Sunday, May 16, 2021

"භාවනා කරන කොට ඔය හොර වැඩ කරන්න බෑ"




කුසල් අරමුණක් අරගෙන කුසල ධර්ම අරමුණු කරගෙන හිත නැවත නැවත එහි පිහිටු වන එක භාවනාව ලෙස හඳුන්වනු ලැබේ. ඒක සමථ වශයෙන් වඩන එකක් වෙන්නත් පුලුවන් විදර්ශනා වශයෙන් වඩන අවස්ථාවක් වෙන්නේත් පුලුවන්. කෙසේ නමුත් කෙළෙස් එක්ක ඔට්ටු වීමක් තමයි. කෙළෙස් වලට ඔහේ ඉන්න දීලා හරියන්නේ නැහැ. කෙළෙස් පැත්තක ඉන්නවා, අපි දන් දෙනවා, සිල් රකිනවා, අපි සත්කාර සේවා කරනවා නමුත් කෙළෙස් අනෙක් පැත්තේ වැඩ. භාවනා කරන කොට ඔය හොර වැඩ කරන්න බෑ. ඒ හොරු ඔක්කෝම ඇල්ලෙනවා, අහුවෙනවා. එකපාරටම එලවන්න බැරි වෙයි. හැබැයි දන්නවා මගේ මේ කෙළෙස් හොරු මෙච්චරක් ඉන්නවා. මට මෙච්චර ඒ ටිකට මට්ටු කරන්නත් පුලුවන් හැබැයි වේලාවකට මාව යට වෙනවා ඒ කෙළෙස් ටිකට. මේ විදියේ සාමාන්‍ය කෙනෙකුට හසු නොවන ඇතුළාන්තය පිලිබඳව හඳුනා ගැනීමක් කරන්න පුළුවන් භාවනා කරන කෙනෙකුට. 

අති පූජනීය තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේ

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...