ඛුද්දකනිකාය -----> ථෙරගාථා -----> එකක නිපාතය -----> සතරවන වර්ගය
“අසංයතවූ (හික්මීමක් නැති) භික්ෂූහු ඒ ඒ
ජනපදයන්හි හොඳට ආහාරපාන ලැබීමාදී කල්පනාවන් කෙරෙමින් නොයෙක් ජනපදයනට
යන්නාහ. සමාධියද වරදවා ගනිති, ජනපද චාරිකාව කුමක් කරන්නීද? එහෙයින් වෙසෙන
ප්‍රදෙශයන් කෙරේ උපන් විරොධය සංසිඳුවා ගෙන මිථ්‍යා කල්පනා පෙරටුකොට නොගෙන
ධ්‍යාන වඩන්නේය.”
ආයුෂ්මත් කුමාපුත්ත තෙරුන්ගේ යහළු තෙරණුවෝ මේ ගාථාව වදාළහ
තවදුරටත් පැහැදිළි කළොත්
අසංවර උදවියට තියෙන්නේ පළාත් ගානේ ඇවිද ඇවිද කල් ගෙවන එක විතරයි .ඔවුන්ට සමාධියක් නම් ඇති කර ගන්නට ලැබෙන්නේ නෑ. රට රටවල් වල රවුම් ගැසීමෙන් ඇති වන යහපතකුමක්ද? ඔය එකටෙක කිරීම පැත්තකින් තියන්න. තණ්හාව මුලට ගන්න එපා. ධ්‍යාන වඩන්න
මෙය වනාහී ආයුෂ්මත් කුමාපුත්ත තෙරුන්ගේ යහළු තෙරුන් නම් රහත් මුණිදුන් වඳළ ගාථාවයි.
The Book of the Ones
Chapter Four
Wandering undisciplined.
If they lose their meditation,
what will such rotten conduct achieve?
So you should dispel pride,
practicing absorption undistracted.
No comments:
Post a Comment