මිලිඳු රජ තෙමේ මෙසේ ඇසුවේය.
"ස්වාමීනී නාගසේනයන් වහන්ස, යමෙක් දැන දැන පව්කම් කරයිද , යමෙක් නොදැන පව් කම් කරයි ද , කාගේ පව ද බොහෝ වන්නේ ?
තෙරණුවෝ වදාළ සේක.
"මහරජාණෙනි, යමෙක් නොදැන පව් කම් කරයි ද , ඔහු ගේ පව බොහෝය."
"එහෙම නම් ස්වාමීනි, නාගසේනයන් වහන්ස, අපගේ යම් රාජපුත්‍රයෙක් හෝ රාජමහාමාත්‍යවරයෙක් හෝ නොදැන පව්කම් කරයි. අපි ඔහුට දෙගුණයක් දඬුවම් කරන්න ඕනද ? "
"මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ ? රත් වු ගිනි ගත් ගිනි ඇවිළෙන බලවත් ගින්නෙන් යුතු යකඩ ගුලියක් තියෙනවා. කෙනෙක් දැන දැන එක ගන්නවා.කෙනෙක් නොදැන එක ගන්නවා. එතකොට දරුණු ලෙස පිච්චෙන්නේ කාවද ?"
"ස්වාමීනී , යමෙක් නොදැන ඒක ගන්වාද ? ඔහුව තමයි දරුණු ලෙස පිලිස්සෙන්නේ."
"මහරජාණෙනි, ඔය විදිහම තමයි යමෙක් නොදැන පව් කම් කරනවා ද ? ඔහුගේ බව බොහෝය."
"ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක."
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත මිළිදු රාජ ප්‍රශ්නය පොත ඇසුරෙනි
No comments:
Post a Comment