Sunday, April 12, 2020

නිල සම්බාහන විද්‍යාව (Reflexology) යනු කුමක්ද ?

මනුෂ්‍ය ශරීරය ස්වාභාව  ධර්මයේ  නිර්මාණයක්. ඉබේම සුව ශක්තිය ගෙන දෙන ආයතනයක්. මනසත් එක්ක  ගනුදෙනු  කරන හොඳම යහළුවෙක්.

සති පාසලේ  පුංචි දරුවෝ සතිමත් වෙලා සතුට සොයනවා, සැනසීම සොයනවා. ඒක කරගන්න මේ  ළඟින්ම ඉන්න යහළුවා, නිවුන්නා වන තමාගේම ශරීරය නිරෝගී ලෙස තියාගන්න කියල බුදුපියාණන් වහන්සේත් අනිකුත් ආගමික නායකයින් වහන්සේලා අපට පෙන්වා දී තියෙනවා.

ශරීරයට ව්‍යායාම  දෙනවා වගේ ම, ඒ කරන හැම දෙයක්ම සතියෙන් කළොත් මනසටත් ව්‍යායාම ලැවබනවා කියල සති පාසල කියනවා. මොකද  අතීතය ගැන පසු තැවීමක් නැතිව, අනාගතය ගැන සිහින මවන්නේ  නැතිව මේ මොහොතට අවදි වෙලා වැඩකරන කොට  පුදුමාකාර ශක්තියක් මනසටත් , ශරීරයටත් ලැබෙනවා. ඒ ලැබෙන ශක්තියෙන් මුළු ශරීරයම සම්බාහනය  වෙනවා.
 
එහෙම නම් මුළු ශරීරයේ  ම අවයවවල සම බර බව ඇති කරවන නිල ලක්ෂ්‍ය ගැන අපට අවබෝධයක් තියෙන එක  ඉතා වැදගත් වෙනවා.

ඉහතින් අපි ඉගෙන ගත් පරිදි මෙම  නිල ලක්ෂ්‍ය සම්බාහනය කිරීමෙන් මුළු ශරීර පද්ධතියට ම අවශ්‍ය  කරන සම බර රුධිර ධාවනය , පෝෂ්‍ය පදාර්ථ සම බරව බෙදී යාම,කාර්යක්‍ෂම ස්නායු පද්ධතියක් ඇති වීම , ශරීරයට අවශ්‍ය කරන ප්‍රධාන ආහාරය  වන ඔක්සිජන් ප්‍රවාහයේ  මනා ගලනයට ආධාර වීම, ශරීරවයන් පිට කළ යුතු කාබන්ඩයොක්සයිඩ් හොඳින් පිට කිරීම සහ ශරීරයේ විෂ අපද්‍රවය හොඳින් ඉවත් කිරීම යන සේවා සැලසෙන නිසා , නිල සම්බාහනය දරුවන්ට මෙන්ම වැඩිහිටි අප සැම දෙනාටමත් බොහෝ වැදගත් වෙනවා.

සති පාසල මුළු ලොවටම සතිමත් නිල සම්බාහනය හදුන්වා දෙනවා. මොකද , යෙදෙන හැම වැඩක් ම සතියෙන් කරන නිසා , එම වැඩය සාර්ථකව කරනවා. මනසත් කයත් දෙක ම සම බර වෙනවා. නිරෝගී වෙනවා. සතිමත් මනස නිතරම නුවණ සමග එ කතු වෙනවා. නිල සම්බාහනය සතියෙන් යුතුව කිරීම නිසා නිල සම්බාහනයේ  කාර්යක්‍ෂම බව සහ ක්‍රමානුකූල බව වැඩි වීමත් , ඒ නිසා ප්‍රාණවත් වන ජීව ශක්තිය සෞඛ්‍ය සම්පන්න ව ගලා යෑමත් සිදු වෙනවා. සතිමත් නිල සම්බාහනය සියලු දෙනාම නිරෝගී කරනවා.

උපුටා ගැනීම : සති පාසලෙන් 

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...