ආදාහනය ද? භූමදානය ද ?
භූමදානය හෝ ආදාහනය යන දෙවිදියේ ම වෙනසක් බෞද්ධයන් වෙත නැත. බොහෝ බෞද්ධ රටවල ආදාහනය කිරීම සිරිතක් ලෙස පවතී. සෞඛ්ය හා ආර්ථික හේතූන් මත ආදාහනය කිරීම නුවණට හුරු ය. අද ජනගහනය වර්ධනය වෙමින් පවතින නිසා මළ සිරුරු වලට වටිනා බිම් වෙන් කර දීමට ගියහොත් යම් දිනක දී මුළු බිම් ප්රමාණය ම මළ ගිය ඇත්තන්ට වෙන්වන අතර ජීවත්වන්නවුනට විසීමට තැනක් නැති විය හැකි ය.
මියගිය වුන් ආදාහනය කිරීමට එරෙහි වන්නන් තවමත් සිටින අතර ඔවුන් කියා සිටින්නේ ආදාහනය දේව නීතියට පටහැනි බව ය. ඒ අතර ම අතීතයේ දී ඔවුන් බොහෝ කරුණු වලට විරෝධය ප්රකාශ කර ඇත. එවැනි අයට භූමදානයට වඩා ආදාහනය සුදුසු බවත් යෝග්ය බවත් වැටහීමට තවත් කාළයක් ගත වනු නොඅනුමාන ය. අනිත් අතට එක්තරා දිනයක කිසියම් අයෙක් පැමිණ මියගියවුන්ගේ ආත්මය මිනී වලෙන් හෝ අළු තැම්පත් කළ බඳුන් වලින් අවදි කරවා කවරකු ස්වර්ගයටත් කවරකු අපායටත් යැවිය යුතු දැයි විනිශ්චය කරති. එය බෞද්ධයෝ කිසිසේත් විශ්වාස නො කරති.
මළ ගිය ඇත්තන්ගේ මළ සිරුර හෝ ඇට සැකිල්ල හෝ අළු සමඟ හෝ ඒ තැනැත්තාගේ ආත්මය හෝ විඥානස්කන්ධය චේතනා හා වීර්ය්යය බද්ධ වී ඇතැයි සිතිය නොහැක. බොහෝ දෙනා අතර පවතින තවත් විශ්වාසයක් නම් මිය ගිය ඇත්තකුට උචිත භූම දානයක් සිදු නොකිරීම නිසා මළගිය ප්රාණකරුගේ ආත්මය ලෝකයේ සතර දිසාවෙහි ම ඇවිද අඬමින් වැලපෙමින් යළි පැමිණ ඥාතීන්ට කරදර කළ හැකි බවකි. බුදු සමයේ කිසිදු තැනෙකින් එවැනි විශ්වාසයක් ඇති බව සොයා ගත නොහැකි ය.
බෞද්ධයන් විශ්වාස කරන්නේ කෙනෙකු මිය ගිය විට ඔහුගේ කුශල හෝ අකුශල කර්මයට අනුව යම්කිසි තැනෙක පුනුරුපත්තියක් සිදු වන බව ය. පුද්ගලයා තුළ පැවතීමක් සඳහා තෘෂ්ණාවක් වීද ? හේ පුනර්භවය ලබයි. රහත් ඵලයට පැමිණි ක්ෂිණාශ්රවයන් පමණක් තමන් සියලු ආශා නැති කළ හෙයින් යළි නූපදින බව ද නිවන සාක්ක්ෂාත් කරන බව ද පෙන්වා දී තිබේ.
No comments:
Post a Comment