පරණ පුරුදු වලටමයි හිත නැමෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. අපට තියෙන්නේ ලෝභ,දෝෂ,මෝහ එක්ක මිශ්‍ර සිතුවිලි පරිහරණය කරලා ඒවායෙන් දුක් විඳපු හුරුව යි. වෙන හුරුවක් අපට නැහැ. ඒක නිසා, හැම වෙලේ ම ලෑස්තියක් තියෙන්ඩ ඕනෙයි කිව්වා. කල්‍යාණ සහය කිව්වේ ඒකයි. හැම වෙලේම තමන් ළඟ ලෑස්තිය අර හොඳ පැත්ත සංවිධාන කරපු වට්ටෝරුවත් එක්ක. මෙයා දැන් ලෑස්ති ව ඉන්නවා ලෝකය පිළිගන්න. කොහොමද ? තමන්ට අනර්ථයක් නො වෙන අන්දමට. දැන් අපට කෙනෙක් හම්බ වුණාම අපි පුරුද්දට අනුව අපට හිතන්න පුළුවන් මෙයා මෙහෙම යි. එයා එහෙම යි කියලා. එහෙම නො සිතන්න තමන් ළඟ ලොකු ලෑස්තියක් තියෙන්ඩ ඕන. නැත්නම් ඒක කෙරෙන්නේ නෑ. කරන්ඩ බැහැ. ඒ මනුස්සයාට දොස් කියන්න බැහැ අපට.එයාගේ ආත්මයට දොස් කියන්න බැහැ. ඒක එහි පවතින ස්වභාවය යි.ඒ ස්වභාවය මකන්න යි අපි බෞද්ධයන් වශයෙන්.සත්වයන් හැටියට දුක් විඳිම ස්වභාවික යි. එයින් පිටස්තර අපි සැනසිල්ලට පත් වීමට උත්සාහයක් දරනවා.ඒ උත්සාහය අස්සේ අපි පහු කරපු අතීත සංසාර යි. මුළු සංසාරය ම එක්ක මහා සටනක් කරන්නට වෙනවා.
මේක හරියට කියනවා නම් යම් පුද්ගලයෙක් හමුදාවට බැඳිලා හුරු පුරුදු කම් ඇති කරගෙන එයා යුද පිටියට යන දවසක් තියෙනවා.කෙළෙස් සටන සඳහා සියලු අවි පරිහරණය ඉගෙන ගෙන පරාජය නොවීමට තමන් පිළිපැදිය යුතු ආකාරය හුරු කරගන්නවා වාගෙ යි. මේ කාරණා තුනෙන් (කල්‍යාණමිත්ත, කල්‍යාණ සහාය , කල්‍යාණ සම්පවංක) අපට බලාගන්න පුළුවන් චිත්ත දියුණුව සම්බන්ධයෙන් අපි කොච්චර ඈතින් ද ඉන්නේ කියලා. හැතැප්ම ලක්ෂ ගණනක් ඈතින් ඉන්න බව පේනවා. බෞද්ධ අපිට මේක යාන්තමින් වත් දැක ගන්ඩ හම්බෙලා තියෙනවා. නමුත් අපි බෞද්ධයන් වශයෙන් පෙනී සිටිනවා පමණයි.මේ විදියට යමෙකුගේ ජිවිතය සංවිධානය වීමට සිතෙන්ම අවංකව අදහස ආවා නම්, එදාටයි ඒ පුද්ගලයාගේ බෞද්ධකම ආරම්භ වන්නේ. බෞද්ධ කම කියන්නේ බුද්ධිමත් කම ජීවිතය සමඟ සම්බන්ධ කර ගැනීම යි.ඒ බුද්ධිමත් කමේ අරටුව දුකක් නැති කමයි. යම් පමණකට අපි දුක් විඳිනවා නම්, ඒ පමණට අපි ළඟ බෞද්ධ කම නැහැ. කල්‍යාණ ශබ්දයෙන් පෙන්වන්නේ ඒ බුද්ධිමත්කම සකස් වීම යි. මේ කාරණා තුන(කල්‍යාණමිත්ත, කල්‍යාණ සහාය , කල්‍යාණ සම්පවංක) දැනගත්තහම එක සකස් කර ගැනීම පහසු යි. මේ ටික හොඳින් තේරුම් අරගෙන ජීවිතවලට සම්බන්ධ කර ගත්තොත් දිට්ඨධම්ම කුසල විපාක වශයෙන් සැනසීම මේ ජීවිතයේදීම ලබන්නට පුළුවන්
අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
සාධු සාධු සාධු ...........!!!
No comments:
Post a Comment