Sunday, March 08, 2020

දසරාජ ධර්මය ඇසුරෙන් සීලය ගොඩනගා ගැනීම

 

දසරාජ ධර්මය ඇසුරෙන් සීලය ගොඩනගා ගැනීම — අති පුජනීය මාවරලේ භද්දිය ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදුකරන ලද සදහම් දේශනාව

https://archive.org/details/mawaralebhaddiyatherodharmadeshana 

 

හරක් වෙලා උපදින ඇත්තම හේතුව


හරක් වෙලා උපදින ඇත්තම හේතුව - අති පුජනීය මාවරලේ භද්දිය ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදුකරන ලද සදහම් දේශනාව

https://archive.org/details/mawaralebhaddiyatherodharmadeshana
 


සම්මාදිට්ඨිය යනු?


Q. සම්මාදිට්ඨියට ඇතුළත් කරුණු මොනවද?


A. “මහණෙනි, සම්‍යක්දෘෂ්ටිය කුමක්ද? මහණෙනි, මම සම්‍යක්දෘෂ්ටියද දෙපරිදිකොට කියමි. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාකදෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක්දෘෂ්ටියක් ඇත. මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ, ලොකෝත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් දෘෂ්ටියක් ඇත. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇති සම්‍යක් දෘෂ්ටිතොමෝ කවරීද? ‘දුන් දැයෙහි විපාක ඇත. මහාදානයෙහි විපාක ඇත. පුදපඬුරු යැවීමෙහි විපාක ඇත. කුශලා කුශලයන්ගේ විපාක ඇත. මෙලෝ ඇත. පරලෝ ඇත. මවුට කරන යහපත්වූ හෝ අයහපත්වූ කටයුතුවල විපාක ඇත. පියාට කරන යහපත්වූ හෝ අයහපත්වූ ක්‍රියාවල විපාක ඇත. චුතව උපදින සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේම විශෙෂ ඥානයෙන් දැන ප්‍රකාශ කරද්ද, එබඳු මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ (සර්වඥ බුදුවරු) ඇත. මහණෙනි, මේ ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් දෘෂ්ටියයි.
“මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් දෘෂ්ටිය කවරීද? මහණෙනි, ආර්‍ය්‍යවූ චිත්තයෙන් ආශ්‍රවරහිත චිත්තයෙන් ආර්‍ය්‍යමාර්ගයෙන් යුක්තවූවහුගේ ආර්‍ය්‍ය මාර්ගය වඩන්නහුගේ යම් ප්‍රඥාවක් වන්නීද, ප්‍රඥෙන්ද්‍රියයක් වේද, ප්‍රඥාබලයක් වේද, ධම්මවිචය සම්බොජ්ඣංගයක් වේද, සම්‍යක් දෘෂ්ටියක් වේද, මාර්ගාංගයක් වේද, මහණෙනි, මේ නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකොත්තරවූ මාර්ගාංගයක්වූ සම්‍යක් දෘෂ්ටියයි.”

A. එහි (ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි) සම්‍යග්දෘෂ්ටි කවරෙ යත්: දුඃඛසත්‍යයෙහි ඥාන යැ, දුඃඛසමුදයසත්‍යයෙහි ඥාන යැ, දුඃඛනිරෝධසත්‍යයෙහි ඥාන යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි ඥාන යි. මේ ‘සම්‍යග්දෘෂ්ටි’ යි කියනු ලැබේ.

A. එහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: මාර්ගාඞ්ග වූ මාර්ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් (අනිත්‍යාදිය) විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් (අනිත්‍යාදීන්ගේ ලක්ෂණ වශයෙන්) සැලකීමෙක් උපලක්ෂණයෙක් ප්‍රත්‍යූපලක්ෂණයෙක් පණ්ඩිත බවෙක් කුසල බවෙක් නිපුණ බවෙක් (අනිත්‍යාදීන්ගේ) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්ෂාවෙක් භූරිප්‍රඥාවෙක් මේධා (ධාරණප්‍රඥා) වෙක් පරිණායිකාවක් විදර්ශනාවක් සම්‍යග්ඥානයෙක් (ප්‍රඥා) පතෝදයෙක් ප්‍රඥාවක් ප්‍රඥේන්ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රෙයක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා ආලෝකයෙක් ප්‍රඥා අවභාසයෙක් ප්‍රඥා ප්‍රද්‍යෝතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් සිව්සස් දහම් විමසීමෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්මවිචය සම්මොබාධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.

1. සම්මා දිට්ඨි සූත්‍රය.
2. මහා චත්තාරීසක සූත්‍රය.

{"තත්‌ථ කතමා සම්‌මාදිට්‌ඨි? දුක්‌ඛෙ ඤාණං, දුක්‌ඛසමුදයෙ ඤාණං, දුක්‌ඛනිරොධෙ ඤාණං, දුක්‌ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං – අයං වුච්‌චති ‘‘සම්‌මාදිට්‌ඨි’’.
තත්‌ථ කතමා සම්‌මාදිට්‌ඨි? යා පඤ්‌ඤා පජානනා විචයො පවිචයො ධම්‌මවිචයො සල්‌ලක්‌ඛණා උපලක්‌ඛණා පච්‌චුපලක්‌ඛණා පණ්‌ඩිච්‌චං කොසල්‌ලං නෙපුඤ්‌ඤං වෙභබ්‍යා චින්‌තා උපපරික්‌ඛා භූරී මෙධා පරිණායිකා විපස්‌සනා සම්‌පජඤ්‌ඤං පතොදො පඤ්‌ඤා පඤ්‌ඤින්‌ද්‍රියං පඤ්‌ඤාබලං පඤ්‌ඤාසත්‌ථං පඤ්‌ඤාපාසාදො පඤ්‌ඤාආලොකො පඤ්‌ඤාඔභාසො පඤ්‌ඤාපජ්‌ජොතො පඤ්‌ඤාරතනං අමොහො ධම්‌මවිචයො සම්‌මාදිට්‌ඨි ධම්‌මවිචයසම්‌බොජ්‌ඣඞ්‌ගො මග්‌ගඞ්‌ගං මග්‌ගපරියාපන්‌නං – අයං වුච්‌චති ‘‘සම්‌මාදිට්‌ඨි’’.
තත්‌ථ කතමා සම්‌මාදිට්‌ඨි? ඉධ භික්‌ඛු සම්‌මාදිට්‌ඨිං භාවෙති විවෙකනිස්‌සිතං විරාගනිස්‌සිතං නිරොධනිස්‌සිතං වොස්‌සග්‌ගපරිණාමිං, සම්‌මාසඞ්‌කප්‌පං භාවෙති…පෙ.… සම්‌මාවාචං භාවෙති…පෙ.… සම්‌මාකම්‌මන්‌තං භාවෙති…පෙ.… සම්‌මාආජීවං භාවෙති…පෙ.… සම්‌මාවායාමං භාවෙති…පෙ.… සම්‌මාසතිං භාවෙති…පෙ.… සම්‌මාසමාධිං භාවෙති විවෙකනිස්‌සිතං විරාගනිස්‌සිතං නිරොධනිස්‌සිතං වොස්‌සග්‌ගපරිණාමිං.
තත්‌ථ කතමා සම්‌මාදිට්‌ඨි? ඉධ භික්‌ඛු යස්‌මිං සමයෙ ලොකුත්‌තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට්‌ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්‌තියා විවිච්‌චෙව කාමෙහි…පෙ.… පඨමං ඣානං උපසම්‌පජ්‌ජ විහරති දුක්‌ඛපටිපදං දන්‌ධාභිඤ්‌ඤං, යා තස්‌මිං සමයෙ පඤ්‌ඤා පජානනා…පෙ.… අමොහො ධම්‌මවිචයො සම්‌මාදිට්‌ඨි ධම්‌මවිචයසම්‌බොජ්‌ඣඞ්‌ගො මග්‌ගඞ්‌ගං මග්‌ගපරියාපන්‌නං – අයං වුච්‌චති ‘‘සම්‌මාදිට්‌ඨි’’. අවසෙසා ධම්‌මා සම්‌මාදිට්‌ඨියා සම්‌පයුත්‌තා…පෙ.… අවසෙසා ධම්‌මා සම්‌මාසඞ්‌කප්‌පෙන සම්‌පයුත්‌තා…පෙ.… අවසෙසා ධම්‌මා සම්‌මාවායාමෙන සම්‌පයුත්‌තා…පෙ.… අවසෙසා ධම්‌මා සම්‌මාසතියා සම්‌පයුත්‌තා.
තත්‌ථ කතමා සම්‌මාදිට්‌ඨි? ඉධ භික්‌ඛු යස්‌මිං සමයෙ ලොකුත්‌තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට්‌ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්‌තියා විවිච්‌චෙව කාමෙහි…පෙ.… පඨමං ඣානං උපසම්‌පජ්‌ජ විහරති දුක්‌ඛපටිපදං දන්‌ධාභිඤ්‌ඤං, තස්‌මිං සමයෙ ඵස්‌සො හොති…පෙ.… අවික්‌ඛෙපො හොති. ඉමෙ ධම්‌මා කුසලා. තස්‌සෙව ලොකුත්‌තරස්‌ස කුසලස්‌ස ඣානස්‌ස කතත්‌තා භාවිතත්‌තා විපාකං විවිච්‌චෙව කාමෙහි…පෙ.… පඨමං ඣානං උපසම්‌පජ්‌ජ විහරති දුක්‌ඛපටිපදං දන්‌ධාභිඤ්‌ඤං සුඤ්‌ඤතං, යා තස්‌මිං සමයෙ පඤ්‌ඤා පජානනා…පෙ.… අමොහො ධම්‌මවිචයො සම්‌මාදිට්‌ඨි ධම්‌මවිචයසම්‌බොජ්‌ඣඞ්‌ගො මග්‌ගඞ්‌ගං මග්‌ගපරියාපන්‌නං – අයං වුච්‌චති ‘‘සම්‌මාදිට්‌ඨි’’.}


නාමරූප පරිච්ඡින්න ඤාණය?

Q. නාමරූප පරිච්ඡින්න ඤාණය යනු කුමක් ද?

(නාමරූප පරිච්ඡින්න ඤාණය = නාම-රූප පරිච්ඡේද ඥානය)

A. "... ස්වසන්තානයෙහි ඒ ඒ අවස්ථාවල උපදින උපදින නාමරූපයන් සිහිකිරීම් වශයෙන් සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාට අරමුණු කරා නැමි නැමී ඇදි ඇදී ස්වසන්තානයෙහි චක්ෂුරාදි ද්වාර සයෙහි ඇති වන්නා වූ ධර්ම රාශිය නාමයෝ ය කියා ද, එසේ ම ස්වසන්තානයෙහි ඇතිවන අරමුණු කරා නො නැමෙන නො ඇදෙන අන් අරමුණක් හා සම්බන්ධකමක් නැති ධර්ම රාශිය රූපයෝ ය කියා ද නාම රූප පිළිබඳ නිවැරදි දැනීම ක්‍ර‍මයෙන් ඇති වේ. එය නාමරූප පරිච්ඡේද ඤාණ නම් වූ විදර්ශනා ඥානය ය. ..."

සතිපට්ඨාන භාවනා ක්‍රමය - රේරුකානේ චන්දවිමල මහා නායක හිමි.

"... මනෝ විඥානය පිළිබඳ භාවනාව තවත් විස්තර වශයෙන් කරතහොත් වඩා හොඳය. යෝගාවචරයනට අපහසු වේ දෝ යි මෙහි කොටින් කියන ලදී. මෙහි දැක්වූ පරිදි රූපධාතු හා විඥාන ධාතූන් හා ඒ පිළිබඳ භාවනා කළ යෝගාවචරයා විසින් නාමරූප පරිච්ඡේද ඥානය තවත් පිරිසිදු වනු පිණිස හැකි නම් පඤ්චස්කන්ධය ය, ආයතන දොළොස ය, ධාතු අටළොස ය යන මේ ධර්ම ද උගෙන ඒ ක්‍රම වලින් ද භාවනා කරනු. එසේ කළහොත් නාම රූප පරිච්ඡේද ඥානය වඩාත් පිරිසිදු වනු ඇත. ..."

විදර්ශනා භාවනා ක්‍රමය - රේරුකානේ චන්දවිමල මහා නායක හිමි.

Monday, May 07, 2018

මවා ගත් සිතින් වාසය කිරීම



අපි මේ මහා ලොකුකමක් හිතේ තිබ්බට අපිට හිතන්න ලොකු කිසිවක් නැහැ.අපි ජිවිතේ තියෙන්නේ බොරු ආඩම්බරකාර කමක් විතරයි.ඇත්ත දකින තාක් අපිට පවතින්න මොනවා හරි ඕනනේ.ඇත්ත නැත්නම් අපි පවතින්නේ කුමක් තුලද ? බොරුව තුළ පැවතිය යුතුයි එයා . ඇයි නැත්නම් කොහෙද ඉන්නේ එයා ඇත්ත නොදකින ලෝකයේ ඉන්ට තැනක් එපෑ එයාට අපි ඒ ඇත්තට ආපු ගමන් , ඇත්තට ආපු සැණින් බොරුව අත් හැරෙනවා.ආන් එතකොට අර බොරුව තුළ හිදිම නිසා දැඩි වුන හිත මෙල්ල වෙනවා
හිත දැඩි වෙන්නේ බොරුව තුළ වාසය කරපු නිසා මවා ගත් සිතින් වාසය කල නිසායි දැඩි හිතක් ,බොරු හිතක් ඇතිවෙන්නේ.
ආඩම්බරය , මාන්නය කියන මේ කියන දේවල් බොරු , මවා ගත්ත දේවල් එ නිසා ඇත්ත කල්පනා කරන කොට, අපට සිදුවෙන දේ කල්පනා කරන කොට අර බොරුව දුරු වෙලා සත්‍ය මතු වෙවී.
සත්‍යට අපි පැමිණුන විට ඒ දඩබ්බර හිත අපේ සිතෙන් වෙන්වෙලා යයි.එතකොට අපිට තේරෙයි එ දඩබ්බර හිත තුළ , මාන්නකාර හිත තුළ වාසය කිරීම කොච්චර රළු ද කියලා
එ දඩබ්බර හිත වෙහෙසක් , පිඩාවක් කියලා තේරෙයි.

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් දුක ගැන අපිට කියා දුන් ධර්මය සිහි කරන්න.

එක අපේ ජිවිතයට ගළප ගළපා බලන්න ඕනා.බහුල වශයෙන් කරන්න මෙය අද්භූත දෙයක් නෙවේ.එ තුළ අපට කල්‍යාණ මිත්‍රයන් මුහුණ ගැසේවි.කල්‍යාණ මිත්‍රයන් ලැබෙන කෙනාට සද්ධර්මය ලැබෙනවා.එයා තුළ යෝනිසෝ මනසිකාරය ඇතිවෙනවා.යෝනිසෝ මනසිකාරයයි,සද්ධර්මයයි තියෙන කෙනා සම්මා දිට්ඨිය උපදිනවා.දීර්ඝ සංසාරයේ මේ දේ කර ගන්න නොහැකි වුනේ ඇයි කියලා හිතන්න.
සම්මා දිට්ඨිය ඇති කර නොකර ගැනීමේ හැකියාව හදුනාගෙන එය බැහැර කර ගැනීම පිණිස උපකාරයක් වන සද්ධර්මය ම සිහි කරන්න.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි

“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති,ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”

Saturday, May 05, 2018

වේදනාවෙන් දඟලන්නේ මා යි.




දැන් සමහර දරුවෝ මෑණියන්ට වැඩියෙන්ම ආදරෙ යි. මෑණියන්ට අසනීපයක් හැදුණොත් බොහොම දුක් වෙනවා.එතකොට අමාරු කියල එතන බැඳීමක් තියෙනවා. මොකක්ද මම තදින් අල්ලලා තියෙන්නේ ? අම්ම ව නො මැරෙන්න මම හිතෙන් අල්ලලා. අම්මට දුක් විඳින්නට දෙන්ට බෑ. මැරෙන්ට දෙන්ටත් බෑ කියලා අම්මගේ සුවයයි යහපතයි අල්ලාගෙන ඉන්නවා. ඕක නරකක්ද කියලා ඕන කෙනෙක් අහයි. එයා දන්නෙ ම නැතුව ඒක අස්සේ ද්වේෂයක් තියෙනවා. අම්ම ව අල්ලාගෙන, රුපයක් හංගා ගෙන, ඒක තදින් අල්ලාගෙන මොකක් ද ඒ ? එයාට ඕනෑ එක කරවා ගන්න කෙනෙකු යි මේ අල්ලගෙන ඉන්නෙ. අම්මට මැරෙන්න කාලය ආවහම උන්දැට මැරෙන්න දෙන්නෙ නෑ. මට ඕනෑ වෙලාවට යි උන්දෑ මැරෙන්ට ඕනැත්. ඒවගේ තීරණයක් එක්ක අම්ම ව ජීවත් කරවන්නට යි දඟලන්නේ. එතකොට වෙන්නේ "අනේ! මේ දරුවා අම්මා වෙනුවෙන් විඳින දුකක්! අනේ, මෙහෙම  දරුවනුයි දෙන්න මෙහෙම දරුවනුත් ලැබෙන්න ඕනෑ" කියල කවුරු හරි කියාවි. මෙහෙම වර්ණනා කරන කොට මිනිහා තව තවත් ඒවා කරනවා.

චලනය වීම දක්වා ම රත්වෙන එක නවත්ත ගත්තහම ඒක ලෝකෝත්තරයි. රත්වීම යි නවත්තන්ට ඕනෑ. කාමය මතු කරන තත්ත්වය දක්වා රත් වෙන්ට ඉඩ නොදී ජීවත්වීමට පමණක් අවශ්‍ය රත්වීම පාලනය කර ගත්තහම ඒක ලෝකෝත්තර යි. ඒකෙ නෑ කාමය.ඒකෙ තියෙන්නේ තාප,විද්‍යුත් විතර යි. කාන්දම් නෑ. පාලනය වීමට ඉඩ තියෙනවා. එක වෙනකල් ඒ තත්ත්වය එන කල් ම ඒක වෙනස් නො කර එහෙම ම තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්නකොට ඒක ස්ථිර වෙනවා.

ඒ මෑණියන් පිළිබඳව අර දරුවා අරගෙන තියන තීරණය අප කියනවා හොඳයි කියලා. දරුවා දුක්විඳිනවා. මෑණියන්ගේ වරදක් ද ? නෑ! එයා මෑණියන් පිළිබඳ ව යම්කිසි මතයක බැඳිලා, හිරවෙලා ඉන්න නිසා, ඒ මතය එක්ක එයාගේ තේජස තද වෙලා.මෑණියන් එක්ක බැඳීමක් නෑ.මෑණියන් පිළිබඳ ව කළ යුතු සියල්ල ම  කරනවා.ඒ එකක් එක්ක වත් මට බැඳෙන්න බෑ. අම්මට වත් බෑ අම්මාගේ ජීවිතයේ ඕක වළක්වන්ට.  ඉතින් මම කොහොමද ඒක කරන්නේ ? එහෙම හිතපුවම තද සම්බන්ධතාවය කැඩෙනවා. අඬ අඬා  යම්කිසි දරුවෙකු සලකනවා නම් එයා ද්වේෂයෙනුයි හඬන්නේ. අම්මා ගොඩ ගන්න යි හදන්නේ. නමුත්, ද්වේෂයෙන්.එ තැන මූලධාතුව ද්වේෂය. මේ පීඩා විඳින්නේ ද්වේෂයෙන්. අම්මා මැරෙනවා ට ඇති අමනාපය නිසා. ඒක ද්වේෂය. තද වෙන්නේ කො තැනින් ද කියලා බලන්ඩ ඕනෑ. ඒකට කියනවා විදර්ශනාව කියලා. අම්මා ආශ්‍රිත ව වෙන දෙයකුයි මා අල්ලා ඇත්තේ. මට ද්වේෂ කරන්ට බැහැ. මට පුළුවන් සාත්තු කරන්ට විතරයි.බෙහෙත් දෙන්ට විතර යි. දුකෙන් කරන සංග්‍රහයට වඩා දුක නැතුව ඒක කරන කොට හොඳට කරන්ට පුළුවනි.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි

Friday, May 04, 2018

"ඤායස්ස අධිගමාය" - මහා සතිපට්ඨාන සුත්‍රය ඇසුරෙන්

"ඤායස්ස අධිගමාය" - මහා සතිපට්ඨාන සුත්‍රය ඇසුරෙන්

බුද්ධ ධර්මයේ උගන්වනවා උද්ධච්ච-කුක්කුච්ච කියා එකක්. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ මේ විඳින දුක් විඳගන්න බැරුව තවත් නිමිත්තක ට යනවා. එතැනින් පුළුවන් කියා. එතන බැරි වෙනකොට තවත් එකකට පනිනවා.හරියට බලු මැක්කා වගේ. ඔය විධියේ සීමාවක් නැති තැන් සොයනවා. හිතට සැපක් ඇති ව ඉන්න කියල පැනපු හැමතැනම දුකක්. පනින පනින හැම තැන ම දුකයි. බැරි ම තැනයි මැරෙන්නේ. ඔය සියල්ලම යමෙකුගේ මනසට හේත්තු වී ඇලී ගිලෙනවා. ඒ හේත්තු වී, ඇලී-ගිලගත් ප්‍රමාණයටයි කියන්නේ "ඤායස්ස අධිගමාය" කියලා. ඒ ගිලුණු ක්‍රමය පුද්ගලයා දන්නවා. ජීවිතය පිළිබඳ ඇත්ත තොරතුරු මේ පුද්ගලයා දන්නවා. මේ පදයෙන් පදය තෝරන්නේ ජීවිතයේ ක්‍රියාකාරී පැත්ත පෙන්වන සූත්‍රය මෙය නිසයි. ධර්මය ජීවිතයට ඇතුළත් කරගැනීම ට ක්‍රම පෙන්නලා  තිබෙන්නේ මේ සුත්‍රයෙනුයි.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.


පව් පෝය අනතුර | සාකච්ඡා (කැනේඩියන් ජාතික ජෝ අතුලෝ හිමි)

පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක් - අතුලෝ හිමි ය දවසේ මිනිස්සු අට සිල් ති...