ධර්මයේ වටිනාකම පොත් වල නොවේ. ඒවායේ තිබෙන්නේ ධර්මයේ බාහිර පෙනුම පමණයි. ධර්ම පුහුණුවෙන් ඇතිවන තමාගේම අත්දැකීම් පොතේ ඇත්තේ නැහැ. ඔබ ධර්මය වටහා ගත් විට ඔබ ඔබේ මනස අවබෝධ කර ගත්තා වෙනවා. එය තුල සත්‍යය ඔබ දකිනවා. එවිට හිතේ ඇතිවන අවිද්‍යාව දුරු වෙනවා.
බුදුන් වහන්සේගේ ඉගැන්වීම අකාලිකයි. වර්තමානයේ හෝ අන්කිසි විටෙක එය වෙනස් වන්නේ නැහැ. බුදුන් වහන්සේ මේ තත්වය අවුරුදු දෙදහස් පන්සියයකට පෙර ප්‍රකාශ කලා. ඊට පසුද එය වෙනස් වූයේ නැහැ. මේ සත්‍යයට යමක් තව එක්කල යුතු නෑ. අඩු කල යුතු ද නැත. බුදුන් වහන්සේ මෙසේ වදාරා ඇත. තථාගත විසින් දේශනා කල දහම අත්නොහල යුතුය, ඊට අමතරව කිසිවක් එයට එක් නොකල යුතුය. බුදුන් වහන්සේ මේ අන්දමින් දේශනා කරන ලද ධර්මය අඩු වැඩි කිරීමෙන් තොරව පවත්වා ගෙන යන ලෙස කීවා. ඇයි එසේ කලේ ? ඊට හේතුව උන් වහන්සේගේ ධර්මය කෙලෙසුන් ගෙන් මිදුණු අයෙකුගේ ධර්මය වීමයි. ලොව කෙතරම් වෙනස්කම් ඇති වුවත් ඉන් ධර්මයට වෙනසක් නොවේ. එය නොවෙනස්ව පවතී. ධර්මය අනුව යමක් නොකල යුතු නම් මිනිසුන් එය කල යුතු යයි කීවත් එය දොස් සහිතය. යමක් හරි නම් එය වැරදි යයි මිනිසුන් කීවාට එය හරිය. මේ ධර්මය නිර්මල හා සත්‍ය වන බැවින් මිනිස් පරපුරේ වෙනස් වීම් අනුව එය කවදාවත් වෙනස් නොවේ.
එක්තරා කාලයක ධර්මය ආලෝකමත් වෙනවා.බැබලීම ඇති වෙනවා. දහම් පුහුණුව ප්‍රගුණ වෙනවා. කල්යාමේදී පරම්පරා ගණනාවක් ඇවෑමෙන් දහම් පුහුණුව පිරිහී ධර්මයද අතුරුදහන් වෙනවා. නැවතත් කාලයක් ගියායින් පසු ධර්මය නැවතත් ඇති වී ප්‍රගුණ වෙනවා. කල්යාමේදී ධර්මය අනුගමනය කරන්නන් විශාල වශයෙන් බිහි වී සෞභාග්‍ය ඇති වෙනවා. එහෙත් ලොව ඇති අන්ධකාරය ධර්මය ආවරණය කරනවා. මේ අන්දමට ධර්මය නැවතත් පිරිහී අමතක වී යනවා. මිනිසුන් ගේ සිත් මුලාවෙන් පිරී අන්ධකාරය පැතිරෙනවා. එවිට නැවතත් ධර්මය පිහිට වීමට කාලයයි. ඇත්තෙන්ම සත්‍යය කොහේවත් යන්නේ නෑ. එය මිනිස් සිතෙන් ඈත් වෙනවා පමණයි. බුදුවරු පිරිනිවීමෙන් ධර්මය අතුරුදහන් වන්නේ නැත.
ලොව කරකැවෙන්නේ මේ අන්දමටය. ඒක හරියට අඹ ගහක් වගේ. ගස වැඩී මල් පිපී ගෙඩි හට ගෙන මෝරා ඉදී වැටෙනවා. ඒවා කුණු වී ඇට වලින් නැවත ගහක් පැල වෙනවා. නැවතත් පෙර මෙන් එහි මල් පිපී ගෙඩි පල ගෙන ඉදී බිම පතිත වී ඒවායින් බොහෝ පැල ඇති වෙනවා. එය තමයි ලෝකයේ හැටි. පැරණි දේම නැවත නැවත ඇති වී කරකැවී විනාශ වී යනවා. දැනුත් අප ජීවිත මේ වගේ. අද අපි පෙර හැමදාම කල දේමයි කරන්නේ. මිනිසුන් කල්පනා කරනවා වැඩියි. ඔවුන්ගේ සිත ඇද ගන්නා දේ බොහෝය. එහෙත් ඒ එකක්වත් පූර්ණත්වය ලබා දෙන්නේ නැහැ. ගණිතය, භෞතික විද්‍යාව, මානසික විද්‍යාව හා අනිකුත් විද්‍යාවන් ඇතත් ඒවා හැදෑරීමේ කෙලවරක් නැහැ. සත්‍ය පමණයි ඉගෙන ගෙන කෙලවර කල හැක්කේ, පූර්ණත්වය ලබා ගත හැක්කේ.
අපි හිතමු ගොනෙක් කරත්තයක් අදිනවා කියා. රෝද දිග නොවූවාට ඉන් ඇති වන මග සලකුණු දිගයි. ගොනා කරත්තය අදින තාක් මග දික්වේ. රෝද කවාකාර වූවාට ගමන් කෙරෙන මග වී තියෙන සලකුණු දිගය. මග දිගවූවාට රෝද කවාකාරයි. නතර කරත්තයක් බැලූ විට එහි දිග මොකුත් නැහැ. එහෙත් ගොනා යාමට පටන් ගත් විට ඔහු පිටුපස දිග පාරක් ලකුණු වේ.
ලොව තුල තෘප්තිය හා ශාන්තිය සොයන ඔබට ඔබ පිටුපස කරන්ත රෝද ලකුණු කෙලවරක් නැතිව සලකුණු වේ. ඔබ ලොව පිටුපස ගමන් කරන්නේ නම් නැවතීමක් නැත. විවේකයක් නොලැබේ. වේ. ඔබ එසේ ලොව යන දිසාවේ නොයන්නේ නම් කරත්තය නතර රෝද කැරකීමක් නැත. ලොව ලුහු බැඳීම අකුසල කර්මයන් ඇති කරන්නාක් මෙනි. ඔබේ පැරණි පුරුදු ජීවිතය ඔබ ගෙවන්නේ නම් නතර වීමක් නැත. එහෙත් එය වෙනස් කල විට නතර වේ. මේ අන්දමින්ය අපි දහම් මග ගමන් කරන්නේ.
ඌ කරත්තය අදින තාක් රෝද කරකැවේ......එහෙත් යම්කිසි දවසක ගොනා වෙහෙස වී කරත්තයෙන් මිදෙනවා. මිදී එය තිබියදී ඌ වෙන අතක යනවා. දන් රෝද කැරකැවෙන්නේ නෑ, යථා කාලයේ දී කරත්තය කැඩී. බිඳී යනවා, එහි කොටස් සතර මහා භූතයන්ට එක් වෙනවා. එනම්: සත්වය, දියර බව, සුළඟ හා රස්නය.
ආචාන් චා හිමියන් විසින් පවත්වනු ලැබු දේශනාවක් ඇසුරෙනි
No comments:
Post a Comment