Sunday, March 08, 2020

නාමරූප පරිච්ඡින්න ඤාණය?

Q. නාමරූප පරිච්ඡින්න ඤාණය යනු කුමක් ද?

(නාමරූප පරිච්ඡින්න ඤාණය = නාම-රූප පරිච්ඡේද ඥානය)

A. "... ස්වසන්තානයෙහි ඒ ඒ අවස්ථාවල උපදින උපදින නාමරූපයන් සිහිකිරීම් වශයෙන් සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාට අරමුණු කරා නැමි නැමී ඇදි ඇදී ස්වසන්තානයෙහි චක්ෂුරාදි ද්වාර සයෙහි ඇති වන්නා වූ ධර්ම රාශිය නාමයෝ ය කියා ද, එසේ ම ස්වසන්තානයෙහි ඇතිවන අරමුණු කරා නො නැමෙන නො ඇදෙන අන් අරමුණක් හා සම්බන්ධකමක් නැති ධර්ම රාශිය රූපයෝ ය කියා ද නාම රූප පිළිබඳ නිවැරදි දැනීම ක්‍ර‍මයෙන් ඇති වේ. එය නාමරූප පරිච්ඡේද ඤාණ නම් වූ විදර්ශනා ඥානය ය. ..."

සතිපට්ඨාන භාවනා ක්‍රමය - රේරුකානේ චන්දවිමල මහා නායක හිමි.

"... මනෝ විඥානය පිළිබඳ භාවනාව තවත් විස්තර වශයෙන් කරතහොත් වඩා හොඳය. යෝගාවචරයනට අපහසු වේ දෝ යි මෙහි කොටින් කියන ලදී. මෙහි දැක්වූ පරිදි රූපධාතු හා විඥාන ධාතූන් හා ඒ පිළිබඳ භාවනා කළ යෝගාවචරයා විසින් නාමරූප පරිච්ඡේද ඥානය තවත් පිරිසිදු වනු පිණිස හැකි නම් පඤ්චස්කන්ධය ය, ආයතන දොළොස ය, ධාතු අටළොස ය යන මේ ධර්ම ද උගෙන ඒ ක්‍රම වලින් ද භාවනා කරනු. එසේ කළහොත් නාම රූප පරිච්ඡේද ඥානය වඩාත් පිරිසිදු වනු ඇත. ..."

විදර්ශනා භාවනා ක්‍රමය - රේරුකානේ චන්දවිමල මහා නායක හිමි.

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...