Thursday, May 13, 2021

🥀මගේ රූපය!!!

✨ මේ ශරීරය දිනෙන් දින වෙනස් වෙනවා. මේ ශරීරය මොහොතින් මොහොත මරණයට ලං වෙනවා.  දිනෙන් දින මේ කය කුණු වේවි, ගඳ ගසාවි, ඕජස් ගලාවි, සැරව අතරින් පණු කැදලි මතු වී එකම පොරයකින් තරඟයට මේ කුණු මස් කෑලි අනුභව කරාවි.. නැවත නැවතත් පණුවන් ගේ ආහාරයට පත් වී පසු දින වල උන්ගේ අසූචියක් බවට මේ රූපය පත් වේවි. කෝ පණු අසූචියක් තුළ මගේ පැහැපත් කරගන්න වෙහෙස දරනා මූණ? කෝ පණු අසූචිය තුළ මගේ කරගත්, මේ රූපය ජරාවට පත් වන්නක්මයි. වස්තුවක් රකින්නා සේ කොයිතරම් මුදල් යොදවා රැක්කාත්, ඔබ සුදු මූණ දිනක පණු අසූචියක් වනවාමයි.

💫මේ සසර බොහෝම භයානක වන්නේ, ඔබ මම ශීලයන් තුළ ශක්තිමත් නොවූ, අකුසලයන් වැඩූ අයෙකු වූවොත්, කිළිටි වූ අවසාන සිත හේතුවෙන් ඔබත් ඔබේම මස වෙනුවෙන්, මමත් මගේම මස වෙනුවෙන් පොරකන්නා වූ පණු කැදැල්ලේම නැවත ඉපදී, තරඟෙට මගේම සුදු මූණම ආහාරයට ගන්නා, මගේ ශරීරය කමින් මගේ ශරීරය මත, ඒ මසම අසූචියක් සේ පිටකරමින් ඒවාද ආහාරයට ගන්නා පණුවෙකු වීමේ අවධානමක් ඇති නිසාමයි.

 



No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...