"...භාග්යවතුන්
වහන්සේ කියා දෙනවා, මේ අජානීය අශ්වයෝ හතර දෙනා වගේ පුද්ගලයෝ හතර දෙනෙකුත්
ඉන්නවා කියලා. ඒ පලවෙනි පුද්ගලයා තමයි, එයාට ආරංචි වෙනවා අසල්වාසී ගමක යම්
කෙනෙක් මැරුණා කියලා. එයා ඒ මැරුණ කෙනා දැකලද? නෑ. ආරංචි වුණා විතරයි. එයා
කල්පනා කරනවා, අහෝ මේ හොඳට හිටපු මනුස්සයෙක් මැරිලා. මටත් මෙහෙම වෙයි. මම
ප්රමාද වෙන්ට හොඳ නෑ. දැන් දැන් ම කුසල් දහම් කරගන්ට ඕන. පින් දහම් කරගන්ට ඕන. මේ ජීවිතය යහපතේ යොදවගන්ට ඕන කියලා කල්පනා කරනවා..."
පූජ්ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ
දම්සයුර වෙබ් අඩවියෙන් උපුටා ගැනීමකි
No comments:
Post a Comment