ඒ ඒ කර්මවල විපාක ඒ ඒ ආකාරයෙන් විඳීමට සිදුවන්නේම මැ යි කිවහොත්
බ්‍රහ්මචර්ය ජීවිතයක් සඳහා ඉඩ නො සැලසෙන බවත් කාය, ශීල, චිත්ත, ප්‍රඥා
වශයෙන් වූ භාවනා නො වඩන සහ ගුණයෙන් අල්පවූ පුද්ගලයාගේ අල්පමාත්‍ර පාප
කර්මය වූව ද ඔහු නිරයට ගෙන යන අතර එම භාවනා වඩන බොහෝ ගුණ ඇති පුද්ගලයාගේ
අල්පවූ පාප කර්මය මේ ආත්මයේ දී ම යම් විපාකයක් ලබා දී පරලොව දරුණු විපාක
තබා සුලු විපාක හෝ නො දීමට ඉඩ තිබෙන බවත් විස්තර වේ.
(උපුටාගැනීම: සූත්‍ර පිටක සූචිය සහිත සූත්‍රසම්පිණ්ඩණය - ප්‍රේමචන්ද්‍ර ද සිල්වා)
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (10) 5. ලොණඵල වර්ගය
මෙය
ශාන්තය, මෙය ප්‍රණීතය. එනම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු උපධීන්
අතහැර දැමීම, තණ්හාව ක්‍ෂය කිරීම, නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ
නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය.
නිහතමානීව, දැඩි වීර්යයකින් සතිය පෙරටුකොට මාර්ගය වඩා ධර්මයේ ඇති සජීවී බව අත්දකිමු.
No comments:
Post a Comment