බුදරජාණන් වහන්සේ වදාළා අසත්පුරුෂ කෙනා ලොකයේ යම්තාක් කැරකැවෙනවා ද එයා කැරකෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් වටා ම යි.ලොකයේ යම්තාක් කැරකැවෙනවා ද එය කැරකැවෙන්නේ විඳින දෙයක් වටා ම යි.යම්තාක් කැරකැවෙනවා ද එයා කැරකැවෙන්නේ සංඥාව වටා ම යි. යම්තාක් කැරකැවෙනවා ද කැරකෙන්නේ සංස්කාර වටා ම යි. යම්තාක් එයා කැරකි කැරකී ඉන්නවාද කැරකෙන්නේ විඤ්ඤාණය වටා ම යි. මේක ඉක්මවා යාගන්නට බෑ කියලා.
සතෙක් දම්වැලකින් ගැටගසා කණුවක බැඳ සිටිනාතාක් දම්වැලේ ප්‍රමාණය මත ඒ කණුව වටේ ම කැරකි කැරකී ඉන්නවා මිසක් ඒ සතාට ඒකෙන් නිදහස් වෙලා බේරිලා යන්ට බෑ. අන්න ඒ වගේ අවිද්‍යාවෙන් වැසී,තෘෂ්ණාවෙන් බැදී සිටින පෘථග්ජන සත්වයාත් දුකෙන් නම් නිදහස් වෙන්නේ නැහැ.
ප්‍රඥාවෙන් තමයි පුද්ගලයා අසත්පුරුෂ නොවී ඉන්නෙ. ප්‍රඥාව නැති පුද්ගලයාට අසත්පුරුෂ වෙනවා කියන එක සුළු දෙයක්. කෙළෙහි ගුණ නසනවා කියන්නේ සුළු දෙයක්.තමන්ගේ වාසියට ඕන එකක් පෙරලගන්නවා කියන්නේ සුළු දෙයක්.
එවැනි අසත්පුරුෂයන් මැද සත්පුරුෂයෙක් විමට යි නිතරම උත්සාහ කල යුත්තේ
පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.
No comments:
Post a Comment