දැන් සමහර දරුවෝ මෑණියන්ට වැඩියෙන්ම ආදරෙ යි. මෑණියන්ට අසනීපයක් හැදුණොත් බොහොම දුක් වෙනවා.එතකොට අමාරු කියල එතන බැඳීමක් තියෙනවා. මොකක්ද මම තදින් අල්ලලා තියෙන්නේ ? අම්ම ව නො මැරෙන්න මම හිතෙන් අල්ලලා. අම්මට දුක් විඳින්නට දෙන්ට බෑ. මැරෙන්ට දෙන්ටත් බෑ කියලා අම්මගේ සුවයයි යහපතයි අල්ලාගෙන ඉන්නවා. ඕක නරකක්ද කියලා ඕන කෙනෙක් අහයි. එයා දන්නෙ ම නැතුව ඒක අස්සේ ද්වේෂයක් තියෙනවා. අම්ම ව අල්ලාගෙන, රුපයක් හංගා ගෙන, ඒක තදින් අල්ලාගෙන මොකක් ද ඒ ? එයාට ඕනෑ එක කරවා ගන්න කෙනෙකු යි මේ අල්ලගෙන ඉන්නෙ. අම්මට මැරෙන්න කාලය ආවහම උන්දැට මැරෙන්න දෙන්නෙ නෑ. මට ඕනෑ වෙලාවට යි උන්දෑ මැරෙන්ට ඕනැත්. ඒවගේ තීරණයක් එක්ක අම්ම ව ජීවත් කරවන්නට යි දඟලන්නේ. එතකොට වෙන්නේ "අනේ! මේ දරුවා අම්මා වෙනුවෙන් විඳින දුකක්! අනේ, මෙහෙම දරුවනුයි දෙන්න මෙහෙම දරුවනුත් ලැබෙන්න ඕනෑ" කියල කවුරු හරි කියාවි. මෙහෙම වර්ණනා කරන කොට මිනිහා තව තවත් ඒවා කරනවා.
චලනය වීම දක්වා ම රත්වෙන එක නවත්ත ගත්තහම ඒක ලෝකෝත්තරයි. රත්වීම යි නවත්තන්ට ඕනෑ. කාමය මතු කරන තත්ත්වය දක්වා රත් වෙන්ට ඉඩ නොදී ජීවත්වීමට පමණක් අවශ්‍ය රත්වීම පාලනය කර ගත්තහම ඒක ලෝකෝත්තර යි. ඒකෙ නෑ කාමය.ඒකෙ තියෙන්නේ තාප,විද්‍යුත් විතර යි. කාන්දම් නෑ. පාලනය වීමට ඉඩ තියෙනවා. එක වෙනකල් ඒ තත්ත්වය එන කල් ම ඒක වෙනස් නො කර එහෙම ම තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්නකොට ඒක ස්ථිර වෙනවා.
ඒ මෑණියන් පිළිබඳව අර දරුවා අරගෙන තියන තීරණය අප කියනවා හොඳයි කියලා. දරුවා දුක්විඳිනවා. මෑණියන්ගේ වරදක් ද ? නෑ! එයා මෑණියන් පිළිබඳ ව යම්කිසි මතයක බැඳිලා, හිරවෙලා ඉන්න නිසා, ඒ මතය එක්ක එයාගේ තේජස තද වෙලා.මෑණියන් එක්ක බැඳීමක් නෑ.මෑණියන් පිළිබඳ ව කළ යුතු සියල්ල ම කරනවා.ඒ එකක් එක්ක වත් මට බැඳෙන්න බෑ. අම්මට වත් බෑ අම්මාගේ ජීවිතයේ ඕක වළක්වන්ට. ඉතින් මම කොහොමද ඒක කරන්නේ ? එහෙම හිතපුවම තද සම්බන්ධතාවය කැඩෙනවා. අඬ අඬා යම්කිසි දරුවෙකු සලකනවා නම් එයා ද්වේෂයෙනුයි හඬන්නේ. අම්මා ගොඩ ගන්න යි හදන්නේ. නමුත්, ද්වේෂයෙන්.එ තැන මූලධාතුව ද්වේෂය. මේ පීඩා විඳින්නේ ද්වේෂයෙන්. අම්මා මැරෙනවා ට ඇති අමනාපය නිසා. ඒක ද්වේෂය. තද වෙන්නේ කො තැනින් ද කියලා බලන්ඩ ඕනෑ. ඒකට කියනවා විදර්ශනාව කියලා. අම්මා ආශ්‍රිත ව වෙන දෙයකුයි මා අල්ලා ඇත්තේ. මට ද්වේෂ කරන්ට බැහැ. මට පුළුවන් සාත්තු කරන්ට විතරයි.බෙහෙත් දෙන්ට විතර යි. දුකෙන් කරන සංග්‍රහයට වඩා දුක නැතුව ඒක කරන කොට හොඳට කරන්ට පුළුවනි.
පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි
No comments:
Post a Comment