙන යවන්නට නොවේ. ලෙඩ කරවන්නටද නොවේ. මරණය කරා ඇද දමන්නටද නොවේ. අපි මතක්‌ කළද එසේ නොමැති වුවද මහළුවීමෙන්, ඉන්ද්‍රිය දුබලවීමෙන් ලෙඩදුක්‌වලට ගොදුරු වීමෙන් හෝ මරණයෙන් අපට බේරීමක්‌ හෝ ගැලවීමක්‌ නැත. 

ඔබ ගමන් කළත්, වාඩිවී සිටියත්, සිටගෙන සිටියත්, නිදාගෙන සිටියත්, මෙම ජරා, ව්‍යාධි, මරණ ආදී විපරිණාම ධර්ම ස්‌වභාවිකව සිදුවෙයි. මේවා අමතක කිරීමෙන් හෝ අමතක කරන්නට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ දයා, කරුණා, මෛත්‍රී ආදී ගුණවලින් බැහැරවී පස්‌පව්, දස අකුසල්වලට යොමුවීමය. එම අවස්‌ථාවේදියි බොහෝ දෙනා පවසන්නේ මේ මිනිස්‌සු නම් ජීවත්වෙන්නේ මැරෙන්නේ නැතුවා වගේ'. 

මේ අහන්න ජීවිතයේ යථාර්ථය පිළිබඳව. සත්‍යකතාව මෙයයි. ලෙඩ රෝගවලට ආකරයක්‌ බඳු අපි සියලු දෙනාගේම ශරීර හරියට සමාන කළොත්, ඇවිදිනා වැසිකිළියක්‌ බඳුය. ශරීරයේ ඇතුළත පවත්නා අපවිත්‍ර දැ නිතරම එළියට එනවිට ශරීරය බාහිරව පිරිසිදු කොට තබාගන්නට කොපමණ වෙහෙසෙනවාද? දවසකට කොපමණ වාර ගණනාවක්‌ පිරිසිදු කරනවාද? ලෝකයේ හෝ අපේ රටේ වුවත් මිනිස්‌සු සුදු හෝ කළු හෝ දුඹුරු පාටින් පෙනෙන්නට සිටියත් සමේ උඩ සිවිය ඉවත් වුණොත් ලුණු ගෙඩියක පිට සිවිය ඉවත් කළා වගේ දැක ගන්න ලැබේවි. කුමන ආකාරයකින් හැඳ පැළඳ සරසාගෙන සිටියත්, දිරාගෙන යන අපවිත්‍ර දැ නිතර වහනය වන දුගඳ හමන ශරීරයේ හැබෑ ස්‌වභාවය නම් එයයි. මින් අදහස්‌ කරන්නේ නිවැරැදි විදියට, නිවැරැදි පැවැත්මක, හඳින්නට සහ පළඳින්නට සැරසෙන්නට එපාකියන එක නොවෙයි. මින් අදහස්‌ කරන්නේ මේ ආකාරයේ ස්‌වභාවයක්‌ ඇති අපි සියලු දෙනා අනෙක්‌ අය පහත්කොට සළකන්නේ? මුහුණේ පාට හෝ පෙනුම නිසා, මුදල් හෝ තනතුරු නිසා ජාති, ආගම්, කුලමල නිසා හෝ ඇයි තවත් කෙනෙක්‌ පහත්කොට සලකන්නේ? ඇයි වැරැදි ආකාරයෙන් රාගයෙන් හෝ ද්වේෂයෙන් මුසපත්වෙලා තිරිසන් ලෝකයේ මෙන් හැසිරෙන්නේ?

යම් නිවසක, ස්‌වාමියා බිරිඳ අතර මෙවැනි වචන පෙළක්‌ ඔවුනොවුන් කෙරේ පිටවුණොත් කුමක්‌ද හැඟෙන්නේ? 'මොකටද මේ වගේ මනුෂ්‍යයෙක්‌ මට හමුවුණේ?' සංසාර ගමනේවත් මේ වගේ මනුෂ්‍යයෙක්‌ නම් මට හමුවෙන්නට එපා. මම මේ උහුලාගෙන සිටින්නේ අහිංසක දරුවන් නිසයි.දරුවෝ නොසිටින්න මම මියෑදිලා වළදාපු තැන්වල ගසුත් පැළවෙලා'. මෙය කියන ඔබට හෝ කිසිවකුටත් මෙවැනි වදන් පෙළක්‌ අසන්නට හෝ කියන්නට තරම් අභාවිත සිත්වලින් අප්‍රසන්න පවුල් පරිසරයක්‌ ඇති නොවේවායි ස්‌වාමීන් වහන්සේ මහත්වූ කරුණාවෙන් අධිෂ්ඨාන කරන්නට කැමැතියි. මම ඔබට ආරාධනා කරන්නේ මෙවැනි වදන් පෙළක්‌ ඔවුනොවුන් අතර ඇසෙන්නට පවුල් පරිසරය සකස්‌ වේවා යන්නය. 'ඔබ - මම හමුවුණේ සංසාර ගමනේ පිනකට වෙන්නට ඇති. නිවන් මඟට මත්තෙන් නැවත ඉපදුනොත් නැවත හමුවෙන්නට කැමැතියි'. මෙම අදහස සසර ගමන දීර්ඝ කරන්නට පවසන අදහසක්‌ නොවේ. මෙවැනි වචනවලින් අදහස්‌ වෙන්නේ ජීවිතයේ සැබෑ ස්‌වභාවය තේරුම්ගෙන ජීවත්වන ස්‌වාමිපුරුෂයකුගේ සහ ස්‌වාමි දියණියකගේ හදවත්වල පහළවන සුපසන් හැඟීම්වල ගුණ සුවඳ නොවේද? 'මොකටද අපි හමුවුණේ මෙහෙම දුක්‌විඳින්නට කියා හඬා වැටෙනවාට වඩා, අපි අපට සැනසිල්ලක්‌.වාසනාවක්‌ යෑයි පැවැසීමම ගෘහස්‌ථ ජීවිතයක කොපමණ නම් භාග්‍යයක්‌ද? මෙය කියවන ඔබම සිතින් කියන්න, මෙය හරිද වැරැදිද කියා. තට්‌ටු පිට ගෙයක්‌ තිබුණත්, කාමර හත අටක්‌ තිබුණත්, යාන වාහන තිබුණත්, තනතුරු තිබුණත්, රනින් කළ යහනාවක නිදාගන්නට හැදුවත් සිතට සැනසිල්ලක්‌ නොමැති නම් එම ජීවිතයේ තේරුම කුමක්‌ද? ඉහත සඳහන් කරන ලද කුමන සම්පත් පැවැතියත් 'හිතේ සතුට නැතිනම්, ඔබම කෑගසා කියාවි. මේ මොනවත් මට එපා. පිං සිද්ධ වෙයි මට ඕන මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නට' කියලා. එහෙම නැතිනම් කියාවි 'මොකටද මෙහෙම සිතේ සතුටක්‌ නැතිව දුක්‌විඳගෙන ජීවත්වෙලා' කියල.

අපි සෑම කෙනකුටම මැරෙන බව හදවතින්ම දැනගෙන ජීවත්වෙන්ට හැකිනම් සංසාර ගමනේ අපහසුවෙන් ලද මේ උතුම් මනුෂ්‍ය ජීවිතය, නහගන්නට නොව දහමින් සනසාගෙන සතුටින් ජීවත්වන්නට හැකියාව ලැබේවියි ඔබ අසා ඇති. සිංහල ව්‍යවහාරයෙහි රත්තරන් මිනිස්‌සු, මව්වත් මිනිස්‌සු, සීදේවි මිනිස්‌සු යෑයි පවසන්නේ, මුහුණේ පෙනුම, මුතු මැණික්‌ රත්තරන් හෝ ගෙවල් දොරවල් යාන වාහන ගැන සිතා නොවෙයි. මිනිස්‌සු රත්තරන් වෙන්නේ හැදුනුකම හෙවත් සිල්වත්කමත් සමගයි. මනුස්‌සකමත් සමගයි. මනුස්‌සකම මතුවන විට නොමැරෙනවා වගේ ජීවත්වෙන්න උත්සාහ ගන්නේ නැහැ. ජීවිත ගැන ගැඹුරින් තේරුම් ගන්නට, මෙම හැබෑ පුවත ඔබට කාරුණිකව සඳහන් කරමි.

'මම, කොළඹ අවට රෝහලක ධර්ම දේශනාවක්‌ පවත්වමින් සිටියෙමි. ධර්ම ශ්‍රවණය කරන පිරිස්‌ කෙළවර, හිසේ කෙස්‌ ගසක්‌වත් නැති වැඩිහිටි අම්මා කෙනෙක්‌ අපහසුවෙන්මෙන් වාඩිවී සිටිනු දුටිමි. ධර්ම දේශනාව අවසානයේ තවත් මව්වරුන් කීප දෙනකුගේ අත්වාරුවෙන් අප වෙතට පැමිණි අම්මා මෙසේ කීවාය. 'බුදු පුතේ වාට්‌ටුවේ සිටියත් ඔබ වහන්සේගේ හඬ ඇහෙනවා. ඒ වුණත් මෙතැනට ආවේ බුදු පුතකුගේ මුහුණ දැකගන්නට ඕන නිසයි. මේ ළඟකදී ඉඳලා විශාල වේදනාවක්‌ ශරීරයේ දැනෙනවා. හරියට තියුණු ආයුධයකින් එහාට මෙහාට අදිමින් මස්‌ කැබලිවලට කපනවා වගෙයි. අද රාත්‍රියේද දන්නේ නැහැ ඇස්‌දෙක පියවෙන්නේ? ඒ නිසයි අමාරුවෙන් වුණත් බුදු පුතෙක්‌ දැකගන්නට ආවේ'

'කමක්‌ නැහැ බුදුපුතේ මට කියන්නට කතාවක්‌ තියෙනවා. මේ අත් දෙකෙන් උයපු දන්, මේ අත් දෙනෙක්‌ බෙදපු දන් මෙච්චරයි කියලා කියන්නට බැහැ. මේ දෙපා රිදෙනකම් මේ රටේ බොහෝ වෙහෙර විහාර වන්දනා කරලා තියෙනවා. මගේ හිතට ලොකු සැනසිල්ලක්‌ තියෙනවා බුදු පුතේ'. මට තව කියන්න කතාවක්‌ තියෙනවා. මගේ මහත්තයා මට මනුස්‌සයකුට වඩා දෙවියෙක්‌. මගේ බුදු පුතාලා දෙන්නා පිටරටක සිටින්නේ. අද රාත්‍රියේ මාව බලන්න ලංකාවට එනවා. මගේ බුදු පුතාලා දෙන්නා ගැන හිතන කොටත් හිතට ලොකු සැනසිල්ලකුයි'. මෙහෙම පවසපු අවුරුදු හැත්තෑවක්‌, අසූවක්‌ පමණ වූ අම්මා, අපහසුවෙන් නමුත් ස්‌වාමීන් වහන්සේට වන්දනා කොට ආපසු යන්නට හැරුණා. අනෙක්‌ මව්වරුන්ගේ අත්වාරුවෙන් පියවර කිහිපයක්‌ ඉදිරියට ගමන් කළ අම්මා, ආපසු හැරී, කඳුළු පිsරි දෙනෙතින් යුතුව මෙසේ පැවැසුවා. 'බුදු පුතේ බණ කියන කොට මම වෙනුවෙන් කියන්න. මෙහෙම දුක්‌ විඳින්නට නම් මේ සංසාරේ නැවත උපදින්නට එපා කියලා.' 

මේ සිදුවීමෙන් පසුවත් එම රෝහලට මම වැඩම කළත්, ඒ මව්තුමියන් නම් හමුවුණේ නැහැ. මරණය හැබැවින්ම දැනගෙන ජීවත්වෙන සත්පුරුෂ මිනිස්‌සු, ජීවිතයේ ආපසු හැරී බලන්නේ කොපමණ නම් සැනසීමකින්ද? මනුස්‌සයන් ලෙස ඉපදී මනුස්‌සයන් ලෙසම මියෑදෙන්නට නම් මරණය අමතක නොකළ යුතුමයි.

හා සංයෝ වියෝගත්තා

සියලු එක්‌වීම් වෙන්වීමකින් කෙළවරවෙයි.

හා පියා සෝකා අන්තකා

ප්‍රේමයෝ ශෝකයකින් කෙළවර වෙති.

හා මතන්තා සජීවකා

සියලු ජීවිත මරණයෙන් කෙළවර වෙති.



නමෝ බුද්ධාය...!!!
තෙරුවන් සරණයි

Friday, March 27, 2020

ඇඳිරි නීතී සමයේදී සති ආලෝකය ලබමු - පුජ්‍ය උඩඊරියගම ධම්මජිව ස්වාමින් වහන්සේ

හටගෙන නැතිවෙන බව - ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති, ශාස්ත්‍රපති, රාජකීය , පණ්ඩිත කොත්මලේ කුමාර කස්සප හිමි
















බුදුරජාණන් වහන්සේ දුතියනොය සූත්‍රයේ දී ‘ද්වයං නිස්සාය විඤ්ඤාණං සංභූති’ දෙකක් නිසා විඤ්ඤාණය හට ගන්නවා. ‘චක්ඛුංච පටිච්ච රූපෙච’ ඇස නිසා රූපය ද , රූපය නිසා චක්ඛු විඤ්ඤාණය ද උපදිනවා.

චක්ඛුං අනිච්චං සංඛතං’ ඇස යනු අනිත්‍ය ධර්මයක්, සංඛත ධර්මයක්, එය විපරිණාමී දෙයක්, වෙනස් ස්වභාවයකට පත්වන දෙයක්, ඇසේ ස්වභාවය එය යි. රූපයේ ස්වභාවයත් අනිත්‍ය, සංඛත, විපරිණාමී ස්වභාවයක්. එසේනම්, ඇස සහ රූපය යන මේ දෙය ‘හේතු’ නම් වෙයි. මේ දෙක නිසා හටගත් චක්ඛු විඤ්ඤාණය ‘ඵලය’ වෙයි. එවිට ඇස අනිත්‍යවන ධර්මයක් නම්, සංඛත ධර්මයක් නම්, රූපය අනිත්‍ය වන ධර්මයක් නම්, සංඛත ධර්මයක් නම්, චක්ඛු විඤ්ඤාණය නිත්‍ය වන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. මොකද? මේ චක්ඛු විඤ්ඤාණය නමැති ඵලය ගොඩනගපු හේතු ටික අනිත්‍ය නිස යි. 

මෙය ඉතාම ගැඹුරු කාරණාවක්. ඇස සහ රූපය අනිත්‍යය යි. එහිදී ඔබ සිතන්නට එපා, ඇස සහ රූපය අනිත්‍යය යි යනුවෙන් සඳහන් කරද්දී අනිත්‍ය ගැන කතා කරන ‘ඇස’ අප දන්නා, දිගටම තියෙන ඇස පිළිබඳ නො වෙයි. බුද්ධ ශාසනයේ ඇස ගැන ගැන කතා කරන්නේ, ප්‍රසාදවත් ඇස පිළිබඳව යි. වර්ණ සටහනක් ඇසට පතිත වෙනවිට, ඇස තියෙනවා සේ ම ‘ඇස’ ඇති කල්හි වර්ණ සටහන පතිත වෙයි. එවිට මෙලෙස දෙපැත්තට ‘ඇස ඇති කල්හි රූපයත් ,රූපය ඇති කල්හි ඇසත්’ පිළිබඳ කාරණා දෙකකුයි මෙහි දී සඳහන් කරන්නේ. එසේනම්, හේතු ඇති කල්හි අපට මෙලෙස ඵලයක් හට ගනී. හේතු ටික නැතිවී යයි. ඇසට පුළුවන්කමක් ඇත්තේ නැහැ, එකම රූපයට දිගටම පතිතව තිබෙන්නට. එය මේ මොහොතේ හටගෙන නිරුද්ධව යයි. 

ඔබ ඉදිරිපසින් ඇති ගසක රූපයක් ගැන සිතුවොත්, වර්ණ සටහනක්, පාට ටිකක් අපේ ඇසට පතිත වෙනවා. ආලෝකයත් , බාහිර වස්තුව මතට පතිතවෙලා පරාවර්තන ආලෝකයක් ඇසට පතිත වෙනවා. ඒ ආලෝකය එක දිගට පතිතවෙලා තියෙන්නේ නැහැ. එක් ක්ෂණයක් තුළ පතිත වන වර්ණ සටහන ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. එවිට ඇස එය ගෝචර කර ගන්නා එක් මොහොතකට, ඒ මොහොත හටගෙන නිරුද්ධ වෙන්න බැහැ. එය ඇස සහ රූපයේ අනිත්‍යය යි. මේ සඳහන් කරන්නේ ‘ගස’ කියන රූපය නැති වෙලා යන දේ ගැන නො වෙයි, ඇස අනිත්‍ය දෙයක්, රූපයත් අනිත්‍ය දෙයක් යන මේ හේතු ධර්මතා දෙකක හටගෙන නැතිවන බව යි.

නමෝ බුද්ධාය...!!!
තෙරුවන් සරණයි

ප්‍රඥාව උපදවන මඟ - ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති, ශාස්ත්‍රපති, රාජකීය , පණ්ඩිත කොත්මලේ කුමාර කස්සප හිමි













‘විවිච්චේහි කාමෙහි , විවිච්චේහි අකුසලෙහි’ කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව ‘සවිතක්ඛ සිවිචාර ‘ විවේකයෙන් උපන් ප්‍රීති, සුඛ ඇති ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. කවුද? ඉහත සඳහන් අයුරින් සිල්වත්, වුණ, හුදෙකලාව තමන්ගේ සිහිය වඩන්නට පුරුදු වුණ, නීවරණ දුුරු කරන්නට පටන් ගත්ත පුද්ගලයා ප්‍රථම ධ්‍යානලාභියෙක් වුණා. 

ඒ තැනැත්තා ප්‍රථම ධ්‍යානය ලබා ගත්තා යැයි කියන්නේ, ඒ තැනැත්තා තීරණය කරනවා, ‘ ඉදම්පි වුච්චති බ්‍රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි තථාගතා රඤ්ජිතං ඉතිපි නත්මෙවතාව අරිය සාවකො නිට්ඨං ගච්ඡති සම්මා සම්බුද්ධං භගවා ස්වක්ඛාතො භගවතා ධම්මො සුපටිපන්නො භගවතො සාවක සංඝොති’ මෙය ඉතාමත්ම වැදගත් තැනක්.

ප්‍රථම ධ්‍යානලාභී වෙනවිට මේ තමයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඥාන පද නො වෙයි. තථාගත පද යි. මෙය තමයි, තථාගත නිමේශිතය, තථාගත පදයක් මෙය. තථාගතයන් වහන්සේ විසින් සිද්ධ කළ දෙයක්. තථාගතයන් වහන්සේ ඇසුරු කළ තැනක් මෙය. නමුත් එතැනින් පමණක් ඇත් පියවර දෙස බැලූ පමණින් ඇතුන් සොයන්නා යම් අදහසකට පත් වුවත් නැහැ වගේ ධ්‍යානයක් ලැබුණා කියලා, අපට තීරණය කරන්නට බැහැ, අප සිටින තැන පිළිබඳව. එයා තව දුරටත් තීරණය නොකර ධර්ම මාර්ගය තුළ ගමන් කරනවා. එවිට එයා දුතියධ්‍යානලාභී වෙනවා. නමුත් පෙර සේ ම යම් අදහසකට නොපැමිණ. එයත් තථාගතයන් වහන්සේ වැඩපු ස්ථානයක් යනුවෙන් දෙවන තථාගත පදය යනුවෙන් දැන ගන්නවා. ප්‍රථම ධ්‍යානයට , චතුර්ථ ධ්‍යානයට පත් වෙනවා. මේවා ද තථාගත පද යි. දැන්, තථාගත පද සතරයි. ධ්‍යාන සතරට.

ඉන්පසුව මෙලෙස සිත එකඟ කරගත් තැනැත්තා සිතේ උපක්ලේෂ දුරුවුණාට පසුව පුබ්බේනිවාසානුස්සති ඥානය, අතීතය පිළිබඳ පෙර විසූ කඳ පිළිවෙළ දැකීම පිණිස සිත මෙහෙයවනවා. එවිට ඒ උතුමාට එයත් තථාගත පදයක් විලස පෙන්වා දෙනවා.

එවිට තථාගත පද පහ යි. ඊටපසුව චුතූපපාත ඥානය පිළිබඳව සත්ත්වයන්ගේ චුතීය උප්පත්තිය පිණිස අදහස යොමු කරනවා. එය ද තථාගත පදයක්. එවිට තථාගත පද හයක් වෙනවා. ඉන්පසුව ආසවක්ඛය ඥානය පිළිබඳව සිත යොමු කරනවා. ආසවක්ඛය ඥානයේ දී ඒ තැනැත්තා ‘සො ඉදං දුක්ඛං යථාභූතං පජානාති’ මෙය දුකක් ය යනුවෙන් දැනගන්නවා. ‘අයං දුක්ඛ සමුදයොති යථාභූතං පජානාති’ මේ දුක්ඛ සමුදය යනුවෙන් දැන ගන්නවා. ‘අයං දුක්ඛ නිරොධොති යථාභූතං පජානාති’ මේ දුක්ඛ නිරෝධය යනුවෙන් දැන ගන්නවා. ‘අයං දුක්ඛ නිරොධගාමිණි පටිපදාති යථාභූතං පජානාති’ දැන් අප පැමිණියේ බොහොම වැදගත් තැනකට. ඒ තමයි, දැන් සිත සීලය තුළ පිහිටියා, ඉන්පසුව සිත සමාධිය තුළින් එයා දියුණු කළා, නීවරණ ප්‍රහාණය කර ගත්තා, නීවරණ ධර්මයන් යටපත් කර ගත්තා. එවිට නීවරණයන් මෙලෙස තාවකාලිකව යටපත් කරගෙන සිටින කෙනාට එයා දකිනවා, ප්‍රඥාව උපදවන මඟ. ඒ තමයි, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන තැන.

චතුරාර්ය සත්‍ය ධර්මයත් අප වෙනම කථා කළ යුතු දීර්ඝ මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් අපට හොඳට පැහැදිලි යි, දැන් මේ තථාගත පද පමණයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, නැතිනම් බුදුරජාණන් වහන්සේ කොහේවත් චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ දී දේශනා කර නැහැ, ‘සංදස්සෙති, සමාධපෙති, සමුත්තෙජෙති, සංපහංසෙති වචන ටික බුදුරජාණන් වහන්සේගේ දේශනයක් නො වෙයි. එය පැවසුවේ පිලෝතික බ්‍රාහ්මණ තුම යි. ඒ නිසා යම් කෙනෙක් අර්ථ විවරණයක් ඉදිරිපත් කරන්නට හදනවානම්, මෙය බුද්ධ දේශනාව, මෙය සංදේශනාවක් යනුවෙන් එයට පෙන්වන චුල්ලහත්ථිපදොපම සූත්‍රය උධෘත කර පෙන්වනවා නම්, එය ම වැරැදිලා. කොතැනකදිවත් බුදුරජාණන් වහන්සේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් සං දේශනා දේශනා කළේ නැහැ. ත්‍රිපිටකයේ කොතැනකවත් සං දේශනාව විස්තර කළ, විග්‍රහ කළ කිසිම තැනක් දක්වන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එවිට අපට පේනවා, සං දේශනාව යනුවෙන් ‘ සං’ යනු එකතු කරගන්නා දේ ය යනුවෙන් ඉදිරිපත් කරන මේ මතවාදය ඉතාම වැරැදි' යි බොහෝ දෙනෙක් අධර්මයට ඇද දමන, වැරැදි විග්‍රහයක් යනුවෙන් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉතා ම වැදගත් දේ මෙලෙස චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ඇසුරු කරනවානම්, ඔබටම මෙහි කියා තිබෙන කථාව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මෙය ඇත්තේ මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනි භාගයේ ඕපම්ම වග්ගයේ එන සත්වෙනි චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ ය.
අප ඉදිරියේ දී චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව සාකච්ඡා කරමු.

නමෝ බුද්ධාය...!!!
තෙරුවන් සරණයි

Thursday, March 26, 2020

අතිපූජ්‍ය මාතර සිරි ඤාණාරාමාභිධාන මහා ස්වාමීන්ද්‍රෝත්තමයාණන් වහන්සේගේ දින පොතෙන්......


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්ය, මීතිරිගල නිස්සරණ වන අරණ්‍ය සේනාසනාධිපති හා ප්‍රධාන කර්මස්ථානාචාර්ය, මීතිරිගල ශ්‍රී ඥානාරාම ධර්මායතනයේ ප්‍රධාන අනුශාසක යනාදි පදවි හෙබවූ, 

අතිපූජ්‍ය මාතර සිරි ඤාණාරාමාභිධාන මහා ස්වාමීන්ද්‍රෝත්තමයාණන් වහන්සේගේ දින පොතෙන්......




මාගේ ගරු කටයුතු බුදුපියාණන් වහන්සේගේ දරු වූ, කෙලෙස් බල මුළුව පලවා හැර උදාර වූ පූජ්‍ය සන්තානයෙන් හෙබියා වූ ශාරිපුත්‍ර - මහා මෞද්ගල්‍යාන - අනුරුද්ධ - ආනන්ද - නන්ද - රාහුල - මහා කාශ්‍යපාදි මහරහතන් වහන්සේලා පුරුදු කළ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති මාර්ගයට බැස, ඉතා හොඳින් ඒ පුරුදු කොට, දියුණු කොටගෙන යාමට මම තරයේ අධිෂ්ඨාන කර ගනිමි! මම තරයේ අධිෂ්ඨාන කර ගනිමි! මම තරයේ අධිෂ්ඨාන කර ගනිමි! සාධු! සාධු! සාධු! (1967.5.16)

(කායික) දුර්වලතාවන් රැසෙකින් පෙළි - පෙළී වුවද මගෙන් සිදුවන්නේ මේ ශාසන සංග්‍රහයෙකි. මගේ හුස්ම ටික පිටවෙන තුරු මේ උතුම් ශාසනික සේවාව මගෙන් සපිරේවායි මම ප්‍රාර්ථනා කරමි. අවුරුදු 74 ක කාලයක් ජීවත් වී ඉවරයි. ලැබුවේ 75 වැනි වසරයි. මේ හැත්තෑ හතරෙන් දහයක් හැරෙන විට මගේ ජීවිතය ගෙවුණේ සසුන වෙනුවෙනි. දිවි පැවැත්වූයේ සසුනට ලැබුණු දෙයිනි. ඉතින් මේ ඇට, මස්, ලේ සියල්ල ම සසුන නිසා ලද ඒවා නොවේද? එහෙයින් මේ මුළු සිරුර ම සසුන වෙනුවට කැප කිරීමට මැලිවිය යුතු නොවේ. (1975.12.14)

අමාරුව ඇගේ-පතේ දැනෙද්දී, නොකියා ම උත්සාහයෙන් කථා කළෙමි. මේ සදුත්සාහය නිවන් සඳහාය; සම්බුදු සසුන් දියුණුව සඳහාය. 'එක පුද්ගලයකුට හෝ ධර්මයේ නිසි අවබෝධයක් වුවහොත් මැනවි˜ යන අදහස නිතර ම මා සිත් තුළ බල පවත්වන්නේය. (1978.1.6)

අනුන්ගේ යහපතට, මගේ යයි කියන මේ සිරුරේ පරිච්ඡේද රූපායතනයන් තුළින් නික්මෙන සුළං රැල්ලෙකින් හෝ පීඩාවක් නොවේවා!. හරිහැටි නොදැන කිසිවකුගේ ගුණයක් ඔසවා දැක්වීමට කිසිදු උත්සාහයෙක් නොගනිමි. අගුණයන් ගැන කවර කථාද? හැකිතාක් දුරට, හොඳයයි සලකන අනුන්ගේ වැඩට ඉඩ දී පසෙකට වීමට මම නිතරම සූදානම් වෙමි. අපිරිසිදු අන්දමින් කරන ශාසනික හෝ බාහිර හෝ වැඩට සම්බන්ධ නොවීමට මම උත්සාහ ගනිමි. එබඳු තැන් සමග තිඛෙන සම්බන්ධය ද කඩා දමමි. (1982.6.16)

ධර්මයේ බලය පතමි. මම ධර්මය රකිමි. ධර්මය මා සිත රකීවා. බැඳුම් බිඳේවා! බැඳුම් නිසා සිත් තැවුල් නොවේවා! (1979.10.6)

ස්ථාන රැකීමේ අදහස් මා තුළ නොවැඩේවා! පුද්ගලයන්ගේ අධ්‍යාත්ම දියුණුවට මගෙන් උපකාර ලැබේවා! මා කෙරෙන් නිකුත්වන හුස්ම ටික ද අනුන්ගේ අධ්‍යාත්ම දියුණුවට උපකාර වේවා! පිරිසේ දියුණුව අධ්‍යාත්ම දියුණුවයි. මේ දියුණුව නොසැලසෙතොත් මා මෙහි වසන්නේ කුමටද? මේ ස්ථානය කුමටද? මේ උපස්ථාන කුමටද? (1978.4.6)

මම මගේ සිත් සතන් කලම්බා නොගනිමි. සියලූ සත්හු සැපයට කැමති වෙති යනු මම නිතර මෙනෙහි කරන්නෙමි. (1975.8.14)

උතුමන්ගේ සැටි 

ඔහු වෛර නොහඳුනති. ගුණ දකිති. නුගුණ නොදකිති. විරෝධය හසු නොකරති. (1962.7.3)

අපරිග්‍රහත්වය නිතර සිතට නගා ගත යුතු උසස් ම ගුණයෙකි. තමාගෙන් පිහිට ලබා ගන්නෝ ද, තමන් පිහිට බලාපොරොත්තු වන්නෝ ද, තමාගේ පිළිදැගුම් ලැබිය යුතු අවිඤ්ඤාණක - සවිඤ්ඤාණක දේ ද පරිග්‍රහයට ඇතුළත් වෙති. මේවායින් සිත නිදහස් කර ගැනීම චිත්ත පාරිශුද්ධියේ උසස් ම මාර්ගය බව සලකනු. (1962.6.24) 

අනුන් තමාට අවනත කර ගැනීමට ගන්නා උත්සාහයට වඩා ආධ්‍යාත්ම සන්තානය කෙලෙසුන්ගෙන් දුරු කොට තබා ගැනීමට උත්සාහ ගත මැනවි. (1962.2.3)

කෙලෙස් බර ලොකුම බරය. දශ අකුශලයන්ගෙන් සිත වෙන් වීමේදී සිතේ පහළ වන්නේ ලොකු සන්සිඳීමෙකි. කයට ද එය දැනෙයි. නීවරණයන් ඉවත් වූ සිත තව කොතෙක් ශාන්තද? කෙලෙස් මුළුල්ලෙන් ඉවත් වූ සිත නියම ශාන්තය. (1982.2.17)

ඔබේ ප්‍රගතියට සමාජය බාධක යයි කිසිවිටෙකත් නොසිතනු. එක් අතෙක පාරක් වැසී නම් තවත් අතෙක පාරක ඇරී ඇත. ඔබේ පිටත්වීමට වැසූ පාර බාධකයයි දොස් නගමින් නුසුදුසු තැන ගතකිරීම නොව, ඇරුණු පාර ඔස්සේ ගමන් කිරීමය සුදුසු. තීරණයට ඉක්මන් නොවිය යුතු. (1962.10.19)

බෞද්ධකම දේවාත්මයක් ලබාගැනීම වැනි පුංචි දෙයකට සීමාකර ගැනීම, ඒ බෞද්ධකමේ ලංසුව අඩුකර දැමීමෙකි. (1960.8.1)

සමාජයක් තුළ පරිවර්තනය පහළවීම ස්වභාවිකය. එය ඊට අයත් සාධාරණතාවන් අනුවය. උගත් උදවිය එය හොඳ අතට හරවා ගත යුතුය. එක් තැනෙක ඇති ජලස්කන්ධය උඩින් හෝ යටින් හෝ පැතිරයාම එහි ස්වභාවයයි. එය ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම නැණවතාට අයිතිය. (1960.1.25) 

නරක මිනිහා නරක යයි අයින් කිරීමට වඩා ඔහු හදා ගැනීමට මහන්සි ගැනීම හොඳය. එහෙත් ඔහුගෙන් බේරි එය කිරීම පහසු නැත. පාරමී ධර්මයන් පුරා ගැනීමට මෙහි යෙදීම මැනවි. (1961.1.17) 

සම්බුදු සසුනේ නැගීමත් හැදීමත් ප්‍රතිපත්තියෙන් සම්පුර්ණ විය යුතුය. පසුව ගුණය ගාවා ගැනීමෙන් එහි නියම අයිතිය නොලැබේ. (1962.1.2) 

දැහැමි අදහස් නිසා ගැළපී එය සම්බන්ධය, පලූදු නොවෙන තරම් ස්ථීරය. බාහිර සුළු දෙයක් නිසා එය නොකැලඹෙන හෙයිනි. (1961.1.31) 

ඔබ පිරිසිදු නොවක් සිතක් පවත්වන්නට නිබඳ උත්සාහ දරන්න. ඔබේ හැම ක්‍රියාවක් ම නොවක් වනවා ඇත. (1962.1.6) 

බුදුසසුන් වැඩපිළිවෙළ ඇරඹුණේ බාහිර උපකරණයන් දියුණු කර ගැනීමට නොවේ. ආධ්‍යාත්මික ගුණ දියුණුව ප්‍රධාන කරගෙනය. සංසාරයේදී කෙතෙකුත් බාහිර උපකරණ ලැබෙන්නට ඇත. ඒවා විඳින්නට ඇත. මේ බුදුසසුන දුලබ බව වචනයෙන් කොතෙකුත් කියති. සිතින් මේ ස්වභාවය හොඳට සැලකීම අර්ථ සහිත බව වැටහෙයි. "බුද්ධුප්පාදො දුල්ලභො" යයි කියමින් බාහිර වැඩට - දේට සිත යොදවන්නට බැරි බව මට හැගෙයි. නොනවත්වා ආධ්‍යාත්මික ගුණ දියුණුවට උපයෝගී වැඩෙහි යෙදීමට නම් මේ දුර්ලභ කැරණු ගැන නිතර සිත යෙදීම කළ යුතුය. බුදුරජාණන් වහන්සේ දිනකට කීප වරක් සුගතෝවාදය වශයෙන් මේවා අලළා ගෙන දේශනා කිරීම ගැන ද අප විසින් සිත් යෙදවීම හොඳය. කෙලෙසුන්ට ඉඩ ලැඛෙන්නේ ප්‍රමාද දෝෂයෙනි. ප්‍රමාදය, කුසීතකම යන මේවා දුකට හේතුය.(1978.7.31)

සම්මා සම්බුද්ධ ශාසනය රැකගැනීම පැවිදි පක්ෂයට පමණක් නොව ගිහි පක්ෂයට ද අයිති වැඩක් බව නොසලකන සැටි පෙනෙයි. පැවිදි පක්ෂය සසුන් වැඩෙහි නොයෙදෙන විට, ගිහියෝ සසුන් ගුණයන් තමා තුළ නැතිව තිඛෙද්දීම කෑගසති. තම හිතවත් පැවිද්දන් සසුන් වැඩ පිරිහෙලන විට නිහ`ඩවෙති. තමන් තුළ සසුන් ගුණයන් වර්ධනය කර ගැනීමේ අදහසක් ඔවුන් තුළ නැත.මෙයින් සසුන් පිරිහෙලීමේ වරදට කොටස්කරුවන් සේ ගිහියන් ද සැලකිය හැකිය. මෙසේ දෙපැත්තෙන් දෙපැත්තට දොස් නගාලීම ද සුදුසු නැත. එකතු වී ඒකමතිකව සසුන් ගුණ වඩමු. (1978.5.24)

පැරණි ස්වාමීන් වහන්සේලාගේ තත්වය, අධ්‍යාත්මය ඉතා පිරිසිදුය. කාමවස්තූහු, හිතවත්තු, ඥාතීහු, යසස උන්වහන්සේලාට පළිබෝධයහ. එහෙයින් නිතර ම සිත තථාගත දේශිත ධර්මයකට ම යොදාගෙන විසීම උන්වහන්සේලාගේ සිරිත විය. එකතු වූ අවස්ථාවේදී ද ධර්ම කථාවක් ගැනීම නිරායාශයෙන් සිදුවන්නෙකි. (1978.6.11) 

"ප්‍රමාණය ඉක්මගෙන සිතීම පරිහානියට හේතුවනු ඇත." මේ උපදේශය වර්තමාන ජීවිත දෙස බැලීමෙන් මැනවින් ඔප්පු වෙයි. ජීවිතය නම් වූ ආයු සංස්කාරයන් ගෙවෙන්නේ ඉතා වේගයෙනි. මේ වේගය පරමාණුවක් තුළ චලනය දෙස සලකා බැලීමෙන් ඔප්පු වෙයි. චිත්ත වේගය දන්නා පරමාර්ථ ධර්මය දන්නාට මෙය මැනවින් වටහා ගත හැකිය. මේ තරම් ඉක්මනින් ගෙවෙන නාම රූප ධර්මයන්ගෙන් වැඩක් ගන්නවා නම් ධර්මයක එය යොදනු. නිකම් වැඩකට නැති දේට එය නොයොදනු. (1978.5.10)

සංස්කාරයන්ගේ බිඳි-බිඳී යන ස්වභාවය නිතර වැටහෙන විට සිත කොතරම් අප්‍රමාදයෙන් වෙළා ගන්නවාදැයි කිය හැකිය. මෙහිදී බිඳීම ද වැටහෙයි. එයින් මහත් බිය හැගුමෙක් පහළවෙයි. මේ සංස්කාර කූඩුව පවත්වා ගැනීමට කළ - කරන ප්‍රයත්න ද මෝඩකම් ද වැටහෙයි. මේ ජීවිතයේදී කොතරම් මෝඩකම් කළාද?

කෙලෙසුන්ගේ බලපෑම නිසා සිදුවන හැම පාප ක්‍රියාවකට ම මෝඩකම් යයි කීම සුදුසුය. මෝහයේ බලපෑම ඇති හෙයිනි. මෝහයේ බලපෑම නැත්නම් ලෝභ - දෝස දෙක මෙතරම් දරුණු නැත. (1979.5.17)

උත්සාහය නොකඩවා කිරීමෙන් ලැඛෙන ප්‍රතිඵලය ආශ්චර්යජනකය.එහි උසස් අමානුෂික බලයෙක් තිබේ. (1962.3.11)

ජීවිතය පවත්වා ගැනීම නම් කර්මාදියෙන් නොකඩවා ලැබෙන අනුබලයමැ යි. යම් විටෙක අනුබල කොටස කඩ වී නම් ජීවිතය ද කඩ වී ගොස් ඇත. එහෙත් ජීවිතයට මෙයට වඩා අවිච්ඡින්නාධාරකාරකයෝ තිදෙනෙක් වන්නාහ. ශීලය, සමාධිය, ප්‍රඥාව යන තුනයි. මේ හා නිතර ලියලමින් පවත්නා ජීවිතය ඉතා උසස් එකක් වන්නේය. (1961.4.1)

ධර්මය කෙරෙහි සැලකිල්ල දක්වන තරමට ම ධර්මය ඒ පුද්ගලයාට සැලකිල්ල දක්වන සැටි පෙනෙයි. ධර්මයෙන් ලබා ගත හැකි ශක්තිය උසස් එකකි. එසේ ම ඉතා පිරිසිදුය. ධර්ම ශක්තිය ලබාගැනීමට පුද්ගලයා දැහැමි විය යුතුය. හිස මත නොයෙක් කුණු-කන්දල් වැඩි දියුණුවක් කර ගැනීමට ධර්මයෙහි ශක්තිය ලබා ගැනීමට මහන්සි ගැනීම මේ අනුව මහ මෝඩකමක් වග තේරුම් ගත මනාය. (1978.11.13)

සිතේ පටන් ගැනෙන දුබලකම් මගහරවා ගැනීමට නම් සිහිය හොඳින් යෙදවිය යුතුය. සංසාර ප්‍රවෘත්තිය පිළිබඳ සංවේගය ඇත්ත වශයෙන් ම පවත්වාගත යුතුය. කොතරම් බැරිකම් තිබුණත් ඒවා නිසා වරදකට යටවිය යුතු නොවේ. සුළු වරදකින් වුව ද සිතට ලැබෙන්නේ කෙලෙසුන්ට ඉඩ සලසා දීමෙකි. "අණුමත්තේසු වජ්ජේසු භය දස්සාවි"යි වදාළේ මේ නිසාය. (1966.1.10)

යෝගාවචරයා නම් චිත්ත භාවනාවක් ගෙන යන්නාය. ඔහුට පිහිට පිරිසිදු සීලයයි! උපකරණ විවේකස්ථානය යි¦ ක්‍රියාව තැන්පත්කමයි. මේ කරුණු තිබෙද්දී එයින් වැඩ සලසා නොගන්නා, පමාවට වැටී පිරිහීමේ මග ගත් දුබල පුගුලෙකි. (1964.10.1)

ශීල විශුද්ධිය සම්පූර්ණ වූවකුට එයින් මදයෙක් පහළ වෙයි. ඔහු විසින් තම ශීලයෙන් සතුටු වෙමින් කරුණාව - මෛත්‍රිය - ගැන සිතිය යුතුය. අප්පිච්ඡතා - සන්තුට්ඨිතා - පවිවේකතා - අසංසග්ගතාදිය තමා තුළ වැඩේ ද, සමාධිය තමා තුළ තිබේ ද, විදර්ශනා නුවණ තමා තුළ පහළ වී තිබේ ද කියා මෙනෙහි කළ යුතුය. ඒ ගුණ තමා තුළ නැත්නම් ශීලය අසම්පූර්ණ බව සැලකිය යුතුය. (1968.6.15)

ලෝකය හිතෙන් බදාගෙන හිත තැන්පත් කරගන්න බැරිය. එය සිතින් අයින් කළ මැනවි. එකල හිත හැදීම පහසුය. (1967.1.9)

ආනාපාන මනසිකාරයේදී ඒ වායුව මැනවින් දැනේ නම්, තව-තවත් දුරට එහි ම සිත බැඳ තබා ගත යුතුය.වෙලාවක පුරා පැතිරෙමින් ද වෙලාවකට යන්තමින් ද වැටහෙයි; දැනෙයි. මෙබඳු අවස්ථාවේ සබ්බකාය පටිසංවේදී විය යුතුය.සතිය බලයෙන් පවත්වා ගත යුතුය. කැඩී කැඩී පවතිනු දැනෙයි. අතරක් නැතිව දැනෙයි.පිටතට සිත දුවන්නේ නැතිව පවතියි.මුළු සිරුර එක ම වායුගෝලයක් සේ දැනෙයි. ආනාපාන චතුර්ථ ධ්‍යානය උපදවා ගැනීමට බලවත් උත්සාහයක් කළ මනාය. උත්සාහය වැඩූ තරමින් ම සඵල නොවේ. එය කඩ නොකොට, අතරින් වැටෙන්නට නොදී වැඩිය යුතුය. ඉද්ධිපාද තත්වයට පැමිණීමෙන් පසු ලෙහෙසියෙන් ධ්‍යාන ලැඛෙනු ඇත. මේ අතර උත්සාහ ගෙන බොහෝ දෙනා වැඩ නවත්වන්නාහ.භාවනාව කොතරම් කළත් මේ කාලයේ හරියන්නේ නැතැයි යන දෘෂ්ටිය ගනිති. (1982.4.6)

ශාන්ත ලෝකොත්තර ධර්ම රසය වින්දනය කළහුට ප්‍රථම ධ්‍යානය නිසා පහළවන චිත්ත සුඛය ඉතා සුළුය. මේ නිසා තේරුම් ගත හැකි වන්නේ ලොකෝත්තර ධර්ම රසය හඳුනාගත හැකි බවයි. හැඳිනගත් ලෝකෝත්තර ධර්ම සුවය වනාහි අන් හැම සැපයක් ම පරදවන සැටි සැලකිය හැකිවෙයි. "මග්ගාධිපත්තො ධම්මො" යනු සලකනු. මාර්ග ධර්මයන් (ලෝකෝත්තර) පහළ වීමේදී ප්‍රතිපක්ෂයන් ඈතට තල්ලූ කරමින්, ප්‍රහීන කරමින්, අධිපතිභාවය පවත්වමින් පැවතෙන සැටි පෙනෙයි. (1978.8.24) 

යෝගාවචරයන් විවේක සෙනසුන් සොයා යන්නේ පලාත්වාසී ගිහියන්ගේ මගුල්, අවමගුල් ආදියට සම්බන්ධ පින්කම් කර දීමෙන් ඔවුන්ගේ කුදු මහත් වැඩට යට වී වාසය කිරීමට නොවේ; අභ්‍යන්තර ගුණ දහම් සමූහයක් නොකඩ කොට රැක බලා ගැනීම සඳහාය. (1960.4.10)

සමාජයෙන් වෙන්ව විසීම යෝගාවචර ස්වභාවය විය යුතුය. එහෙත් එබඳු තත්වයක් රැකගෙන පවත්වා ගැනීම දුෂ්කර වී තිබේ. සමාජයෙන් සම්පූර්ණ ඈත්වීමක් සලසා ගත නොහැකි වන හෙයිනි. සුළුවෙන් හෝ සමාජය හා සහයෝගය පළිබෝධකරය. සමාජයේ වැඩි කොටස ආත්මාර්ථකාමීහුය. නුවණ මඳ අයය. එබඳු සමාජයකින් පිරිසිදු ගති පැවතුම් බලාපොරොත්තු වීම ද නුවණට හුරු නොවනු ඇත. (1982.1.2)

ප්‍රසිද්ධිය ලබා ගැනීම සිතින් ගෙන හොඳ හොඳ ප්‍රතිපත්ති දැරීම, ධර්ම සාකච්ඡා හා ප්‍රශ්න විචාරණ - විසර්ජනයන් පැවැත්වීම, පුහු වැඩ සේ මට වැටහෙයි. මෙයින් පුද්ගලයන්ගේ තත්වය පහත වැටෙන්නේ පටන් ගත් ප්‍රතිපත්තියත් සමගය. ලාභ - සත්කාර - සිලෝකයන් නින්දනීයත්වයෙන් බුදුපියාණන් වහන්සේ විසින් හෙලා දක්නා ලද්දේ ඇතුළතින් ඇති මේ නරක පැත්ත නිසාමය. ලාභ - සත්කාර - සිලෝක යන මේ කොටස් ළගා වන්නේ පිරිසිදු ගුණයට ඇති අනිවාර්ය සම්බන්ධය හේතු කොට ගෙනය. එහෙත් ඒවායේ ස්ථීර - සාරත්වයක් ගණන් ගත්තෝ පිරිහුණහ. බුද්ධ කාලයේ ම බොහෝ උසස් ප්‍රතිපත්ති පෙන්නාගෙන සිටිය කොතරම් දෙනා හදිසියේ පිරිහී ගියාහුද? (1982.4.8)

විදර්ශනා භාවනාව අනුන්ට කියා දෙන්නට යන්නා තුළ පිහිටිය යුතු ගුණාංගයන් ඔහු දන්නේ නැත්නම්, නොදැන එයට බසී නම්, හෙතෙම මෝඩයෙකි;නැත්නම් වඤ්චකයෙකි. පිරිසිදු නෛර්ය්‍යාණික තථාගත ධර්මය තමාගේ ලාභයක් සඳහා යොදවාලීම බරපතළ පාපයෙකි. මෙබඳු දේට නැමී යන්නෝ ද බොහෝ වෙති. එහෙත් කාලිකය. (1978.5.2)

කෙලෙස් පෙරැළිවලට සිත ඉඩ නොතබනු.

1. විතර්ක වේගය බලවති. එය මැඩ ගැනීමට සතිය ආවශ්‍යකය.

2. ආත්ම වඤ්චනය හොඳින් සලකා ගත යුතු කරුණෙකි.

3. ගුණයකගේ වේශයෙන් පැන නගින අගුණ රාශිය ඔබ තේරුම් ගත යුතුය.

4. තමාට පත් වේදනාවක් තමාගේ හිතවතාට කීමෙන් එහි බර අඩුවෙයි. ධීරයෝ මෙය නොකරති. (1960.1.28)


"දැන් ඇති දෙය පාවිච්චි කරන්න.
දැන් සිටින තැනින් පටන් ගන්න."


මේ කියුම්වල ඇතුල් පැත්ත ඉතා ගැඹුරුය. කළ යුතු වැඩ ගැන සිත සිතා සිටීම නොව එහි යෙදීම ඔබේ කෘත්‍යය විය යුතුය. එයට කාලය ගැන සොයමින් ඉන්න ඕනෑකමක් නැත. ධීර-වීර අදහසෙකි. (1971.6.15)


තමා දන්නා තරම් හොඳ දේ අනුන්හට ද දීමට සත්පුරුෂයෝ උත්සාහ ගනිති. (1963.3.3)

ධ්‍යාන චිත්තයක් පිළිබඳ නිසැක අවබෝධය අනුන්ගේ කථාවෙන් හෝ පත - පොතෙන් හෝ ලැබීය හැකි නොවේ. එය තමා තුළ උපදවා ගැනීමෙන් ම සිදුවෙනු ඇත. ධ්‍යාන භාවනාවේදී ඉක්මන් නොවිය යුතුය. ඉවසාගෙන නිමිත්තට සිත යෙදිය යුතුය.

පරිකර්ම නිමිත්තාවස්ථාව, උග්ගහ නිමිත්තාවස්ථාව, පටිභාග නිමිත්තාවස්ථාව යන මේ අවස්ථා තුනේදී ම ඉක්මන් නොවී විරිය සමතාව තේරුම් ගෙන වැඩකළ යුතුය. පූර්වකෘත්‍යය මැනවින් සිදු කළ යුතුය. එහි ඇති සාරවත් බව ගැන ඔබ විශ්වාසය තැබිය යුතුය. නිස්සාර දේවල් කියා අයින් නොකළ යුතුය. මේ කියන්නේ අත්දැකීම් උඩය. (1982.1.20)

මෙදින තදින් සංසාරික අනභිරතියෙකි. විවේකය ශබ්දවලින් පිරී ඇත. මේ බාධක මැද්දේ මගේ වැඩ ද අතපසු කළ යුතු නොවේ. මෛත්‍රිය වැඩීමි. විපස්සනාව වැඩීමි. සක්මනේදී සතර ධාතූන්ගේ ක්‍රියාකාරී ස්වභාවය ප්‍රකට වන සේ ද, අතරතුර නැවතී සිටගෙන කාය කොටස් වෙන් වෙන් කර ගනිමින් ඒ ඒ කොටස් විපස්සනාවට නැගීමෙන් ද, මේ විපස්සනාව පවත්වාලීමි. මෙහිදී ශුන්‍යතා දර්ශනය හා විදර්නා ඥාන ලැබීමි. (1983.8.6) 

මහ රෝහලේදී,

මේ පරිසරයේ වාසය කයට හෝ සිතට හෝ පහසු නැත. එහෙත් වාසය කළ යුතුව තිබේ. පරිසරයක් පහසු වාසයක් බවට පත් කර ගැනීමට කරුණු රැසක් ඇත.

1. සුඛ වේදනාවට ගිජු නොවීම, මත් නොවීම.

2. දුක්ඛ වේදනාව නිසා නොපෙළීම.

3. උපේක්ඛා වේදනාවේ ශාන්ත රසය තේරුම් ගෙන සිටීම.

4. වේදනා තත්වය මැනවින් මෙනෙහි කිරීමට සමත් බව හා එහි යෙදීම. (1982.3.11)

මගේ පහසුව සඳහා අනුන්ට අපහසුකම් දීම මට සුදුසු නැත. (1979.7.5)

•තමන්ගේ වැරදි සියයක් අමතක කර හොඳට හරිගිය එකක් මතුකරගෙන දහස්වර කියා පාන ඇතැම් පුද්ගලයන්ගේ ආත්ම වර්ණනා දෙස විමසුම් නුවණ යොදන්න.

•ඉක්මන්කම් හේතුවෙන් සිය ගණන් පාඩු විඳ, වැඩ වරද්දාගත් පුද්ගලයන් දෙස බලා අනුකම්පා සිත උපදවා ගන්නට පුරුදු වන්න.

•අන් හොඳ වැඩට බාධා නොවේ නම් එකසිය එක්වන වාරයේත් ඔහුට උදවු දෙන්න.

•කලින් සිදු වූ වැරදීම් ඉදිරිපත් කොට ඔහුට දොස් නගන්න නොයනු. හිත තලන්නට නොයනු. යම්කිසි විදියෙකින් ඔහුට 102 වාරයේදී හෝ හැදෙන්නට ඉඩ තිබේ.

•කරුණාව දුකේදී පිහිට වීම යි. නැත්නම්, කරුණාව - නියම කරුණාව සමාජයෙන් අතුරුදහන් වනු ඇත.

•    ඉවසීම ගැන ද ඔබේ මෛත්‍රිය ගැන ද මෙසේ සිතන්න.

•    වැඩිහිටියන්ගෙන් ලැඛෙන සුළු දෙය ද පූජ්‍ය දෙයක් සේ සලකන්න. (1982.2.22)


නොයෙක් විදියේ සංකීර්ණ පැවිදි ජීවිතයක් තුළ ක්‍රමික දියුණුව දුර්ලභය. (1982.4.10)

නොයෙක් විදියේ වැඩවලින් පිරෙන තාපස ජීවිතය ප්‍රධාන අරමුණ යට කරගෙන සිටියි. මෙයටයි පිරිහීම කියන්නේ. අපේ භික්ෂු ජීවිතයට ද මේ තත්ත්වය සිදුවෙයි. (පන්සල්) විහාර සෙනසුන්වල වසන භික්ෂූන් වහන්සේලා ඉතාමත් ඉවසිලිමත් වෙති. වීර්යයෙන් දියුණුය. සංවර ශීලයනට තැනක් නොදීම ඒ පින්වතුන්ගේ අඩුපාඩුවයි. අරණ්‍ය විවේක සෙනසුන්වල වසන අයට ශීල සංවරය ඇතිවන්නට පිළිවන. එයත් නැතිනම් වැඩකට නැතියන් වනු ඇත.

මේ පිරිසේ සංවරය ගැන පැහැදුණු ගිහි බෞද්ධයන් විහාර සෙනසුන්වල වසන පැවිද්දන්ගෙන් කරවා ගන්නා පින්කම් ආදිය මේ අයගෙ න් කරවා ගැනීමට මාර්ගය හදා ගන්නා සැටි පෙනෙයි. මෙයින් සිදුවන්නේ පිරිහීමෙකි. දෙපස ගැටීමෙකි. මේ බව සලකා මෙබඳු වැඩවලදී නුවණින් සලකා වැඩ කරතොත් මැනවි. විවේක පරිසරය දූෂණය වන වැඩ තේරුම් ගෙන ක්‍රියා කළ යුතු බව සිතට ගත යුතුය. ලාභ - සත්කාර - සිලෝකවලට යට නොවිය යුතුය. "අඤ්ඤා හි ලාභූපනිසා - අඤ්ඤා නිබ්බාණගාමිනි." (1982.2.11)


පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීමට නම් බැහැරී මොන දියුණුවක්වත් නොව, ශීල - සමාධි - ප්‍රඥාවන් තමා තුළ දියුණුවට පත්කර ගනිමින් අනුන් තුළ ද ඒ ගුණයන් වැඩෙන සේ කටයුතු යෙදීමය කළ යුත්තේ. (1978.3.13)

විදර්ශනා භාවනා ක්‍රමය මැනවින් පවත්වා ගෙන යාමට ඉතා හොඳ සප්පාය වැඩ පිළිවෙළක් මෙහි (නිස්සරණ වනයෙහි) යොදා ඇත. ශාසනය ගැනවත් භාවනාව ගැනවත් කිසිත් නොදත් මෝඩයන්ගේ කටොළු කථා නිසා මේ පිරිසිදු වැඩ පිළිවෙළ කිසි ලෙසකිනුත් වෙනස් කළ යුතු නොවේ. (1970.2.10)
සසුන් කෙත සරුකිරීමේ ප්‍රතිඥාව අනුව සසුනට බැසගත් ඇතැම් දුබල පුුඟුලන් එය වනසා දැමීමට මහන්සි ගන්නා සැටි පෙනෙයි. හරි දැක්මක් නැති හෙයිනැයි සිතමි. බුදු සසුනේ දුලබ බව හා සසුන් පිළිවෙතට බැස ගැන්මේ දුෂ්කරතාවත් තේරුම් ගැනීම මොවුන් විසින් කළමනා මූලික වැඩය බව තේරුම් කර දියයුතුව තිබුණේය. එහෙත් එය තමා විසින් සැලකූ සැටියක් හෝ අනුන්ගෙන් උගත් සැටියක් නොපෙනෙයි. මොවුන් යන මග කවරේදැයි මොවුහු දනිතියි නොසිතමි. (1978.8.19)

සසුන් වන් පුුඟුලන්හට පිළිවෙතින් තොර පරියත්තියෙක් නොලැබේ. එසේ කරන්නට යතොත් එය සස්නට ඇතුළත් නොවූ වැඩෙකි. පරියත්තිය ප්‍රතිපත්තියට වඩා උසස් බව හඟවන කථා පුවත මෙතැනට නොගැළපෙයි. ලාභාශායෙන් මැඩුණු, ගේහසිත සංකප්ප වැඩුණු, පුුඟුලන්ගේ කතා මෙයින් ඉවතට තල්ලූ වේ. (1962.3.10)

මොහොතකට පසු අයිතිය නැතිවෙයි. එහෙත් සියවස් ගණනකට අයිතිකම් සිතයි. (1969.5.31)

භාවනාවේ යෙදෙන හා යෙදීමට කැමැති ගිහි උදවිය ද බොහෝ සේ ඉන්නා බව පෙනෙයි. සසර බිය දක්නා භික්ෂූන් අතර මේ අදහස් විරල වීමට හේතුව කිමෙක්ද කියා තේරුම් ගැනීම දුෂ්කරය. ලියන පොතේත් කියන බණේත් ඇතැම් විට ඔවුහු නියම තතු පෙන්වා දෙති. ඒවා ක්‍රියාවේ නොයෙදෙන්නේ කවර හෙයින්ද? ඒ ධර්මය ඔවුනට විශ්වාස නැතුවද? ක්‍රියාවේ යෙදුවත් නොයෙදුවත්, කීම හෝ ලිවීමවත් කළත් ඇති. ඇතැම්හු මෙහිදී ඇත්ත යටපත් කරන්නට බලවත් උත්සාහයක් ගන්නාහ. අහෝ, සම්බුදු සසුන! (1975.8.18)

බොහෝ දෙනා භාවනාවේ තොරතුරු අසති. ඒ සම්බන්ධ විවේචනය කරති. පොතට දොස් කියති. භාවනාවේ නොයෙදෙති. මේ අහක දමන කාලය භාවනාවේ ම යොදනවා නම් ඔවුන්හට උසස් ප්‍රයෝජනයක් ගත හැකිවෙනවා ඇත. මෙය අනුන්ගෙන් අසාගත් දැයක් නොවන හෙයින් එක්තරා ප්‍රත්‍යක්ෂ අවබෝධයකැයි ම කිය යුතුය. මෙය සුළු දෙයක් සැටියටයි අද බොහෝ දෙනා සලකන්නේ. ආධ්‍යාත්මික දියුණුව වනාහි නියම දියුණුවෙකි. එයට හිත යෙදෙන්නේ ද පිනේ බලයකින් මැයි. පින් මද උදවියට එය නොගැළපෙයි; නොපෙනෙයි; නොදැනෙයි. (1978.5.23)

යෝගාවචර ජීවිතය ලොවැති හැම ජීවිතයකට ම වැඩියෙන් උතුම් වේ. එය ආත්මාර්ථකාමී වැඩෙකැයි කියන්නෝ ධර්මයෙහි අන්ධයෝය. (1980.3.12)

පිබිදීගෙන එන ලෝකයට ආධ්‍යාත්මික තත්වය පිළිබඳ අත්දුටු පාඩම් කියාදීමට ශක්තිය ඇත්තන් විරලවීම ධර්මයට බලවත් පාඩුවෙකි. එක් එක් කෙනාගේ හැඟීම් උඩ ලියූ පත පොත ඔස්සේ, තර්කයෙන් ලියූ ලියුම්වලින්, එතරම් වැඩෙක් වේදැයි සිතාගැනීම අමාරුයි. එක් භාවනාවක් අනුව දියුණුවට ගිය කෙනකුන් වෙතොත් එය ද ඉතා උසස් සේවයක් වෙනවා ඇත. (1962.6.6)

දහම් තතුව මැනවින් සොයා ගන්නට නම් දහම්හි නිබඳ යෙදීම කළ මනාය. දහමෙහි යෙදුණු පින්වතුන් දහම් පිළිබඳව කළ වැනුම් එකෙකුදු නිබොරුය. අතිශයෝක්ති නොවේ. දහම් හරය නොදත් පුහුදුන් ලෝකයා එය අතිශයෝක්ති යයි අයින් කරන්නට උත්සාහ ගනිති. ධර්මය මෙලොවින් අතුරුදහන් වෙන්නේ මෙලෙසටයි. (1962.10.29)

භික්ෂු ජීවිතය විස්තර කරන්නා බුද්ධ ධර්මය ඇතුළතින් දත යුතුය. මෙසේ නැතුව කිරීමෙන් විස්තර බසින්නේ අදහම් මගකටය. භික්ෂුවත් ඔහුගේ වැඩත් කාලානුකූලව සංස්කරණය වීම සුදුසුය. එහෙත් එය ශාසන පරමාර්ථයන් නොඉක්මවීමෙන් සිදු විය යුතුය. (1962.3.13)

බෞද්ධ ධර්ම මාර්ගය ඉගැන්වීමට එය නොදතුවන්ගේ අධ්‍යාපනික කථාවන් උපයෝගී කරගැන්ම ධර්මයේ පරිහානිය සැලැසීමෙකි. ඒකාන්ත පරිශුද්ධ බුද්ධ ධර්මය අපිරිසිදු වැඩට යොදා ගැනීම මීට වඩා නරක ය. (1962.3.22)

පැරැණි උගතුන්ගේ යෙදුම් විවේචනයට යාමට බියපත් වන්නේ කෘතගුණ සැලකීමෙන් ගුණවතුන් කෙරෙහි පවත්නා සම්භාවනා අදහසින් ම නොවේ. එහි පටන් ගැන්ම නොදත් බවේ දැඩි හැඟීමයි. ඇතැම්හු වරද දැක දැක එය වසා තැබීමට විවිධ හේතූන් ඉදිරිපත් කරයි. වරද වරද වශයෙන් පෙන්නාලීම ආධුනිකයනට කරන ලොකුම අනුග්‍රහයයි. (1978.5.4) 

බුද්ධ ධර්මය ලොව පහළ වූයේ නිර්වාණ මාර්ගය ලොවට හෙළි පෙහෙළි කරලීමේ පරමාර්ථය උඩ බව දැන් දැන් උගතුන් අමතක කරන සැටි පෙනෙයි. දර්ශන ක්ෂේත්‍රයට, විද්‍යා ක්ෂේත්‍රයට, භෞතිකවාද ක්ෂේත්‍රයට බැස ගත්තෝ තම - තමන්ගේ දෘෂ්ටි කෝණයනට ගළපාලීමට අදහස් මාරුකිරීම බිහිසුණුය. (1980.7.9)

ගිහි දිවිපෙවෙත පිරිසිදුවෙන් ගෙනයාමට නම් අඩුම ගණනේ දිනකට පැය කීපයක්, සතියකට සම්පූර්ණ දිනයක්, වර්ෂයකට මාස කීපයක් විවේකයෙන් යුතුව ගත කිරීමට සිතා ගත යුතුය. සම්පූර්ණයෙන් ගහට්ඨ දසසීලයක කල් ගෙවන ඇතැම් අයට වඩා මේ වැඩ පිළිපෙළ අනුව දුක කෙටිකර ගැනීමට හැකි වනු ඇත.

නෙක්ඛම්මය නාම මාත්‍රයෙන් ඇරඹීමෙන් සසුනටවත් පුද්ගලයාටවත් ලෝකයාටවත් නියම අර්ථයක් නොලැඛෙන සැටි හොඳට ප්‍රකට වී ඇත. (1978.6.27)

පෙර විසූ ශාසනික සඟ පිරිස ධර්මය ගැනත් එය දියුණු වනු දැක්ම ගැනත් කොතරම් උනන්දුවකින් වැඩ කළාහු ද යනු සංයුක්ත නිකායේ ඛන්ධක වර්ගයේ ථෙර වර්ගය බැලීමේදී තේරුම් ගත හැකිය. ධර්මයක් දෙසන විටත් එය අසන විටත් කොතරම් අවධානයක් එයට යෙදුවාහු ද යනු, ඛේමක හිමියන්ගේ දේශනය අවසානයේදී උන්වහන්සේත් සමග සැට නමක් රහත් මග-පල ලැබීමෙන් තේරුම් ගත හැකිය. ලොවුතුරු මග-පල අපේක්ෂා කරන්නා දේශනා කිරීමේදී ද ඇසීමේදී ද, නියම අදහසින්, කමටහනක් මෙනෙහි කරන ආකාරයෙන්, අනුන් ගැන හෝ අන් දේ ගැන හෝ සිත නොයොදන්නට සිතට ගත යුතුය. එයින් ධර්මාවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් සිදු නොවූවත් සුත සම්පත්තිය හෝ දියුණු වේ. (1978.6.18)

සිතට ආවේශ වන්නේ භූතයන් පමණක් නොවේ. කෙලෙසුන්ද සිතට ආවේශ වනු පෙනෙයි. මෙයින් පුද්ගලයා කෙතරම් නොමඟට වැටෙනවා ද කියතොත් තමාගේ සිතේ පැවැත්මෙන් සිදුවන විතක්ක විප්ඵාර සද්දය දෙවියකුගේ නැත්නම් තමාට හිතවත් භූතයකුගේ අවවාදයක් ලෙසටය ඔහු සලකන්නේ. මෙයින් බොහෝ දෙනා විපතට පැමිණි සැටි මට මතක ඇති සිද්ධීන් අනුව මම තේරුම් ගෙන සිටිමි. (1978.4.2)  

පුද්ගලයකු ගැන එක වරට ම තීරණයට නොබැස්ස යුතුය. ලොකු ලෙඩ්ඩු ද සුවපත් වෙති. (1961.1.13)

සුදුස්සා ළඟට තනතුරු, උසස්කම්, සැප, සිරි සෝභග්ගාදිය පැමිණෙයි. එහෙයින් සැපය සොයා ඒ පස්සේ දිවීම නොව, සැපය අතහැර සුදුස්සා වීමට වෙර වඩනු. (1962.7.9)

ධර්මයේ අගය තේරුම් ගත හැක්කේ එහි යෙදීමෙන් ලැබූ ප්‍රතිඵල අනුවය. අනුන්ගේ කථාවට සිත යෙදීමෙන් පහළ වන්නේ ධර්මය පිළිබඳ පිටත දැනීම පමණෙකි. මේ නිසා ධම්මචාරී වීමට උත්සාහ ගත යුතුය. (1968.3.2)

ඉතාමත් උසස් කාල සම්පත්තියක් ලැබී තිබේ. එහි උසස් බව කියා අවසන් කළ නොහැකිය. (1980.5.22)

ප්‍රමාද ජීවිතයට නින්දා වේවා! මේ සත්වයා අපේක්ෂා කරන්නේ හැම පැත්තකින් ම සැපයක් විඳීමටය. ඔහුගේ ඒ අපේක්ෂාවට මොන අන්දමකින්වත් උපකාර නොවන ප්‍රමාදයෙහි ම හේ වැටී දඟලයි. මෙහිදී යෝනිසෝ මනසිකාරයත් චිත්ත ධෛර්යයත් අධිෂ්ඨාන ශක්තියත් අවශ්‍ය වේ. (1962.9.15)

උතුමන් ගිය මග සපුරා අනුගමනය කරන්නට ඉදින් නොහැකි නම්, මඳ වශයෙන් හෝ එයට ඇතුළත් වී වැඩ ගෙන යා යුතුය. ප්‍රතිපත්ති මාර්ගය පිරිසිදු නම් එහි පිහිටා සිටීම ද නොපිරිහීමට උපායෙකි.  

"කිම, මා තිරිසනුන් හා සමානද, නැතිනම් සත්පුරුෂයන් හා සමානදැ"යි දිනපතා තම චරිතය ප්‍රත්‍යවේක්ෂා කරන්න. උතුම් පදවියට පැමිණීමේ ශක්තිය ලැබේ. (1962.7.18)

භාවනාවට ආවශ්‍යක දේ සම්පූර්ණ නැති නිසා භාවනාව කල් දමන මිනිසාට කවදාවත් සම්පූර්ණ කර ගත නොහැකිව හිස් අතින් මැරන්නට සිදු වෙනවා ඇත. (1968.6.4) 

යෝගාවචරයා පරහට ඇඟවීමේ අදහසින් තොරව ආදර්ශ සම්පන්න ජීවිතයක් පැවැත්විය යුතුය. එය පිරිසිදු උදාර පැවැත්මක් විය යුතුය. එයින් ඔහුගේ ආධ්‍යාත්මික දියුණුව ඉක්මනින් සිදුවෙයි. සෑහෙන ආදර්ශයක් නැති ජිීවිතය හිස් එකකි. අනුනට අඟවන අදහසින් පවත්වන ජීවිතයේ ආධ්‍යාත්මික දියුණුව නොලැඛෙයි. (1980.2.23)

සසර දුක වැසී ඇත්තේ මෙනෙහි නොකිරීම හේතු කොටගෙනය. නොනවත්වා එය මෙනෙහි කරන්නාට පුදුම ලෙසට එය පෙනෙන්නට පටන් ගනියි. (1963.3.27)

ආනාපාන භාවානාවේ නොයෙක් අතට විහිදී ගිය ප්‍රතිඵල සලක විට මෙහි උසස් ගතිය සිතට නැගේ. සිත එකඟ කර ගැනීමට මෙයින් ලැබෙන පිටුවහල ඉතා උසස්ය. ඉතා හොඳින් දියුණුවට පත්කර ගැනීමෙන් තව - තවත් විවිධ ශක්තීහු පහළ වෙති. (1963.1.23)

ගේහසිත සංකල්පනාවලට නැමී ගත් සිත නිවන් රසය විඳීමට අසමත් වෙයි. එය අපාය දුක ඇදගන්නා සිතිවිලි අවුළුවන්නේය. (1970.4.2)

මෘදු වචන කථා කිරීමේ පුරුද්ද මිනිසකුට ආවශ්‍යක කාරණයකි. භික්ෂූන් වහන්සේ නමකට විශේෂයෙන් තිබිය යුතු ගුණයෙකි. තමහට හිතපක්ෂ තරමින් මුළු ලෝකයට ම සම්භාව්‍යත්වයක් පුද්ගලයකු තුළ ලැබේ යයි සැලකීම උසස් පුද්ගලයනට ද තිබේ. දෙව්ලොවට ගිය රජකු පස්සේ බල්ලෙක් ද ගියේ ලූ. (1962.4.9)

නක්ෂත්‍ර විද්‍යාව අනුව පාලනය, ආගමික වැඩ පිළිවෙළට සම්බන්ධ කර ගැනීම හොඳ නැත. එයින් ගුණ සිරුර පලූදු වෙයි. පලූදු වීමට කරුණු පෑදෙයි. (1968.3.21)

මුළු ලෝදාහි යම් තරම් පරමාණු කොටස් වේ නම්, එපමණ වාර ගණනින් තුනුරුවනට නමකර පවත්වම්. (1968.8.1)

ශ්‍රද්ධාභක්තියෙන්, නිස්සරණ අදහසින්, පර්යාප්තියෙහි වැඩ කරන්නාට බුදු දහම අනගි රුවන් ගබඩාවකි. ඔහුට එය සිහි කිරීමේදී ද පහළ වන්නේ අතුල්‍ය ප්‍රීතියෙකි. එය ම ඔහුගේ භව නිස්සරණයට ද හේතු වනවා ඇත. (1962.5.29)

ශාසන පරමාර්ථය කිමෙක්ද? එය හඳුනා ගත්තෝ කවරහුද? එය පවත්වන්නට දන්නෝ - සමත්හු කවරහුද? මේවා ගැන සිතන විට පහළ වන්නේ බලවත් වූ සංවේගයකි. (1968.10.27)

කුඩා හැඟීමක් තුළ තිඛෙන කුඩා සිත මෙනෙහි කරන්න. ඇයි මේ සිත මේ තරම් කුඩා කරගන්නේ? මිනිසාගේ දුබලකම නිසා නොවේද? මේ දුබලකම කොතෙක් දුර ගමන් කරයිද? දීර්ඝ සංසාරයක් මේ තත්වයෙන් පවත්වයි. (1961.11.30)

යෝගී ජනයාගේ පරිසරය කොතරම් ශාන්ත විය යුතුද යනු එහි යෙදෙන්නන්ට මැනවින් වැටහෙයි. යෝග භාවනාවේ නියුක්තයාහට පරිසරය හොඳින් තිබිය යුතුය යනු අයෝගීන්හට නොවැටහෙන දෙයකි. (1962.7.2)

අධ්‍යාත්ම සංවර්ධනය තුළින් පැනගින ක්‍රියා දාමය ඉතාමත් සරලය. පිරිසිදුය. නිරවුල්ය. ඒ ඒ පුද්ගලයන්ගේ චරිතානුකූලව විශේෂතාවන් ලැඛෙතත් සිතින් මවා නොගත් ගුණයක් වෙතොත් එහිදී පැහැදිලි විදහා දැක්වීමෙක් සිදු වෙයි. (1982.1.1.)

චිත්ත සමාධිය චිත්තයට ප්‍රණීත ආහාරයකි. ඒ සමාධිය ද උසස් වෙන්න වෙන්න, මේ ප්‍රණීත භාවය ද උසස් බවට පත්වේ. මේ ගුණය හොඳින් තේරුම් ගැනීමට බොහෝ කලක් මෙහි යෙදී පුහුණුවක් සලසා ගත යුතුය. අන්ධ පෘථග්ජනතායෙන් වෙන් වී මේ ගුණයන් දියුණුකර ගැනීමට උත්සාහ ගන්න. (1962.10.31)

මේ කාලය තුළ භාවනාවේ යෙදෙන්නන්ගේ පහසු විහරණය සඳහා දුකසේ කුණු ශුද්ධ කෙළෙමි. උපකරණ සැපයීමි........ (1968.12.28)

මතු ශාසනයේ වැඩට ස්ථීර අධිෂ්ඨානයක් තබා ගන්නා මම නොසැලකිලිකම්වලින් අහක් වී අප්‍රමාදයෙන් වැඩ ගෙන යා යුතුය. එහෙයින් ඒ ගැන ද හොඳ අධිෂ්ඨානයක් කර ගනිමි. (1956.12.30)

මගේ දුබලකම් හැඳිනගෙන එයින් වහා නැගී සිටීමට මම උනන්දු වෙමි.(1963.3.3)

පුද්ගලයකුගෙන් ගත යුතු ප්‍රයෝජනයෝ කීප අතකින් ඉදිරිපත් වෙති. එහෙත් මා අදහස් කරන්නේ ඇත්ත වශයෙන් පුද්ගලයාට සැනසිල්ලක් සලසා දීමටය. මා බලාපොරොත්තු වන තරමින් ඔහුට මගෙන් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වනු දැනෙන හැම විට මම සංවේගයට පත්වෙමි. "අනාගතයේ හෝ මොහුට යහපතක් සලසමි" යන හැඟීම දිගට පවතියි. (1970.7.10)

නිවුණු අදහස් ඇති සමාජයක් වැඩේවා!(1960.9.30)

පැතුමක්...

ඉමෙහි පුඤ්ඤ කම්මෙහි - දුතියෙ අත්ත සම්භවෙ
ජාතිස්සරණ ඤාණො ච - තිහේතු පටිසන්ධිකො
හුත්වා තෙභූමකෙ සබ්ඛෙ - අභිභවිත්වා සතෙජසා
සාසනං බුද්ධ සෙට්ඨස්ස - පග්ගණ්හෙය්‍ය මතන්දිතො
(1971)

මේ පින්කම් හේතු කොටගෙන, දෙවන ආත්ම භාවයෙහි ජාතිස්මරණ ඥානය ද ති්‍රහේතු ප්‍රතිසන්ධිය ද ඇත්තෙක්ව, තුන්ලොව සියලූ සත්වයන් ස්වකී ගුණ - ඤාණ තේජසින් අභිභවනය කොට බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ශාසනය විඩා නොබලා නගා සිටුවම්වා! (මෙම භාවය සංස්කාරක විසින් යෙදූවකි)

•ත්‍රිවිධ ශාසනය වැඩූ යෝගී භික්ෂුවකගේ ස්මාරකයේ මෙසේ සඳහන් විය යුතුය.

"අගණීය නිජමත්ථං සාමිසං වාපි සාතං
 පරිතුලිය පසත්ථං සාසනත්ථං චිනන්තො
 තදනුවිහිත වා යො සබ්බකම්මං දයා වා
 නිහිත මිතිහ ජඤ්ඤා තස්ස භික්ඛුස්ස භස්මං."

"ස්වාර්ථයට වඩා උසස් ශාසනාර්ථය ගරු කොට සිදුකිරීමෙන් විඩා පත්වැ එයින් සුසුම් හෙලු යෝගී භික්ෂු නමකගේ භෂ්මාවශේෂය මෙහි ඇත." (1967.11.1)

නමෝ බුද්ධාය...!!!
තෙරුවන් සරණයි

 
උපුටා ගැනීම - යතිවර සිතුවිලි පොත ඇසුරෙනි 

 


 






අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...