Sunday, April 05, 2020

කිමත්ථිය සුත්‍රය ඇසුරෙනි























🌕🌕🌕🌕🌕🌕

ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවන්ගෙන් ඔය කියන සීලයේ මොන අර්ථයක් ද තියෙන්නේ. ඒකේ ආනිසංස හෙවත් අනුසස් කුමක්ද කියලා.

එතකොට එතැන අර්ථ සහ අනුසස් කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මොකක් අර්ථ පවතිනවාද, කුමක් අනුසස් කොට පවතිනවා ද කියන එකයි. එතකොට දැන් යම්කිසි කෙනෙක් ඔය විදිහට සංවරයක් ජීවිතයට අරගෙන, අපි කියමු දැන් මේ අය පාණාතිපාතා, අදින්නාදානා, ආදී වශයෙන් කියලා ශික්ෂා පද අටක් සමාදන් වීමෙන් පොරොන්දු වෙනවා. ඕකේ පරමාර්ථය මොකක්ද ? මම මේවා නොකරන්නේ මොන අර්ථයක් මතු කිරීම සඳහාද ? ඒක නොදැන ඔය වැඩ කලාට ප්‍රයෝජනයක් ලබන්නට බැහැ. එයා දැන ගන්න ඕනා වචනය නරක් වූවොත්, සිදුවන අනර්ථය අප්‍රමාණ බව. එතකොට මේ අනර්ථයන් බේරීමට කියනවා අර්ථය කියා. වෙන අර්ථයක් නැහැ. මේකේ තියෙන්නේ අනර්ථයෙන් බේරීමයි අර්ථය කියන්නේ. ඕනෑම තැනක අර්ථය මොකක්ද කියලා ඇසුවොත් අනර්ථයෙන් බේරීමයි. එතකොට දැන් අපි ශික්ෂා පද අටට තම සිතුවිලි නැඹුරු කළා වූ පරමාර්ථය කුමක්ද ? ඒවා ඔක්කෝම මගේ සිතේ ද්වේෂය පහළ කරන, දැඩි ලෝභය පහළ කරන, ඒවා සංවිධානය කරන, වර්ධනය කරන, හේතු ටිකයි. මම මේ නවත්තන්නේ, ඒ මොකද ඒ නවත්තන්නේ ? මේ ද්වේෂයත්, ඒ වගේම කාමයත් කියන දෙක, යම් සිතක් ඇතුලේ සංවිධානය වුනොත්, මොනව මේච්චලයකවත් නැහැ. මොනම පාලනයක්වත් නැහැ. මේ ද්වේෂය ආපු තැන මහා දරුණු වැඩ කරනවා. කාමය මතු වූ තැන මහා නින්දිත වැඩ කරනවා. නින්දිත වැඩෙත්, දරුණු වැඩෙත් දෙකෙහිම තමන්ට පීඩා විඳින්න සිදුවෙනවා. ජීවිතය තුළින් මෙන්න මේ පීඩා විඳීමේ ශක්තිය අස්කිරිම, පීඩා නොවිඳිය යුත්තා විසින් කළ යුත්තක්. එයා නොකර හිටියොත් පීඩාවෙන් මිදෙන්නේ නැහැ.ඒක පුද්ගලික අයිතියයි.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි

🌕🌕🌕🌕🌕🌕

No comments:

Post a Comment

සාරාණීය ධර්මයන් පුරුදු කරගනිමු (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකළ ධර්ම දේශනාව) - පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2024-08-16)

රාජ්‍ය සේවය, රැකියාව සමාජයට මහත් වූ යහපත සදන සත්පුරුෂ ක්‍රියාවක් බවට පත් කරගැනීමට අතිශයින් උපකාර වන ප්‍රිය බව, ගෞරවය, එකට වාසය කිරීම, සමගිය,...