Tuesday, April 07, 2020

සම්බුදු ගුණ වරුණ - බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී සදා වන්දනීය පූජනීය බලංගොඩ රාධ පින්වත් ස්වාමීන් වහන්ස

🇱🇰 #TheBuddhistTv
📺 The Buddhist TV Live (UHF 53 - DialogTV 26 - PeoTV 96 - DishTV 2592)
📻 The Buddhist Radio Live - FM 101.3 - 101.5
💻 The Buddhist TV YouTube Channel (YouTube live-streaming) - The Buddhist Media Network
📱 The Buddhist TV Facebook Live

සඳුමෙන් ශාන්ත වූ, හිරුමෙන් ප්රභාශ්වර වූ, තුන්ලෝකාග්ර වූ, අනධීවර වූ , අංගීරස වූ, නිකැළැල්වූ , මහා කාරුණික වූ භාග්යවතුන් වහන්සේගේ අනන්ත බුදුගුණ සයුරෙන් බිදක් දේශනා කිරීමට මේ පොලෝ තලයේ යම්කිසි තැනක් සුදුසුවේ ද, ද්රෝණයක් පමණ සර්වඥ ධාතූන්වහන්සේලා වැඩ සිටින රැවන්වැලි මහාසෑය තරම් වෙන කිසිම ස්ථානයක් නම් නොවන්නේම ය. 

පිපාසිත අයෙකුට සිසිල් පැන් පොදක් දී පවස නිවන්නාක් මෙන් කරුණා මෙත් සිතින් තුන්යම් රාත්රියක් මුළුල්ලේ සම්බුදු රුව වරුනත්, සම්බුදු ගුණ වරුණත් මිහිරි හඩින් දේශනා කරමින් දම් අමා රස බෙදූ,බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්රමවාසී සදා වන්දනීය පූජනීය බලංගොඩ රාධ පින්වත් ස්වාමීන් වහන්ස,මේ මහානීය ධර්ම දානමය කුසලය පැතූ බෝධියකින් උතුම් නිවන් අවබෝධය පිනිස උපනිශ්රය වේවා...!!!
පාරමී වේවා....!!!

ඔබ සැමට තෙරුවන් සරණයි...!!!!


No comments:

Post a Comment

පව් පෝය අනතුර | සාකච්ඡා (කැනේඩියන් ජාතික ජෝ අතුලෝ හිමි)

පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක් - අතුලෝ හිමි ය දවසේ මිනිස්සු අට සිල් ති...